‘හෝටල් සැප දියවු.. තොපට සාපවේවා’ නිරෝධායනේට ගෙනයද්දී පියුමි හංසමාලි පස්පඩංගුවේ බැණ වදී.. වියරුවෙන් කෑ ගසයි.. මාස්ක් ගලවා විසි කරයි..
Posted on June 2nd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

නිරෝධායනය සඳහා යොමු කරන ලද නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ගෙන යද්දී බස් රථය තුළ දැඩි ආවේගශීලීව අදහස් දක්වමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ.

ඉන් ඇය කියා සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම කොළඹ ආසන්න හෝටලයක නිරෝධායන සඳහා අවස්ථාව ඉල්ලා සිටියදී ඒ සඳහා අවස්ථාව නොදී කොළඹින් බැහැර බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටින බවයි.

https://www.facebook.com/piumi.hansamali.3/videos/3826014397526465/?t=0

තමන් සමග රෝගී වූ පුද්ගලයෙකු ද සිටින බවත් ඔහු රෝහල්ගත කිරිමක් හෝ නොකරන බවටද ඇය චෝදනා කරයි.

චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි ඇතුළු පහළොස් දෙනකු මෙසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ දී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සාදයක් පැවැත්වීම හේතුවෙනි.

මෙම සියලු දෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත මුදා හරිනු ලැබීය.

නමුත් නිරෝධායන නීති අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායන සඳහා යොමු කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress