මේ රම්ය දිවයින යලිත් සැබෑ සින්හල බෞධ රාජ්යක් කිරීමට ලක් රජය විසින් ගතයුතු එක් ආරම්භක මනොවිද්යාත්මක මූලික පියවරක් හා ලාන්කික ජාතිය අපරාධ වලින් තොර දැහැමි සමාජයක් කිරීම සදහා විප්ලවීය සමාජ විද්යාත්මක යෝජනාවක්
Posted on July 15th, 2021

අචාර්ය සුදත් ගුණසේකර. මහනුවර.

ක්රිස්තු පූර්ව 307 මහින්දාගමනයේ සිට ක්රි.ව. 1815 මාර්තු 2 දා  වනතුරුම මේ රට පැවතියේ සින්හල බෞධ රාජ්යක් වශයෙනි.ඊට පෙරද සින්හලද්වීපය, හෙල දිව සහ ලන්කා වශයෙන් හදුන්වා තිබු එය අනාදිමත් කාලයක සිටම සින්හලයින්ගේ ජන්ම භූමිය සහ මාත්තෲ භුමිය වශයෙන් පැවතින.  1948 ලැබුනායයි කියන ඊණියා නිදහසත් සමගම 1815 දී දෙරට අතර ගිවිසුමකින් සුද්දන්ට භාරදෙනලද සින්හලේ රාජධානියට අයත්ව තිබූ මාලදිවයින ඇතුලු සුවිසාල සමුද්ර කලාපයක්ද අපට අහිමිවිය. එහෙත් ඒ අනුව 1948 දී නැවත මේ රට අපට ආපසු භාරදෙනවිට 1815 දී පැවති  සමුද්ර කලාපය ඇතුලු සින්හලේ සමස්ත භූමියම අපට ලැබුනේ නැත. 1948  ඩී. එස්. සහ රට බාරගත් දේශපාලකයින් 1815 දී බාරදුන් තුන් සින්හලේම ඉල්ලා සිටිය යුතුව තිබිණ.එහෙත් බ්රතාන්ය රජය විසින්   නිකුත් කරනලද 1947 ලන්කා නිදහස් ප්රකාශනයේ  1. 1 (2)  යටතේ මාලදිවයින සහ ඊට අදාල මුහුදු කලාපයද ඉවත් කොට 1953 ජන 1 දින එය බ්රතාන්ය කිරීටය යටතේ පවතින ස්වාධීන ජනරජයක් වශයෙන් ප්රකාශ කරන ලදී.

කිසියම් රටක් විදේශීය පාලනයෙන් නිදහස ලබන විට නිදහස ලබන රට මුලින් තිබුණ තත්වයෙන්ම, කිසිදු විදේශීයකුගෙන් තොර, රටේ භූමියේ නිරවුල් අයිතිය, ලබාගැනීම  රටේ මුල් අයිතිකරුවන්ගේ යුතුකමය. එහෙත් එවකට සිටි කිසිම දේශපාලකයකු ඒ ගැන කථාකලේද නැත.එසේම තම රටේ මුලින් පැවති තමන්ගේම භාෂාව, ආගම, නීති පධතිය මෙන්ම රාජ්ය පරිපාලන ක්රම  ආදිය යලි පිහිටුවා ගැනීම, මුල් භූමිපුත්ත්රයින්ගේ අයිතිය මෙන්ම යුතුකමය. එසේ නොමැතිව ආක්රමනිකයාගේ සියලු කොන්දේසි වලට යටත්ව ඔවුන් දෙන දේ පමණක්  බාර ගැනීමෙන් නිදහස ලබාගත්තා යයි කියන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.

එහෙත් මේ කිසිවක් ඒ අන්දමින් ලබාගැනීමට 1948 නිදහසේ පියා ආදි විරුදාවලීන්ගෙන් ලැජ්ජා නැතිව තම නම් සරසාගත්  කිසිවෙකුට නොහැකිවිය. මේ සින්හල රටේ අනන්යතාව යලිත් පිහිටුවා ගැනීමට තිබුණු එම ස්වර්ණමය අවස්ථාව සාපරාදී අන්දමින් පැහැරහළ ඔවුන් කලේ සුද්දන් විසින් නියම කරනලද සියලුම කොන්දේසි ඉදිරියේ දනින් වැටී ඒවාට එකග වී නිදහසේ වීරයින් සහ ඊනියා ජාතියේ පියවරුන් වශයෙන් අභිෂේක ලබා ඉර හද පවතිනාතුරු මේ රට තම ග්රහනයේ තබා ගැනීම සදහා සුද්දා විසින් සකස්කරණලද සෝල්බරි විවස්තාව නම්වූ මලපුඩුවේ පැටලැවී ශීත රටවලට පමණක් ගැලපෙන  සුද්දාගේ ඇදුමෙන්ම සැරසී ඔවුන්ගේ සුවච කීකරු නිවට  කලු සුද්දන් පිරිසක් මෙන් ක්රියා කිරිමට ගිවිස ගැනීමය.

මේ නිවට රැලේ නායකයා වශයෙන් ක්රියාකළ ඩී. එස්. සේනානායක  එබදු පූර්ණ නිදහසක් වෙනුවට ඉල්ලා සිටියේ බ්රතාන්ය යදමින් බැදි පොදුරාජ්ය මන්ඩලයේ සාමාජිකත්වය සහිත සුද්දන් වෙනුවට කලුසුද්දන් යටතේ දිගටම පාලනය වන සුද්දන් විසින්ම මෙහෙයවන බ්‍රතාන්ය සම්ප්‍රදායට සුද්දන් විසින්ම සකස්කල, මේ රටේ සම්ප්‍රදායන්ට , භූගෝලයට, හෝ සන්ස්කෘතියට කිසිසේත්ම නොගැලපෙන පාර්ලිමේන්තු ක්‍රමයක් හා එන්ගලත මොඩලයේ රජයකි. එන්ගලන්තයේ රැජින විසින් පත්කරණු ලැබූ ආණ්ඪුකාරයෙක්, එන්ගලන්තයේ නීතිය යටතේම  යුක්තිය පසිදලන, සුද්දන් විසින්ම  මෙහෙයවනු ලැබූ එන්ගලන්තයේම රූකඪ ආණ්ඩුවකි.  එන්ගලන්තයේ අනුමැතිය  නැතිව විදේශ සම්ග ගිවිසුම්  ඇතිකරගැනීමට තහනම්විය.මොවුන් එදා ලබාගත්තේ මෙවන් අන්ග විකලවූ නිදසකි.

මෙම තත්වය 1972 දී සිරිමාවෝ බන්ඩාරනායක අගමැතිනිය, රට ජනරජයක් බවට පත්කිරීමෙන් පසු මදක් වෙනස් වුවද අදටත් මේ රට පාලනය වන්නේ සුද්දන්ට අවස්ය පරිදිමය.

මේ රටේ රාජ්ය ආගම වශයෙන් පැවති බුඩ්දාගම ඒ අන්දමින් පිලි නොගැනීමටද, එසේම 1815 දී මෙහි නොසිටි සුලු ජාතීන් නැමති දෙමල මුස්ලිම් ජනකොටසක් මෙහි සිටින බවද, ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගැනීමටද, රටේ ජාතිය සින්හල නොව, ලාන්කික නමින් හැදින්වීමටද, එසේම මේ රට බහුවාර්ගික, බහු ආගමික රටක් වශයෙන්   පිලිගැනීමටද  එකග වීමෙන් සහ රජය අනාගමික රජයක් වශයෙන් ප්‍රකාශකිරීමටද එසේම මේ රටේ ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවැති රාජ්ය බලය  හා බුඩ්දාගම අතර තිබුණු සම්බන්ධතාව පිලිනොගැනීමටද ඪී එස්. එකග විමෙන්  පසුවය, සුද්දා එදා  අපට ඊනියා දේශපාලන නිදහස  දීමට එකගවූයේ. *

 ඒ අනුව 1948 දී ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ රටට හා ජාතියට නිදහසක් ලබාගැනීම්ට වඩා එසේම මේ රටේ භූමිපුත්ත්රයින් වූ සින්හල බෞද්දයින්ගේ ජන්ම අයිතිවාසිකම් කිසිවක් පිලිබද කිසිම අවධානයක්ද  නොකොට මේ රට බෙදා පාලනය කොට විනාශකිරීමට සුද්දා විසින් බලකරනලද කොන්දේසි  (29 වන වගන්තිය ඇතුලූ) සියල්ල  නිර්ලජ්ජිතව පිලිගෙන රටේ එතෙක් සුද්දා විසින් කල රාජකාරිය තම අතට ගැනීමේ ආශාව නිසා දෙවැනි වරටත් සුද්දන්ට මේ රට හා ජාතිය පාවාදී  සුද්දාගේ සපත්තුවට තම කකුලද තම ඔලුවට සුද්ද්දාගේම තොප්පියද   දාගත් කලුසුද්දන් පිරිසක් විසින් සුද්දා වෙනුවෙන් මේ රටේ පාලනයේ සුක්කානම මෙහෙයවන සින්හලත් නොවෙන,බෞඩ්දත් නොවෙන පරගැති, දේශද්රෝහි, ජාතිද්රෝහී පිරිසක් අතට පාලනබලය මාරුවීමක් පමණි. මේ තුලින් ඇත්ත වසයෙන්ම ඔවුන් සිදුකොට ඇත්තේ රටත් ජාතියත් අයිතිහාසික වශයෙන් නිර්ලජ්ජිටව පාවවා දිමකි. මා මෙය දකින්නේ මහපොලව පවා නොහුලන මහා පාවා දීමක් හා අන්ක එකේ දේශපාලන ප්රෝඩාවක් වශයෙනි.

*බලන්න: ඪී. ඇස්. ලන්කාවේ ප්රටම අග්රාමාට්ය. ඵිටු 161.

1948 දී මුලු ආසියාවේම තිබුණු දියුණුම රටක් වූ මේ රට අද පත්ව ඇති අවාසනවන්ත තත්වයට  එදා නිදහස ලබාගන්නා විට ඔවුන් විසින් කරනලද මරිකම් හා පාවාදීම්  මෙන්ම ඉටුනොකල ජාතික යුතුකම්වලට  සහ පසුකාලීනව අද දක්වා මේ රට පාලනය කලායයි කියන සියලුම දේශපාලකයින් තනිතනිව හා සාමූහිකව වගකිව යුතුය.

ඒ ප්රෝඩා නිදහසින් පසු දැන් වසර 73 ක් ගතව ඇතත්  තවම්ත් නැති එසේම 1948 අප ලබානොගත්  පූර්න නිදහස දැන්වත් ලබාගෙන නිදහස් ජාතියක් වශයෙන් රටේ හා ජාතියේ ඉදිරි ගමන ආරම්භ කිරීමට  අපි පියවර ගතයුතුය. එම ජාතික පුනරුදයේ පලමු පියවර සහ අඩිතාලම වශයෙන් පහත සදහන් නව සන්කල්පයෙන් ඒ දීර්ග ගමන ආරම්භ කරන මෙන් මම වර්තමාන රජයට යෝජනා කරමි.

“සබ්බ පාපස්ස අකරණන්-කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝධපනන්-ඒතන් බුඩ්ධානසාශනන්”

යන මේ, මහා අනන්ත විශ්වයේ තුන්කල්හිම පහලවන සියලුම සම්මා සම්බුදු රජානණ් වහන්සේලාගේ උගැන්වීමේ සමස්තයම සම්පිණ්ධ්න කොට දැක්වෙන ඒකායන දහම් පනිවිඩය  වන (සියලුම පාපකර්ම වලින් වැලැකී, කුසලයෙහි යෙදී තමන්ගේ සිත පිරිසිදු කරගන්නා මෙන් දැක්වෙනා  ඉහත සඳහන් මහාර්ඝ ගාථා රත්නය,  සින්හල බෞඩ්ද රාජධානියේ පදනම)  වයෙන් සලකා ජනාධිපති කාර්යාලය,අග්රාමාත්ය කාර්යාලය, අගවිනිසුරු කාර්යාලය ශ්රේශ්ඨාධිකරණය ඇතුලු සියලුම අධිකරණ ශාලාවල විනිසුරු අසුනට ඉදිරියෙන් හෝ පිටුපසින් ඉහලින්ද, සියලුම රාජ්ය අමාත්යාන්ශ, දෙපාර්තමේන්තු, දිසාපති, උපදිසාපති කාර්යාල සහ සන්ස්ථා කාර්යාල වලද, සියලුම පොලිස් ස්ථානවල, සියලුම  පන්සල්, විහාර, පිරිවෙන්, පල්ලි,කෝවිල්, පාසැල්, අම්බලන්, සියලුම ප්රසිද්ධ ස්ථානවල සහ සියලුම සින්හල බෞධ නිවෙස්වල ප්රධාන දොරටුවෙන් ඇතුල්වන විටම පෙනෙන තැනක ලියා තබන මෙන් මම යෝජනා කරමි.

එසේම ධාර්මික ලෝකයක් නිර්මානය කිරීම සඳහා එහි ගැබ්ව ඇති වටිනාකම පිළිබද  පුලුල් ප්රචාරයක්ද කොට ජනතාව දැනුවත් කොට  ජනාධිපති වරයාගේ සිට මහමග සිගාකන යාචකයා දක්වා සෑම දෙනාගේ හදවතකම එම බුදු  වදන ආගමක් සේ භක්තියෙන් අදහන පුරුද්දක් වශයෙ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        න් තැන්පත් කරගෙන පිලිපදින මෙන් ඉල්ලා සිටිය යුතුය.

අප කුඩාකාලයේ පාසැල්වල දෙපැත්තේ බිත්ති අතර හරහට දමා තිබුණු බාල්කවල ලියා තිබුණු පන්සිල් පදවලට අයත් සතුන් නොමරමු.සොරකම් නොකරමු, බොරු නොකියමු වැනි උපදේශාත්මක වගන්ති මට මෙහිදී මතකය්ට එයි. එසේම එවැනි කියමන් අපතුල දැඪි විනයක් ඇතිකල බවද කිව යුතුය. නූතන ලෝකයේ මහා ප්රාග්නයෙක් වූ ආතර් ක්ලාක් ඔහුගේ ‘ඩීප් රේන්ජ් ‘ නැමති පොතේ පෙන්වාදී ඇති පරිදි 2050 වනවිට ලෝකයේ ඉතිරිවන එකම ආගම බුදු දහම පමණක් වන නිසා අනාගත ලෝක බෞද්ද රාජ්යයේ ප්‍රතමප්රථම පෙරහුරුව වශයෙන්ද මෙම පියවර සැලකිය හැක. ලෝක බෞද්ද කොඩිය නිර්මාණය කලේ මේ රටේය. වෙසක් පොහොය ජාත්යන්තර නිවාඩු දිනයක් වශයෙන් ලෝකයට දුන්නේ මේ රටය. තේරවාදි බුදුදහම මෙන්ම ත්‍රිපිටකය ලොවට දායාද කලේද අපිය. 2050  බෞද්ද රාජ්ය පිලිබද සන්කල්පයේ උපතද මේ හෙල බිමේය.ඒ අනුව මේ ලෝකයේ මතුදිනක මානව වර්ගයාගේ  සිස්ටචාචාරයේ විස්වීය බෞඩ්ද පදනමද මේ තුලින් දිනෙක උදාවනු ඇතැයි මට දැඪි විශ්වාසයක් ඇත. 

සුදු අධිරාජ්යවාදින්ගේ කාලයේ පල්ලි සහ රජයේ ඇතැම් පාසැල්වල ලතින් හාශාවෙන් මෙවැනි උපදේසාත්මක වගන්ති මගින් නගරබද සින්හල ලමයින්ගේ  සහ වැඪිහිටියන්ගේ මනසට ඇතිකල බලපෑමද මෙහිදි සදහන් කීරීම මැනවයි මට සිතේ.මා යෝජනා කරන වැඪපිලිවෙල ක්‍රියාත්මක කලහොත් මේ සින්හල දීපයේ වාසය කරන සියලුම මිනිසුන් සියලු පාපයන්ගෙන් මිදී දැඪි විනයක් සහිතව කුසලයෙහි යෙදීමට තමන්ගේ සිත් පිරිසිදු කරගෙන අපරාධ වලට නැඹුරු නොවී මේ දිවයින දැහැමි මිනිසුන්ගෙන් පිරි ධාර්මික රාජ්යක් බවට යලි පත්කරගැනීම් සඳහා  මූලික පදනමක් වනු ඒකාන්තය.

ධර්මාසෝක රජතුමා සමස්ථ ජම්බුද්වීපය පුරාම පිහිටුවාලූ 84,000 ක් ධර්ම ස්තම්භ මෙන් මෙම වැඩපිළිවෙලින් ප්‍රථමයෙන්ම ශ්රි ලන්කා සින්හල බෞඩ්ද රාජ්යයේ නව පුනරුදයක් උදාකරන බවට කිසිදු සැකයක් නැත. එසේම වර්තමාන රජය මෙම යෝජනාව ක්රියාත්මක කලහොත් මහින්ද-ගෝඨාභය යුගය මෙම සින්හල ද්වීපයේ පලමු ධර්මාසෝක යුගයක් නැතිනම් දෙවැනි දුටුගැමුණු යුගයක් යලිත් උදාවූ ඉතිහාසගත යුගය වනු නොඅනුමානය.!

1948 සිට බලයේ සිටි සියලුම දේශපාලන කන්ඪායම් විසින් පැහැර හල, මේ රජය හෝ මෙම වටිනා යෝජනාව ක්‍රියාත්මකකොට මේ රට නිදහස්, නිවහල්,සාමකාමි සමුර්ධිමත් හා ධාර්මික සින්හල බෞඩ්ද රාජ්යයක් බවට පරිවර්තනයකොට වසර 10 ක් ඇතුලතදී මේ රට යලිත් ඉන්දීය සාගරයේ මුතු ඇටය බවට පත්නොකරන්නේනම් සින්හල ජාතියේ ඒ මහාර්ඝ අහිලාෂය ඉටුකරණ බවට සපථ කරන නායකත්වයක් සහිත දේසප්රේමි කන්ඩායමකට බලය ලබාදිමට  සින්හල බෞඩ්ද ජනතාව  දැනටමත් පෙලගැසී අදිෂ්ටාන පුර්වකව  පෙරමුන ගෙන සිටින බවද මෙහිලා සදහන් කරනු කැමැත්තෙමි.  එදාට එම සමාජ ප්‍රවාහය සුනාමියක් ගොඩ ගැලුවාසේ මේ රටේ සින්හල බෞද්දයින්ට විනකල සියලුදෙනාම  පරාජයකොට ඒ උතුම් ශ්‍රේෂ්ට ජාතියේ අපේක්ෂිත ඉල්ලක්කය සපුරාගනු ඇත.

මේ ලිපිය ලියන මගේ පමණක් නොව 2019 ජනාධිපති වරණයේ දී සහ 2020 මහ මැතිවරනයේදී දහසකුත් එකක් පැතුම් පොදි හිසමට තබාගෙන මේ රජයට පාර්ලිමෙන්තුවේ 2/3 ක බලයද ලබාදුන් 70 ලක්ශයක ජනතාවගේ එකම අපේක්ෂාව වූයේද එය පමණි.

 ඒ මහා සමාජ සාගර ප්‍රවාහය ගොඩ   ගැලීමට පෙර වර්තමාන රජය 70 ලක්ෂයක ප්‍රාර්තනා ඉටුකරනු ඇතැයි මම තවමත් විස්වාශ කරමි.

යම්ලෙසකින් එසේ නොකොට තවදුරටත් මේ රජයට එකද චන්දයක්වත් නොදුන් සුලුජනකොටස් නැලවීමට හෝ බැන්කු හොරුන්, ට් හක්කඪියන්, කුඩුකාරයින්, ජරාජිර්ණ දේශපාලුවන් රැකීමට හෝ, ගමේ මිනිසුන්ට මන්ත්‍රිවරයෙක් නැති මැතිවරන ක්‍රමය  සහ මේ රටට හූනිමක් හා මහා වින්නැහියක්ව ඇති සින්හල ජාතියත් මේ සින්හල දේශයත් විනාශ කිරීමට ඉන්දියාව ඇටවූ මර උගුල වන  දේශ පාලන අනාතයින්ට පින් පඩි ගෙවන රටට හෝ  ජාතියට තම්බ සතයක වැඩක් නැතිව එවා නඩත්තු කිරීමට පමණක් වසරකට රුපියල් කෝටි 30 ක් පමණ  (1987සිට මෙ දක්වා රුපියල් කෝටි 1000 ක් පමණා නාස්තිකොට ඇති පලාත් සභා දිගටම පව්ත්වාගෙන යාම වැනි දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී ක්‍රියා තවදුරටත් පවත්වාගෙන යාමටනම් නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress