කොළඹ වරාය නගරය හා ලෝක දේශපාලනය
Posted on April 15th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අලුත්ම දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත්තේ කොළඹ වරාය නගරයයි. අධිරාජ්‍යවාදීන්ගේ හා ඉන්දීය ව්යාප්තවාදීන්ගේ ද්වේශයට ලක්ව ඇති ප්‍රධානම රටක් බවට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇත. එහි ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය ආසියාවේ දිදුලන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වීම ලෝකයේ කිසිදු බලවතෙකුට වලකාලිය නොහැක.මේ බව දැන දැනත් එහි ඉදිකිරීමට එරෙහිව ගත හැකි උපරිම දායකත්වය සැපයීමට මේ වනවිට බටහිර අධිරාජ්‍යවාදීන් හා උන්ගේ ගැත්තන් බවට පත්ව සිටින ඉන්දීය ව්යාප්තවාදින් හා මෙරට සිටින ඔවුන්ගේ ඉත්තන් හා පෙත්තන් කටයුතුකරමින් සිටි.

කොළඹ වරාය නගරය කියන්නේ මෙරට සිතියමේ නොතිබූ පිහිටිමක්ය. මෙය ඉදිකිරීමට එරෙහිව පරිසර වෙදිත්වය ගෙනහැර පාමින් ලස්සන කතාන්දර නිර්මාණය කර ජනතා විමුක්ති පෙරමුණ පවත්වන ලද දේශනාවන් මෙරට ජනතාවට කිසිදා අමතක විය නොහැක. ඉන් නොනැවතී පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලා දමා, සිදුකල ප්‍රථම කාර්යයවුයේ, වරාය නගරය ඉඳිකිරීමේ කාර්යය නවතාලිමය.නමුත් ඔවුනට වරාය නගරය ඉඳිකිරීම නවතාලීමට නොහැකි විය.යහපාලන රජයට ඔවුන්ගේ පාලන කාලය තුලදී යලිත් එය ඉඳිකිරීමේ කාර්යයට අවසරදීමට සිදුවිය. එපමණක්ද නොව යහපාලනය විසින් චිනයට හම්බන්තොට වරයද විකුණා දමන ලදී.

දැන් කවුරු මොනවා කිවත් හම්බන්තොට වරාය අපට අවැසි විදියට පාලනය කල නොහැක. එය සිදුවන්නේ චීනයේ අවශ්‍යතාවයන් පදනම් කරගෙනය. මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට විකිනිමටද අදහසක් පැවතිනි. එසේවුවානම මත්තල ගුඅවන් තොටුපලද පාලනය වන්නේ අපේ අවශ්‍යතාවය අනුව නොවේ. ඉන්දීය අවශ්‍යතාවය අනුවය. එපමණක්ද නොවේ කොළඹ වරායේ නැගෙනහිර ජටියද ඉන්දියාවට ලබාදීමට ගිවිසුම් අත්සන් කර තිබුණි, එය දුෂ්කරතා රාශියක් මධ්‍යයේ නවතාලුයේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජයයි. එය සැලසුම්කර තිබු ලෙස ඉන්දියාවට විකුණා දැමුවා නම් මුළු වරයාම පාලනය කරන්නේ ඉන්දියාවය.

ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාදීමට කටයුතුකරන ලද්දේ, ඒ ආසන්නයේම චීනය විසින් වරාය නගරය ඉඳිකරමින්  සිටින තත්වයක් තුලදී වීම විශේෂිතය. මෙය නයාව හා පොලොඟව එකම කුටියේ දැමුවා වැනි අමනොඥ ක්‍රියාවක බව විජේදාස රාජපක්ෂ මහතාද ඇතුළු යහපාලන රජය දුටුවෙම නැත. මෙවන් විනාශකාරී කටයුතු රාශියක් අපගේ මාතෘභූමියට උරුම කරදුන් පරගැති දේශපාලන නඩය විසින් වරාය නගරයට එරෙහිව යලිත් වරක් අවි අමෝරාගෙන සපැමිණ ඇත. මේ එන්නේ අපිට එරෙහිව මානව හිමිකම් කඩකලායයි චෝදනානගමින්, ඊට පක්ෂව කටයුතු කල බලවේගයන්ය. අපට පක්ෂව ජාත්‍යන්තරයේදී අපි වෙනුවෙන් පෙනී සිටින රුසියාව, චීනය කිසිදාක මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසූ බව අපි ඉතා හොඳින් දන්නෙමු.

වසර 30ක යුද්ධය සිදුකරමින් මෙරට ජන ඝාතනයන් කල අපගේ සතුරන්ගේ පච සහ අවලාද වලට මුලා නොවී මෙරට ජනතාව ජේ.ආර්.ජයවර්ධන මහතා විසින්  වෙළඳ  කලාප තුලට වෙනම නීතියක් නිර්මාණය කිරම හා මහා කොළඹ ආර්ථික කොමිසමේ බලතල සම්බන්ධව පුළුල්ව සලකා බලා කටයුතු කිරීම ආරම්භකරන්නේ නම් ඉතා වැදගත්ය.

බටහිර හා ඉන්දීය සතුරාගේ නිර්මාණය කරන ලද බේගල් වලට අසු නොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්න.

අපේ සතුරන්ට එලව එළවා පහර දෙන චීනය හා රුසියාව අප සමග ඉතා සුහදව කටයුතු කරන රාජ්‍යන් බව ඉතිහාසය විසින් අපට පෙන්වාදී තිබේ. අපි අපගේ මිතුරන්ව තරයේ වැළඳගනිමු.

3 Responses to “කොළඹ වරාය නගරය හා ලෝක දේශපාලනය”

  1. aloy Says:

    ” චීනය කිසිදාක මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසූ බව අපි ඉතා හොඳින් දන්නෙමු.”

    An absolute lie. Please read history Mr. Panditha!.

    Nobody is permanent friend or foe; only the permanent interest remain for ever. In our case we cannot afford to lose even an inch oof this land as there is no other place for Sinhalaya to go.

    As soon as the Malakka Straight was cleared by Cholas, Admiral Ch’ng Ho (supposed to be a castrated Muslim) came with some sixty odd ships and took our Kotte king and his noble men to China as prisoners. Though the king was sent back the descendants of others live in that country to this day. The friend to foe can happen on some flimsy ground.

  2. aloy Says:

    It is sad to note what a chief incumbent of a prominent vihara said during the presidential campaign out of context and demean the entire sanga fraternity. Little do they know that it was them who encrypted their verses on ola leaves ( that are lying in British museums) thousands of years ago and they made our society to be so literate to name their children with such beautiful names like ‘SWARNAMALI’ in 2nd century BC.

    While appreciating the German envoy to SL’s clarification about Hitler, our ven. monks are not naive to take him so seriously. By the time a monk come to the level of a chief incumbent he is well versed about the current situation of the country as well as world affair to a certain extent. We all know Hitler was a ruthless killer, so it is insane to assume that they wanted our leader also to do the same. At that time Gota was the right choice and I still consider so.

    But, now from Hon. Gammanpilar’s statements in the press, it would appear some others are leading him to be a Hitler so that they can perpetuate a dictatorship for ever. Next few days or weeks will determine what their future will be. But one thing is sure: by what ever power Sinhalese have survived in this land for over two and a half millennia, and they will do so for many centuries to come.

  3. aloy Says:

    Please correct my first sentence above as: “It is sad to note that some people have taken what…….”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress