දෙවියන් මෙරට ජනතාවට හා පාලකයන්ට හිතා බලන්න නිර්මාණය කරන දෑ දෙස බලන්න.
Posted on April 20th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

දෙවියන් අඳුරු කුටි තුල ලැග ඉන්නේ නැත.වැඩ සිටින්නේ මුළු මහත් සමාජය තුලමය. එසේ සමාජය ආවරණය කරමින් වැඩ සිටින දෙවියන් අඳුරු කුටි තුල ලැග ගෙන ඉන්නා මිනිසුන්ට සිතා බලන්න බොහෝ දේ නිර්මාණය කරමින් එලි දක්වයි. ඒත් අදුරේ අතපත ගාමින් සිටින මිනිසුන්ගෙන් කි දෙනෙකුට දෙවියන් ඉදිරිපත් කරන මේ කරුණු වැටහේද යන්න ගැටලුවක්ව ඇත. බලන්න මෙවර අපට සිතන්නට දෙවියන් ඉදිරිපත් කර ඇති දෙය දෙස 

මෙවර දෙවියන් එක වරම චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්කර ඇත. ඒ,

1.වරාය නගර වලිය
2.ජනාධිපති සමාව

යන චිත්‍රපට දෙකයි. චිත්‍රපට දෙකේම ප්‍රධාන නළු නිළියෝ, සියල්ලක්ම එකය. සජිත් ප්‍රේමදාස,ප්‍රමුඛ සජබ කණ්ඩායම රංගනයෙන් දායකත්වය සැපයීමට කටයුතු සලසා ඇත.

1.වරාය නගර වලිය, චිත්‍රපටයේ,සජබ නළු නිළියෝ උසාවිය දෙසට යමින් හඬගා කියන්නේ එකම රටක් එකම නීතියක් අවශ්‍ය බවයි.වරාය කොමිසමට සාමාජිකයින් පත්කිරීමේදී ඔවුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පමනක්දී තිබීම වැරදි බවත්, මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර, 2/3 චන්ද බලයකින් සම්මත කොට ජනමත විචාරණයකටද යා යුතු බවයි

2.ජනාධිපති සමාව, චිත්‍රපටයේදී සජබ නළු නිළි පිරිසම,ජනාධිපති දෙසට යමින්, උසාවිය දුන් තීන්දුවකට එරෙහිව,ජනාධිපතිවරයාට සිය බලය පාවිච්චි කොට රන්ජන් රාමනායකව හිර ගෙදරින් නිදහස් කරන මෙන් ඉල්ලයි. එහිදී රටේ හැමෝටම එකම නීතියක් කියන පාඨය හලා දමා ඇති අතර, රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනා කොට 2/3න සම්මත කොට ජනමත විචාරනයක්ද පවත්වන ලෙස ඉල්ලා නොසිටි.

දැනට නිර්මාණය කර ප්‍රදර්ශනය කරන මේ ච්ත්‍රපට දෙකම රටේ බාල මහලු සියලු දෙනාම නැරඹිය යුතුමය. සජබය නිතිය තමන්ට අවැසි විදියට හැසිරවීමට කටයුතු කරන ආකාරය දෙවියන් විසින් නිර්මාණය කර පොදු ජනතාවට පෙන්වන මේ ච්ත්‍රපට මගින් ලස්සනට පෙළ ගස්සා ඇත.

යුක්තිය ඉල්ලා ජනාධිපතිට එරෙහිව උසාවි යන එවුන්ම උසාවිය දුන් තීන්දුවට එරෙහිව ජනාධිපති පිළිසරණ පැතීමට එකම දින තුලදී සිදුවීම කොතරම් සරදමක්ද? ඔබත් සිතා බලන්න.

දැන් ජනාධිපතිතුමා විසින් ලස්සන ඉල්ලීමක් කර ඇත. එනම් මෙය ලිඛිතව ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටීමයි. පෙර රජයන් මෙන් නොව මෙය වෙනම රජයක් පවා ඒ ඉල්ලීමෙන් පැහැදිලිව කියාපායි. දෙවියන් කුමන ආකාරයෙන් මේ ච්ත්‍රපටය අවසන්කර ඇත්දැයි අපි නොදනිමු. සමහර විට ලිඛිතව ඉල්ලු ඉල්ලීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර 2/3 චන්දයෙන් සම්මත කොට, ජනමත විචාරයක්ද පවත්වා මෙරට ජනතාව එය අනුමත කරනවා නම් රන්ජන් රාමනායකව නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා විය හැක. මෙය අනුමාන කිරීමකි.

කෙසේ නමුත් වරාය නගරයේ කටයුතු රිසිසේ කිරීමට මෙරට ජනතාව 69ලක්ෂයක දැවැන්ත බලයක් හා 2/3 පාර්ලිමේන්තුවක් නිර්මාණය කොට දී ඇත.

දෙවියන් රටපුරාම වැඩ සිටින බව වටහා ගන්න, බලන්න කඩතුරා හැර දෑසින්!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress