නිදහස් අධ්‍යාපනය තුළ තොරතුරු සැගවීම නවතමු
Posted on July 24th, 2021

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,

(නිදහස් අධ්‍යාපනය තුළ තොරතුරු සැගවීම නවතමු…2021 ජූලි 06 හැන්සාඩ් වාර්තාවේ ඇති ජනමත විචාරණයක් නියම කළ කොරෝනා පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබාගෙන නිදහස් අධ්‍යාපනයට, රටේ ස්වාධීනත්වයට, ආගමික නිදහසට, ජනතා පරමාධිපත්‍යයට, ඩිජිටල් නෛතික නිදහසට වන බලපෑම කියවමු…)

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 7ක් ඇති කොරෝනා පනතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා දී පොදු ජන අයිතිය රකින්න…!
එම නඩුවේ පෙත්සම්කරුගෙන් පාර්ලිමේන්තුවට ඉල්ලීමක්…

කොරෝනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කියවා ගත හැක්කේ ඉංග්‍රීසි දන්නා අයට පමණද?

එකී පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් ඉතා කෙටි පැහැදිලි කිරීමක් කතානායකවරයා 2021 ජූලි 06 දින පාර්ලිමේන්තුවේදී කළ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර නැති අතර එය ඉංගරීසි භාෂාවෙන් පමණක් ඇතුලත් කර ඇත.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 4, 9 ව්‍යවස්ථා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III සහ IV පරිච්චේදවලට පටහැනි අතර 2006 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතටද පටහැනි වේ.

සිංහල භාෂාවෙන්ද එම තීරණය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුල් කළහොත් බහුතර ජනතාවටද එය කියවාගත හැකියි. ඒ සම්බන්ධයෙන් අවබෝධය ලැබිය හැකිය.

ඉංග්‍රීසි භාෂාව වැරදි ලෙස යොදාගෙන නීති විරෝධි වැඩ කරන කිහිප දෙනෙක් විසින් ජනතාවට සිංහල භාෂාවෙන් තොරතුරු ලබා නොදී සිදුකරන වැරදි ක්‍රියාදාමයන් පාලනය කිරීමට ජනතාවගේ පරමාධිපත්‍යයට වැදගත් වන ශ්‍රේස්ඨාධිකරණ තීන්දු සහ තීරණ සිංහල භාෂාවෙන් ලබා දීම පාර්ලිමේන්තුවේ යුතුකමකි, වගකීමකි.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ඉංග්‍රීසි භාෂාව දන්නා අයගේ මුදලින් පමණක් මුද්‍රණය කරන වාර්තාවක් නොවේ. එය පොදු ජනතාවගේ මුදලින් මුද්‍රණය කරන වාර්තාවකි.

කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන ලෙස එම නඩුවේ පෙත්සම්කරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ පොදු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් රැකීම සඳහාය.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් ගේ යුතුකමකි.

ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන වගන්ති 7ක් ඇති කොරෝනා පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2021.07.06 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පනණක් පළ කර ඇති අතර එය බහුතර ජනතාවට කියවීම සඳහා සිංහල භාෂාවෙන් ලබා දෙනු ඇති බව අපේක්ෂා කරමු.

නිදහස් අධ්‍යාපනය තුළ තොරතුරු සැගවීම 
නතර කිරීමටත්, කොරෝනා පනතෙන් නිදහස් අධ්‍යාපනයට, රටේ ස්වාධීනත්වයට, ආගමික නිදහසට, ජනතා පරමාධිපත්‍යයට, ඩිජිටල් නෛතික නිදහසට වන බලපෑම කියවීමටත් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් ලබා ගැනීම වැදගත් වේ.

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති එම ඉල්ලීමේ පිටපත් ජනාධිපති ලේකම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ලේකම් රාජ්‍ය භාෂා කොමසාරිස් සහ නීතිපති වෙතද යොමු කර ඇත. ඉල්ලීම පහත දැක්වේ.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0342256066, 0712063394, 0786016161

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress