ඝාතකයා සමග යහන්ගතව හිස සුන් කර ගැනීම.
Posted on March 6th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඝාතකයා සමග යහන්ගතව, විනාශය කරා ගමන් කිරීම, මේ රට තුල සිදුවෙන සාමාන්‍ය ක්‍රියාදාමයකි. එය යලි යලිත් සිහියට ගන්වමින් ඉතිහාසයේ තවත් වාරයකදී ඝාතකයා හා සරණ බන්ධනයට යන යුවතියක අප අද දිනයේදී දකින්නෙමු. කතෝලික ප්‍රජාව අද කළු ඉරිදාවක ප්‍රකාශයට පත්කර, කළු සරණ පැතීම අද දින සිදු කරයි. එය නම් කොට ඇත්තේ කළු ඉරිදා වශයෙනි.

කළු පාට සංකේතවත් කරන්නේ, යක්ෂයාය. මුස්ලිම් අන්තවාදීන්ගේ වර්ණයද වන්නේ කලුපාටය. සහරාන් හා උන්ගේ මැර කණ්ඩායම පාස්කු ප්‍රහාරයට පෙර දිවුරුම් දුන්නේද කළු වර්ණයෙන් සැරසිගෙනය. අන්තවාදී මුස්ලිම් කතුන්ට ඇඳීමට සිදුව ඇත්තේද කළු බුර්කාවයි. ඒ කළු වර්ණය අද දිනදී ශ්‍රී ලංකාවේ සියලුම කතෝලිකයින්ට ඇදගෙන පල්ලි වලට පැමිණෙන සේ අගරදගුරු සභාව කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.

මේ යෝජනාව කිසිසේත්ම අගරදගුරු රංජිත් මැල්කම් පියතුමාගේ හදවත තුල ජනිතව එලි දැක්වුණා යෝජනාවක් සේ අපි කිසිසේත්ම පිලි නොගනිමු. මෙය මුස්ලිම් අන්තවාදීන්ගේ ගැලවුම්කරුවෙකු විසින් යෝජනා කොට අගරදගුරු සභාව තුලින් සම්මත කොට සමාජගතවුවක් ලෙස අපි දකින්නෙමු. එසේ දැකීම සම්බන්ධව කිසිදු වරදක් නොවන්නේ, මේ කතෝලික සභාවේ බොහොමයක් පියතුමන්ලා දෙමල කොටි ත්‍රස්තවාදය සමගද බද්ධව කටයුතු කල ඉතිහාසයක් තිබුන බැවිනි.අදත් එතුමන්ලා දෙමල කොටි ඩයස්පෝරාව සමග කටයුතු කරන බවද දන්නා බැවිනි.

දැන් අද දින කළු ඇඳගෙන විරෝධතාවයන් දක්වන්නේ ඇයි?

1.ඉතිහාසයේ පළමුවරට ජනාධිපති කොමිසන් වාර්තාවක් ලැබුන සැනකින් ජනතාවට දැක ගැනීමට සලස්වා තිබෙන තත්වයක් තුල,.

2.පාස්කු ප්‍රහාරයේ සැබෑ දේශීය ඒජන්තවරුන් කොටුකොට නඩුපැවරීමේ කටයුත්තක් ඇස් ඉදිරියේ දක්නට ලැබෙන බැවිනි.

දැන් පාස්කු ප්‍රහාරයේ,මහා මොලකරුවන්ට තම හිතවත් දේශීය මුස්ලිම් අන්තවාදින් ගලවා ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනේ.. ඒ කෙසේද යත් කොටි ත්‍රස්තවාදීන් අවසන් මොහොතේ කොටුවී සිටින විට එහි මහා මොළ කරුවන් සිය විදේශ ඇමතිවරුන් වහාම මෙරටට ඒවා ඔවුන්ව ගලවා ගැනීමට දරු ප්‍රයන්තයට සමානම වූ ක්‍රියාවලියක් දැන් සිදු කිරීමට සැරසේ.

කෝ මහා මොළ කරුවෝ?
මේ ප්‍රශනය ඉදිරිපත් වෙන්නේද මහා මොළ කරුවන්ගේ පාර්ශවයෙනි. ඒ මහා මොළ කරුවන්ට මෙරට රජයට කිසිවක් කල නොහැකි බව ඔවුන් හොදින් දන්නා බැවිනි. මහා මොළ කරුවන් පාස්කු ප්‍රහාරය සිදුකිරීමේ වගකීම පවරන ලද්දේ, නේටෝ රටක් වන තුර්කිය,සවුදිය හා කටාර් රාජ්යන් මාර්ගයෙනි මේවාට එරෙහිව පරීක්ෂණ කිරීමට හෝ නඩු පැවරීමටද රජයට නොහැක. මෙවන් තත්වයක් තුල මේ රජයට කලහැක්කේ මේ කාර්යට සම්බන්ධ දේශීය අපරාධ කරුවන් අල්ලා දඩුවම් දීම පමණි. රජය මේ සුදානම් වන්නේද ඒ කටයුත්ත කිරීමටය. නමුත් ඔවුන්වද බේරා ගැනීමේ කටයුතු මහා මොළකරුවන් විසින් සෘජුවම ඉදිරිපත්ව සිදුකරමින් සිටි. එහි එක පියවරක් වන්නේ මේ කළු ඉරිදා ක්‍රියාවලියයි.

ඝාතකයන් සමග යහන්ගත වෙන්නට ජනතා විමුක්ති පෙරමුණට ඉඩ ලබාදීම තුලින්, හිස සුන් ජනතා විමුක්ති පෙරමුණක් දේශීය දේශපාලනයේ අපි දකින අතර, කොටි සංවිධානය සමග දෙමල ජනතාව බද්ධ කරවීම තුලින් සම්පුර්ණ දෙමල පරම්පරාවක හිස කදීන් වෙන්කර දමන ලදි.එය දෙමල ජනතාවට සිදුකරන ලද බලවත් අසාධාරණයකි. කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමේදී, කොටින්ව සමුල ඝාතනය කල යුධ වීරයෙක් වන සරත් ෆොන්සේකා මහතාව, සිංහල ජනතාව තුල ද්‍රෝහියෙක් ලෙස හිස සුන් මල කන්දක් කලේද මේ මහා මොළ කරුවන් වන අතර  අද දින සිදු වන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙයවූ මුස්ලිම් අන්තවාදීන්ගේ අවශ්යථාව, සපුරමින් ක්‍රියාවට නැංවෙන කළු ඉරිදාවකි.

සත්‍ය එය වුවද මියගියවුන්ට සැබෑ සාධාරණයක් උරුම විය යුතුය. එය ඉටු වෙන තෙක් අපද සුදු ඇඳගෙන පන්සල් වෙත ගොස්  මේ පාස්කු වින්දිතයන්ට සාධාරනයක්ම වේවයයි ප්‍රාර්ථනා කරන අතර අතිගරු ජනාධ්පති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ කාර්ය ඉටුකිරීම සඳහා සියලු ශක්තිය ධෛර්ය හා ආශිර්වාදයන් ලැබේවායි අප ඉතා සිතින් පතමු.

කතෝලික ප්‍රජාවනි එදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අවසන් භෝජන සංග්‍රහය හොදින් සිහි කරන්න. ඒ භෝජන සංග්‍රහයට  සහභාගිවී සිටි අයෙක්ම උන්වහන්සේව පාවා දුන් ආකාරය සිහියට ගන්න. අද කළු ඉරිදා කළු ඇඳගෙන මුස්ලිම් අන්තවාදීන් හා උන්ගේ හෙන්චයියන් රංචු පිටින් ඔබ අතරට එනු ඇත. අපද අද දින ඔබ සමග පෙළ ගැසෙමු. ඒ කළු ඇදගෙන නොව සුදුවතින් සැරසිගෙනය.
කළු හා සුදු අතර පැහැදිලි වෙනසක් තිබේ.
ඔබේ අවංක සටනට ජයවේවා!.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress