ඉන්‌දියාවේ ට්‍රිපල් තලාක් (Triple-Talaq) නඩු තීන්‌දුව හා ලංකාවේ අනාගතය – 1 කොටස
Posted on November 30th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

හැඳින්‌වීම

මුස්ලිම් පිරිමියෙකුට, තලාක් යයි තුන්වරක් කියා, විවාහයක් අහෝසි කිරීමට තිබූ <අයිතිය> නීති විරෝධී කරමින් ඉන්දියාවේ සුප්‍රීම් උසාවිය විසින් 2019 අගෝස්තු 1 දා දෙනලද නඩුතීන්දුව දෙස පැති කීපයකින්ම බැලිය හැකිය. මුස්ලිම් ස්ත්‍රිය වහළෙක් කිරීම එකකි. ජීව විද්‍යාවට පටහැනි ඇදහීම තව එකකි. එය හා ශාරියා-වහබ් ව්‍යාප්තවාදය අතර ඇති සම්බන්‌ධය එහි භයානකම පැත්තය. එය විමසා බැලිය් යුතුය. වර්‌ෂ 1,400 ක්ම පැවති විශ්වාසයක්/ඇදහීමක් නිසා එය දිගටම භුක්තිවිඳීමට ඉන්දියාවේ මුස්ලිම් නීති සංවිධානය නොකළ උත්සාහයක් නැත. එක රටක්-එක නීතියක් යන, ජනාධිපති ගෝඨාභයගේ තේමාව යටතේ, (1) තලාක්, (2) කාති උසාවි හා (3) බහු භා‌ර්‌යා ලිංගික වාසිය, අවම වශයෙන් නීතියෙන් තීරණය කල ඉදිරි වර්‌ෂයකට පසුව උපදින මුස්ලිම් පිරිමින්ගේ සිටවත් තහනම් කිරීම ඉතාමත් වැදගත් වන්නේ, ඒවා දැන් ශාරියා ගර්‌භාෂ යුද්‌ධයේ ආම්පන්න බවට පෙරලාගෙන ඇති නිසාය.

රටපුරා ශීග්‍රයෙන් පැතිරෙන දඩබ්බර මුස්ලිම් ගම්මාන (නිදසුන බණ්ඩාරගම, අටළුගම), හා සිංහල ඉඩම් අඟලෙන් අඟලට මිලට ගැනීම (නිදසුන් දෙහිවල), අහිංසක අහම්බ සිද්‌ධියක් නොව, අරාබි ඩොලර් හරහා සංවිධානාත්මකව හෙමින් හෙමින් ක්‍රමාණුකූලව කරගෙන යන ලංකාව ඉස්ලාම් කිරීමේ ව්‍යාපාරය සඳහා, ඉදිරියේදී පල්ලියේ <තණ කොළ කපන්නට> කඩු ගබඩා කරණ ඉස්ලාම් බලකොටු බව, පාස්කු ප්‍රහාරයෙන් පසු එලිවිය. කාන්තන්කුඩිය නගරයට ඉස්ලාම් පල්ලි 67 ක්ම ඕනෑ ඒ නිසාද? ඇමෙරිකන් පාසැල් සැදීම, ටෙලිෆෝන් ගෙනයාම එම් සීසී

ගෝඨා-භය

එක රටක්-එක නීතියක් යන්න, ජේ.ආර්ගේ ධර්මිෂ්ට කතාව හෝ යහපාලනකාරයින්ගේ ලිච්චවි කතාව මෙන් දියවී නොයෑමට නම් ඊට විරුද්‌ධව ක්‍රමයෙන් ගොඩනඟන ව්‍යාපාරය වටහා ගැනීමත්, එය මතවාදයෙන්ම පැරදවීමත් අත්‍යාවශ්‍යය. ඉදිරියේ ඇතිවන මුස්ලිම් විරෝධයේදී අලි සබ්‍රි අතරමංවෙනු ඇත. ඔහු මුස්ලිම් ජන වර්‌ගයේ ගැලවුම්කාරයා, ද්‍රෝහියා යන දෙක පද දෙකට මැදිවෙනු ඇත. දැනට ඔහු කොරෝනා මුස්ලිම් මිණී ගිනිතැබීම ගැන කොරෝනා භූගෝල විද්‍යාව ගැන නොදැන කණස්සල්ලෙන් මුහුණු පොතේ සටහන් තබමින් සැනසෙමින් සිටී. සජිත් ප්‍රේමදාස, රනිල්ගේ සිංහල ද්‍රෝහී න්‍යාය පත්‍රය වඩාත් අඥාන ලෙස ගෙනයනු ඇත.

කොරෝනා මිණී හා සජිත්

නිදසුනක් වශයෙන්, සුළු ජනවර්‌ගවලට නන්-මැජෝරිටේරියන් විසඳුම් ලබාදිය යුතුය යන මුවාවෙන්, රට මකබෑ වුනත්, චන්ද පෙරේත දේශපාලනයක සජිත් යෙදී ඇති ආකාරය, විරුද්‌ධ පක්‍ෂයේ නායකයා ලෙස, <ඉස්ලාම් ආගමට අනුව මරණ පුච්චන එක පාපකර්‌මයක්> යනුවෙන් පාර්ලිමේන්තුවේදී කල (නොවැම්බර් 3, 2020) ප්‍රකාශයෙන් එලිවේ. සිය ආර්‌යාව සමඟ, නිතර නිතර, (බුදු පිළිම නුරුස්සන, කොළඹ නගරාධිපතිනි රෝසි බර්නැඩින් සේනානායක විසින් ක්‍රිස්තියානී කරවනලද මවක් හා සහෝදරියක් සිටින), ක්‍රිස්තියානි පල්ලියට යන අයෙකු වශයෙන් ඔහු විසින් කලයුතුව තිබුණු කුහක නොවන කතාව නම්, <ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් වලට අනුව මිණී පුච්චන එක පාපක‌ර්‌මයක්> යයි නොවේද යනුය.

ගෝනි බිල්ලා නිකාබය හා රනිල්

මේ හැසිරීම, තොප්පිගල කියන්නේ කැලයක්, පොසොත් කියන්නේ ලංකාවට සිදුවූ ප්‍රථම ආක්‍රමණය, (සටන් විරාම පාවාදීම, මිලේනියම් සිටි පාවාදීම හා නෝර්වේ බලධාරීන්ට කතාකර කරුණා අම්මන් ප්‍රභාකරන්ගෙන් කැඩීයාම නවත්‌වන්නට ගත් උත්සාහයට අමතරව [බලන්න-උපුල් විජයවර්‌ධන, අයිලන්ඩ්, 17/8/2020], යන රනිල්ගේ සිංහල බෞද්‌ධ විරෝධී හැසිරීම සමඟ ගැලපෙන තරම ගැන කදිම නිදසුණක් නොබෝදා එලිවිය. බුර්‌කා (නිකාබය) තහනම් කිරීමට 2016 නොවැම්බර් මස ආරක්‍ෂක කවුන්සිලය එකඟ වුවත්, රනිල් වික්‍රමසිංහ ඊට විරුද්‌ධ විය. ඒ තීරණය පත්තර වලට ලීක්‌වූ නිසා ඒ අදහස යටගියේය. මෙසේ ලීක් කලේ රනිල්ද, පූජිත ජයසුන්දරද යන සැකය නිසා ඒ දෙන්නාටම ආරක්‍ෂක කවුන්සිලයට ඒම තහනම් කල බව ජනාධිපති සිරිසේන පාස්කු කොමිෂමට එලිදරව් කලේය. මේ කාරණා වලින් පෙනෙන්නේ එක රටක්-එක නීතියක් යන අදහසට විරුද්‌ධ වන බලවේග වලදී දැන් නොමළත් මළ රනිල් හා සජිත් ප්‍රමුඛ භූමිකාවක් ඉෂ්ඨ කරණ බව නොවේද?

බල්ලා හා මිනිසා

බල්ලෙක් වුවද මුලින්ම බලන්නේ මිනිසාගේ මූණ දෙස නිසා මේ මූණ වැසීම ලෝක ස්වභාවයට පටහැනිය. රනිල් එයට පක්‍ෂ වන්නේ සිහිවිකල්, අසාමාන්‍ය කෙළෙස් භරිත පංචස්කන‌ධයක් නිසාද? නොවැම්බර් 26 දා දෙහිවලදී බුර්‌කාව දාගත් පිරිමියෙකු මිනිසුන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලදී (කලම්බුටුඩේ, 11/27/2020). ගල්කිස්ස මහේස්ත්‍රාත්ගේ නියෝගයවූයේ ලක්‍ෂ 10 කා ශරීර ඇපමත මුදාහල ඔහු විසින් අංගොඩ මානසික රෝහලේ වෛද්‍ය වරයෙකුගෙන් ලබාගත් වාර්තාවක් සමඟ ජූනි 10 දා නැවත පෙනී සිටින ලෙසය. පිරිමියෙක් මුහුණ වසන්නේ ඔල්මාදය නිසාද, ඔච්චමටද නැත්නම් හොරකමක් කිරීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකටද යන්න දන්නේ මහේස්ත්‍රාත්ලා නොව දෙවියන් පමණය.

තමන්කඩුවේ හරක්

මුස්ලිම් මිනිසුන්, පොලොන්නරුවේ, තමන්කඩුවේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඔවුන්ගේ යහපාලන හරක් සඳහා තණබිම් වශයෙන් නිදැල්ලේ තවදුරටත් යොදාගැනීම, වනජීවි ආරක්‍ෂක නිලධාරීන් විසින් තහනම් කලවිට, වනජීවී ඇමති විමලවීර දිසානායක එය නතර කිරීමට යෑමද මෙවැනිම පෙරේත වැඩකි (සිංහරාජ අඩවියේ ලංකාගම මිනිසුන්ට අත්‍යාවශ්‍ය පාරක් කපාදීම හා මේ සිද්‌ධිය එක සමාන නොවේ). සජිත්ලා, රනිල්ලා මෙන්ම විමලවීර වැනි කෙනෙක් පවා මෙසේ අඥාන ලෙස හැසිරීම වේදනා ගෙන දෙයි. ඊට හේතුව මෙම පුරා විද්‍යා නටබුන් පිරි ජාතික වන රක්‍ෂිතය ගව ගාල් ලෙස මුස්ලිම් මිනිසුන් විනාශ කිරීමට යහපාලන කාලයේදී ක්‍රියාකලේ, ඊට විරුද්‌‌ධව 2016 දී නඩු 219 ක්ම පවරා, ඒවා ඉවත් කරණ ලෙස 2018 දී සිට උසාවි තීන්‌දුවක් දී තිබියදී මේ විමලවීර තම හෝම් වර්ක් නොකර කලදේය. ඔහුට හොඳ පාඩමක් සිංහලේ අපි සංවිධානය විසින් ඉගැන්‌වූයේය. ජඹුරේවල චන්දරතන තරුණ හිමියන් බොදු බල සේනාව පෙන්‌වා දුන් අඩිපාරේ යමින්, (මිලිටන්ට් බුඩිස්ට් මාර්‌ගය- සංවිධානාත්මක අහිංසාවාදී විනයගරුක විරෝධය, ගාන්‌ධි-මාටින් ලූතර් කිං පාර) එහි ගොස් වැටවල් කඩා දැනටමත් ඇමතිව දමණය කර ඇත (ලංකා සී නිව්ස්, නොවැම්බර් 28).

කාති උසාවි හා මුස්ලිම් අන්තඃපුර

මේ දිග විස්තරයේ අරමුණ වූයේ 1951 දී ටී. බී. ජයාගේ ඉල්ලීම මත නීතිගත කල කාති උසාවි ක්‍රමය සමහර විට ලෝකයේ මුස්ලිම් නොවන රටක සිදුවූ එවැනි පරිත්‍යාගයකි. මුස්ලිම් ජනයාට ලංකාවේ ආණ්ඩු විසින් ලබාදී ඇති සහන සංඛ්‍යාව විශාලය. සෙනරත් රජතුමා පෘතුගීසී ඝාතනයෙන් බේරීම සඳහා උඩරට හා නැඟෙනහිර වෙරළේ ඔවුන් පදිංචිකරවීමේ සිට විල්පත්තු කැලය කැපීම දක්‌වාම මේ සිංහල වෙස්සන්තර කතාව දුවන්නේය. යහපාලනකාරයින් ඇමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය නොදීම නිසා පාස්කු ප්‍රහාරය සිදුකලා යයි මතයක් මේවන විට පැතිරී ඇත. ඊට දින කීපයකට පෙර කාත්තන්කුඩිය අසල ඇමෙරිකන් නාවික හමුදාව විසින් සෑහෙන නේවාසික පහසුකම් (නාවික භටයින්ට?) සහිත විශාල පාසැලක් සදා එය තානාපතිනිය විසින් විවෘත කිරීමත් (තව පාසැල් සැදීමට නියමිතය, අනාගත ෂුනාමි සඳහා?), සහරාන්ලාගේ ටෙලිපෝන් ආදිය ඇමෙරිකන් චරපුරුෂ නිලධාරීන් විසින් ගෙනයාමත් අහම්බ සිදුවීම් නොවේ. රජය මුස්ලිම් මානව හිමිකම් කඩකිරීම පාස්කු ප්‍රහාරයට හේතුවූ බව සුමන්තිරන් විසින් ප්‍රකාශ කලේය. මේ හැම පැත්තෙන්ම එන අනතුරු ඇඟවීම නම්, <එක රටක්, එක නීතියක්> යන කතාව, ක්‍රියාවෙන් ඔප්පු කිරීම කෙතරම් දුෂ්කර විය හැකිද යන්නය.

ආණ්ඩුකාර අසාද් සාලිගේ මානව අයිතිවාසිකම (හියුමන් රයිට්)

කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරණ හා උනන්‌දුවක් දක්‌වන ලංකාවේ හා ලෝකයේ සෑම සංවිධානයක්ම, සෑම පංචස්කන්‌ධයක්ම, දැනගතයුතු වැදගත් තොරතුරක් නම් ඉන්‌දියාවේ මුස්ලිම් ස්ත්‍රීන් දිනාගත්, යම් මුස්ලිම් සැමියෙක් විසින්, <තලාක්> යයි තුන්වරක් කියා, සිය බිරිඳ(ක්) දික්කසාද කිරීමේ ඉස්ලාම් සම්ප්‍රදාය, ව්‍යවස්ථා විරෝධී කරමින්, ඉන්දියාවේ සුප්‍රීම් උසාවිය දුන් නඩුතීන්‌දුව වැදගත් වන්නේ, ඉන්දියාව ලෝකයේ තුන්වන වැඩිම මුස්ලිම් ජනසංඛ්‍යාවක් සිටින රටද නිසාය. එය මිලියන 200 කි. ලෝකයේ මුස්ලිම් ජනයාගෙන් 10% කි. පකිස්ථානයේ හා බංග්ලාදේශයේ මෙම තලාක් කතාව තහනම් කර තිබෙන්නේ කෝරානයේද එය සඳහන් කර නැති නිසාය. 1956 සිට බහු භා‌ර්‌යා (පොලිගමි) සිරිත/වාසිය, ඉන්දියාවේ තහනම් කර ඇතත්, මුස්ලිමුන්ට ගැහැණුන් 4 ක්ද, ගෝවේ හා බටහිර වෙරළ දිගේ හින්දූන්ට ඔවුන් දෙන්නෙක් බැගින්ද තබාගත හැකිය!

මෙම නඩුවේ ආරම්භ වන්නේ දික්කසාද නඩුවලදී මුස්ලිම් ස්ත්‍රීන්ට වෙනස්කමක් (ඩිස්ක්‍රිමිනේෂන්) වේද යන කාරණය සම්බන්‌ධයෙන් 2015 ඔක්තෝබර් 16 දාය. ඉන් පසුව, 2016 පෙබරවාරි 5 දා එය ට්‍රිපල් තලාක්, නිකා හලලා හා බහු භාර්‌යා විවාහ පිළිඹඳ නඩුවක් බවට පත්‌විය. 2017 මැයි 16 වන විට, මුස්ලිම් සංවිධාන කියා සිටියේ ට්‍රිපල් තලාක් වැනි අවුරුදු 1400 ක් පැරණි ආගමික විශ්වාසය (මැටර්ස් ඔෆ් ෆේත්) හා බැඳුණු කරුණු, ව්‍යවස්ථාමය සදාචාරය (කන්ස්ටිටියුෂනල් මොරැලිටි) අනුව විමසා බැලීමට සුප්‍රිම් උසාවියට බලයක් නැතිය යනුවෙනි. ට්‍රිපල් තලාක් යනු හරියට රාමා අයෝධ්‍යාවේ උපන්නාය යන ඇදහීම (බිලීෆ්) වැනිම දෙයක් යයි ඔවුන් කියා සිටියේය. නොයෙක් කාරණා දක්වම්න් (ට්‍රිපල් තලාක් භාවිතා කරණ පුරුෂයින්ව සාමාජයෙන් ප්‍රතික්‍ෂේප කරවනවා වැනි ආගමික ගයිඩ්ලයින්ස්) මුස්ලිම් සංවිධානය (ඕල් ඉන්ඩියා මුස්ලිම් පර්‌සනල් ලෝ බෝඩ්) තලාක් බේරා ගැනීමට ගත් උත්සාහ, උසාවිය විසින් භාරගත්තේ නැත.

බහුභාර්‍ය්‍යා හෙවත්, එකවර ස්ත්‍රීන් හතර දෙනෙක් දක්‌වා ගෙදර තබාගැනීමට මුස්ලිම් පිරිමියාට ඇති අයිතිය මෙම තලාක් කාසියේ අනිත් පැත්තය. මෙම අයිතිය නිලවශයෙන් ලංකාවේදී ප්‍රදර්‍ශණය වූයේ යහපාලන කොළඹ ආණ්ඩුකාරයාව සිටි අසාත් සාලි දෙපැත්තෙන් ස්ත්‍රී-භාර්‌යාවන් දෙන්නෙක් සමඟ නිදහස් දින සැමරුවකට එන අවස්ථාව රැස්විම් නිවේදකයා විසින් ප්‍රකාශ කිරීමෙනි. අසාද් සාලිගේ පුතාලා කෙසේ වෙතත් ඔහුගේ මුණුපුරාලාට වත් එකවර ගෑණු දෙතුන් දෙනෙක් නිවසේ කාමරවල තබා ගැනීම තහනම් කරණ නීතියක් ඒවිද? ස්ත්‍රියට වෙනස්කම් කරණ හා බෙදුම්වාදයට කරදෙන තේසවලාමෙයි නීතිය තහනම් කරාවිද? එකගෙයි කෑම වැනි උඩරට චාරිත්‍ර නම් ඉබේම අහෝසිවී ගියේය. උඩරටට විශේෂිත යම් නීති තවමත් තිබේ නම් ඒවා අහෝසි කිරීමට විරුද්‌ධවන පංචස්කන්‌ධ නැත.

මීලඟ කොටස

ථේරි ගාථා

බයිබලය අනුව සිතා බලන විට, ස්ත්‍රී-පුරුෂ දෙපක්‍ෂය අතර ඉබේටම උස්-පහත් කමක් ඇතිවූයේ, දෙවියන් විසින් ඇඩම්ගේ භාර්‌යාව වීම සඳහා ඊවා මැවුවේ ඇඩම්ගේ ඉල ඇටයකින් වීම නිසාය. ඉන්දියාවේ සිදුවූ කතාව මීට වඩා බරපතලය. මහා බ්‍රහ්මයා, බමුණු කුලයේ පිරිමියා මැව්වේ ඔහුගේ හිසෙන්‌ය. ස්ත්‍රිය ආවේ පතුලෙන්‌ය. එහෙත් බුදුරදුන් කල සමාජ විප්ලවය නම් මේ බ්‍රාහ්මණයා, ඇත්තටම එන්නේ ස්ත්‍රියකගේ යෝනියෙන් බව පෙන්‌වා දීමය. පසු කලෙක සති පූජාවට අනුව බලෙන් හෝ වැන්දඹුව ගිනිමැළයට දැම්මත්, බිරිය මළ විට සැමියාට ඒදේම කලේ නැත. මෑතකාලයේ චීනයේ <එක පවුලට එක දරුවා> යන නීතිය පවතිද්දී, ජෝඩු විසින් හොරෙන් ගෑණු බිලිඳුන් විනාශ කලේ ඉදිරියේදී පිරිමි දරුවෙකු පතාය……

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress