ගායකයා, පුජකයා හා ප්‍රේක්‍ෂකයා
Posted on January 31st, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ගායකයා වික්ටර් රත්නායකය, පුජකයා නව ආගමික කල්ලියක පුජකයෙකි. ගායකයා රෝගාතුරවූ විට ඔහු ලෙඩෙකි. එවිට ඔහු යා යුත්තේ, වෛද්‍යවරයෙකු වෙතය. ඒ නිරෝගී බාවය ලබා ගැනීම සඳහාය. මේ රෝගීවූ ශරීරයෙන් මනෝකායට ඉවත්වීමට ඇති ඉඩකඩ ඇහිරීම සඳහා ශරීරයට මෙන්ම මනොකායටද ප්‍රතිකාර අවශ්‍යය. ශරීරයට වෛද්‍යවරු ප්‍රතිකාර කරන අතර, මනොකායට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද ගණනාවක්ම තිබේ. ඒ සඳහා මනෝ වෛද්‍යවරයෙක් හෝ ආගමික පුජකවරයෙකුගේ සහය ලබාගත හැක. වික්ටර් රත්නායකන්  ඒ කටයුතු දෙකම කර ඇත.

දැන් ගායකයා අගය කල ප්‍රේක්ෂකයාට ගැටලුවක් මතුව ඇත.ලක්ෂ ගණනක් වූ ජනතාවගේ මනස තම ග්‍රහණයට ගෙන සුවපත්කල ගායකයා මේ කරන්නේ මොන විකාරයක්දැයි සමහර ප්‍රේක්ෂකයින්ගේ මනස තුල සිතුවිලිදාමයක් නිර්මාණය වී ඇත. ඔවුන් ඒ සම්බන්ධව විවිධ කතා ලියා පල කරන බවක් පෙනේ. ඒ ඔවුන් තුල වික්ටර් රත්නායක නම්වූ ගායකයා කෙරෙහි ඇති භක්තිමත් බාවය හේතුවෙනි.

ගායනය යනු මිනිසෙක් තුල පිහිටන සුවිශේෂී හැකියාවකි. වික්ටර් රත්නායකයන් තුල ඒ කලා කුසලතාවය ඉතා ඉහල මට්ටමක තිබුණි. ගුත්තිල පඬිතුමාට විණා ගායන හැකියාව තිබු ආකාරයට වික්ටර් රත්නායකයන්ට විණාව වයමින් ගායනය කිරීමේ හැකියාව මනාව පිහිටා තිබුණි.

අප ඔහුගෙන් ආදරයේ පිවිතුරු බව වටහා ගත්තෙමු. සංසාරගතව රැගෙන එන ආදරය,ඇතිවෙමින් නැතිවෙමින් යලිදු ඇතිවෙමින් සසර පුරාම ගලා යන ආකාරය අවබෝධ කර ගත්තෝ වෙමු. ආදරය කරන දෙය සුරැකීම මිස විනාශ නොකරන අපි අපට ලංවුවන්ට මෙන්ම, අපව අත්හැර ගියවලුන්ටද එකසේ ආදරය කරන්නේ යලි මතු දිනයක ඒ අයද යලි යලි මුණගැසෙමින්  මේ සසර ගමන අඛණ්ඩව යන බව දන්නා බැවිනි.

වික්ටර් රත්නයකයාණන් ගායකයෙකි. ඔහු අද්විතීය ගායකයකි. ඔහුගේ හඬ තුලින් ඉස්මතුව එන්නේ වික්ටර් රත්නයකයානන්ගේ සිතුවිලිම නොවේ. නමුත් ප්‍රේක්ෂකයා මන බැඳ ගන්නේ මේ පද රචනාවන් අපුරුවට ගයන ගායකයාටය. ඒ බැදීම ආත්මීය බන්ධනයක් ඇති කරයි. එබැවින් ඔහු ගයන ගායනා තුල ඇතිදේ ඔහුගේ සැබෑ ජීවිතය තුලින් ගිලිහි ගිය විට ඔහුට චෝදනා කිරීමට ප්‍රේක්ෂකයාට සිතුවිලි පහල වේ. ඉක්මන් නොවන්න. ඔහු අප වෙනුවෙන් කල යුතුදේ සිදුකර හමාරය.
ඔහු රට ජාතිය වෙනුවෙන් කලයුතු කාර්ය ඉතා ඉහලින් සිදුකල ගායකයෙකි. මේ අවස්ථාවේදී ඔහුට ගරහන්න එපා. අපේ ආදරය පුදකරන්න. ඔහුට සුවය පතන්න. වික්ටර් රත්නායකයන්ට නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! මතු  බවයකදී නිර්වාන සම්පත්තිය ලබත්වා!යි පතමු.

One Response to “ගායකයා, පුජකයා හා ප්‍රේක්‍ෂකයා”

  1. DR M D P DISSANAYAKE Says:

    වික්ටර් රත්නායකයන් අද සිටින්නේ ඉතා දුබලවය. ඔහු මොන අයුරින් හෝ සුවවිය යුතුය. ඔහුට සමච්චල් නොකරනු
    Mohen Mulawela song lyrics by Victor Rathnayake official
    මෝහෙන් මුලා වෙලා
    මානෙන් උදම් වෙලා
    තණ්හාව ක්රෝධ ද්වේශ
    පාරේ
    මිනිසා කොහේද මේ…

    රත්තරන් කෙණ්ඩියේ සිංහ
    තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා
    බැබලේ
    එය රැකීම අප උරුමේ වේ…

    කේළම් කීමෙන්
    ඕපදූපයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින්
    හතුරු වී
    උගුල් අදින්නා යයි දිය
    වී
    බොරුවෙන් රට පිරිහේවී…

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක්
    කපන්නා
    ඒ තුළ වැටිලා මිය යන්නා
    කළ දේ පල දේ එලෙසේ…

    පද රචනය – සිරිල් ඒ
    සීලවිමල
    තනු නිර්මාණය හා සංගීතය
    – ආර්.ඒ. චන්ද්රසේන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress