කොරෝනා වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට අඩ වැටුප් ගෙවීම හා කිසිදු සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රම භාවිත කිරීමකින් තොරව ආයතන පවත්වාගෙන යාම සම්බන්ධවයි
Posted on May 13th, 2021

පෞද්ගලික සේවක මධ්‍යස්ථානය

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,
කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍ය,
කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යංශය,
කිරුල පාර,
කොළඹ 05
2020/10/13

ඇමතිතුමනි,

කොරෝනා වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට අඩ වැටුප් ගෙවීම හා කිසිදු සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රම භාවිත කිරීමකින් තොරව ආයතන පවත්වාගෙන යාම සම්බන්ධවයි
කොරෝනා වසංගතය මෙරට තුළ වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරෙමින් පවතී. මේ නිසා රාජ්‍ය අංශයේ සේවකයින් සදහා සේවා මුර ක‍්‍රමයක් මෙන්ම නිවසේ සිට වැඩකරන ක‍්‍රම වේදයන් හදුන්වා දී ඇත. රෝග ව්‍යාප්තිය වැලැක්වීම ස`දහා අවම වශයෙන් මෙවනි ක‍්‍රමවේදයක් පෞද්ගලික අංශයේ සේවකයන් සදහාද හ`දුන්වාදිය යුතු වේ.
02.  කෙසේ වෙතත් එවැනි රෝග ව්‍යාප්තියක් වැලැක්වීම සදහා ක‍්‍රමවේද සකස් කරනවා වෙනුවට සේවක වැටුප අර්ධ වශයෙන් ගෙවීම සදහා ආයතනවලට ඉඩදීමට පෞද්ගලික සේවක මධ්‍යස්ථානය ලෙස අප දැඩි විරෝධය පළ කරන්නෙමු. වසංගත සමය තුළදීද තම ලාභ ප‍්‍රතිශත ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇති සමාගම් වලට අඩ වැටුප් ගෙවීමට කම්කරු ඇමතිවරයා ලෙස අනුමැතිය ලබාදීම පිලිකුල් සහගත වේ.
03.  තවද කොරෝනා රෝගීන් වාර්තා වුවද කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද භාවිත කිරීමකින් තොරව අනෙක් සේවකයන් ලවා ආයතනය පවත්වාගෙන යාම රෝග ව්‍යාප්තියටද හේතු වේ. සීඝ‍්‍ර ලෙස පැතිරෙණ මෙම කොරෝනා රෝගයට මෙවනි ආයතන වගකිව යුතු වේ.
04.  කම්කරුවන්ගේ ශ‍්‍රමය සූරා කමින් බිලියන ගණන් ලාභ ගොඩ ගසමින් සිටින සමාගම් හිමිකරුවන්ට මෙවන් ගෝලීය වසංගතයකදීවත් තමන්ගේ ලාභ පිපාසය වෙනුවට තම ආයතනයේ සේවකයන්ට මාසයක, දෙකක වැටුපක් ලබා දී වසංගතය මර්දනය කිරීමට සහය ලබාදීමට නොහැකි වීම මුග්ද කමකි. මේ නිසා කම්කරු ඇමතිවරයා ලෙස ජනතා ඡුන්දයෙන් පත්වූ ඔබතුමා සමාගම් හිමිකරුවන්ගේ අවශ්‍යතාවයට අනුව වැඩ කීරීම අපි හෙළා දකින්නෙමු.
05.  මේ නිසා අඩ වැටුප් ගෙවීමට අවසර ලබාදීමේ තීන්දුව වහාම නිවැරදි කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම භාවිත කිරීමකින් තොරව පවත්වාගෙන යන ආයතන වලට වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් අප බල  කරන්නෙමු.

ස්තූතියි
මෙයට
දුමින්ද නාගමුව, සභාපති
පෞද්ගලික සේවක මධ්‍යස්ථානය.

පිටපත්,
කම්කරු කොමසාරිස් – කම්කරු දෙපාර්තුමේන්තුව.                                                            
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්
සියලූම මාධ්‍ය ආයතන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress