මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි
Posted on December 26th, 2020

සිරංගිකා ලොකුකරවිට උපුටාගැණීම ලංකාදීප

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර යන මහත්වරුන් පවසන්නේ එම සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව මළ සිරුරක වයිරසය සක්‍රීය මට්ටමේ පවතින ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් මතුවන බවයි.
ඔවුන් පවසන්නේ, ගාල්ල දෙද්දුගොඩ දී මියගිය පුද්ගලයාගේ මළ සිරුර රජයේ වියදමින් ආදාහනය කිරීමට ගෙන යාමට පෙර කිහිපවරකදී ගන්නාලද සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් එම මළ සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ පැවැති බව තහවුරු වූ බවයි.
එම පුද්ගලයා මියගොස් දිනකට පසු ප්‍රථම සාම්පලය ද, දින 03කට පසු දෙවන සාම්පලය ද ලබාගෙන තිබූ අතර, තෙවන සාම්පලය ගෙන තිබුණේ මියගොස් දින 05ක් ගතවූ පසුවය. මෙම සාම්පල තුනම ධනාත්මක ප්‍රථිපල පෙන්වූ බව වෛද්‍යවරු කියති. මළ සිරුරක කොරෝනා වයිරසය පවතින කාලය පිළිබඳ නිශ්චිතව දැනගැනීම සඳහා පර්යේෂණයක් මෙතෙක් සිදුකර නොමැති නමුත් වෛද්‍යවරුන්ගේ පිළිගැනීම වූයේ මළ සිරුරක කොරෝනා වයිරසය පවතින්නේ දින 04ක පමණ කාලයක් බවයි. එසේ වුවද මෙම මළ සිරුරෙන් 05වන දිනයේ ලබාගත් සාම්පලය ද ධනාත්මක වී තිබිණි.
ඒ අනුව වෛද්‍යවරුන් පවසන්නේ මළ සිරුරුක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වයිරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වූ බවයි. ඇතැම් කණ්ඩායම් විසින් කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම සඳහා ඉල්ලීම් කළ ද එය ප්‍රායෝගික නොවන බව මේ අනුව පැහැදිලි වන බවත්, වෛද්‍යවරු කියති.
84 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයා පසුගිය 19 වැනි දින උදෑසන නිවසේ දී මියගොස් තිබිණි. කොරෝනා ආසාදනය වී රෝහල්ගතව පැමිණ සිටි අයකු බැවින් ඔහුගේ මරණය කොරෝනා ආසාදිතයකු ලෙස සළකා ආදාහනය කිරීමට ඥාතීන් එරෙහි වූ බැවින් 20 වැනි දින මළ සිරුරෙන් පළමු පීසීආර් පරීක්ෂණය සිදුකළ අතර ඉන් තහවරු වූයේ ඔහුගේ සිරුරේ ඒ වනවිටත් කොරෝනා වයිරසය ඇති බවයි.
නමුත් එම ප්‍රතිඵලය පිළිගැනීමට ඥාතීන් සූදානම් නොවූ අතර ඔවුන් මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු බැවින් දේහය ආදාහනය කිරීමට එරෙහිව අධිකරණයට ද ගියේය. මේ අතර 22 වැනි දා මළ සිරුරෙන් දෙවැනි පීසීආර් පරීක්ෂණයක් පැවැත්වූ අතර එයින් ද සනාථ වූයේ තවදුරත් එම සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ තිබෙන බවයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අනුව සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි දේහය දඩල්ල ආදාහනාගාරයේ දී 24 වැනි දින එනම් මියගොස් දින 05කට පසුව ආදාහනය කෙරිණි. සිරුර ආදාහනය කිරීමට සුළු මොහොතකට පෙර ලබාගත් තෙවැනි සාම්පලයේ ප්‍රථිපල අද (26) දින ලැබි තිබිණි.

2 Responses to “මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි”

  1. Ratanapala Says:

    BURIAL OR CREMATION?

    Islamists are on a warfooting – grabbing land. Islamic burial is one way of claiming land. Every place a Muslim is buried they claim is sacred to them for they visit such burial grounds and perform religious rites. In the process they continue to grab land from around the area where they are buried. This was happening around Kuragala – one of the claims to Kuragala was the Muslim burial grounds in that area.

    When the then Libyan Leader visited Sri Lanka in 1976 to attend the Non Aligned Countries Conference held in Colombo, he admonished the Muslims of Sri Lanka to buy land especially along major roads where trade takes place, to erect mosques so that their daily wailing can be heard from the next mosque and then to increase the Muslim population. Since then all of this has happened much much more than he ever anticipated, thanks to Sinhalese politicians.

    For most parts throughout the island there is illegal land grabbing – Wilpaththu, RItigala, Devenagala , Muhudu Maha Viharaya were in the news recently. In other areas land grabbing takes place through legal buying using their buying power. Ruppee which has only a transitional value is being used to buy real estate with an eternal value.

    This is happening in all major cities street by street. Colombo, Kandy , Galle just to mention a few are already lost due to spineless lily-livered guttersnipes our politicians our leaders. They are failing us bigtime – for they barter our birth rights for minority votes and political power!

  2. Ratanapala Says:

    https://www.facebook.com/SinhaleseRepublic/videos/4149248791770545/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress