අග්‍රාමාත්‍යතුමා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගනියි
Posted on December 11th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2020.12.11 දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තේය.

ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක  ආශිර්වාද ලබා ගත්තේය.

උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා,  කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කළේය.

රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන  නාහිමියෝ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress