පාසල් හා ක්‍රීඩා සංකීර්ණ සඳහා මිටර් 130 ක මංතීරු 04ක Full PUR Synthetic පුහුණු ධාවන පථ ඉදිකිරීමේ මිල ගණන් කැඳවීම සම්බන්ධවයි.
Posted on August 3rd, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පාසල් මට්ටමේ සිටින දක්ෂතා දක්වන දරුවන්ට සහ ප්‍රාදේශීය මට්ටමේ සහ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ජාතික මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා යොමු කරවීමට අවශ්‍ය පුහුණු පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරමින් දිවයින පුරා ස්ථාන 07ක කෘත්‍රිම ධාවන පථ ඉදිකිරීමට තීරණය කර ඇත.

ඒ අනුව,  මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 02ක් සහ ක්‍රීඩා සංකීර්ණ 03ක්  සඳහා මීටර් 130ක මංතීරු 04ක Full PUR Synthetic පුහුණු ධාවන පථ සැලසුම් නිර්මාණය කොට ඉදිකිරීම සහ ඇතිරීම ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ එකඟතාවය හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබෙන අතර, මීට අදාළව මූලික ශක්‍යතා අධ්‍යයනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අතර ශක්‍යතා අධ්‍යනයට අනුව තෝරාගත් ස්ථාන පහත පරිදි වේ.

  1. ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම.
  2. අම්පාර ඩී.එස්.සේනානායක විදුහලේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම.
  3. සබරගමු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම.
  4. මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම.
  5. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ මීටර් 130 කෘතිම ධාවන පථය ඉදි කිරීම

මීට අදාළ පාංශු පරීක්ෂණය, මූලික ඇස්තමේන්තු සැකසීම සහ ලංසු ලේඛන සැකසීම සිදුකිරීම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදු කරන ලදි.

ඒ අනුව, පාසල් 02ක් සහ ක්‍රීඩා සංකීර්ණ 03ක් සඳහා මීටර් 130ක මංතීරු 04ක Full PUR Synthetic පුහුණු ධාවන පථයක් සැලසුම් නිර්මාණය කොට ඉදිකිරීම සහ ඇතිරීමේ ව්‍යාපෘතියට අදාළව ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ මිල ගණන් කැඳවා තිබේ.

මෙහිදී සින්තටික් ධාවන පථ නිෂ්පාදකයින්ට (IAAF හෝ WA ලියාපදිංචි) දේශීය කොන්ත්‍රාත්කරුවකු සමඟ ඇති කර ගත් බද්ධ ව්‍යාපාර ගිවිසුමක් යටතේ මේ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකිය.

ඒ අනුව, ලංසු නිකුත් කිරීම 2021.05.11 වන දින සිට 2021.07.19 වන දින දක්වා සිදු කරන ලද අතර ලංසු විවෘත කිරීම 2021.07.20 වන දින සිදු කරන ලදි.

  • යෝග්‍යතා පූර්ණ ලංසුකරුවන් පහත සඳහන් සුදුසුකම් නිර්ණායකයන්ට අනුකූල විය යුතුය.

. සින්තටික් ධාවන පථ නිෂ්පාදක සතුව අවම වශයෙන් ධාවන පථ දහයක් (10) IAAF Class II හෝ IAAF Class I හෝ දෙකම In Situ (Full PUR) ස්ථාපනය (ඇතිරීමේ) පළපුරුද්දක් තිබිය යුතුය.

ආ. සින්තටික් ධාවන පථ නිෂ්පාදක සතුව අවම වශයෙන් මි.මි. 13ක් හෝ ඉහළ ඝනත්වයක් ඇති Full PUR ධාවන පථ සඳහා IAAF සහතිකය තිබිය යුතුය.

ඇ. සින්තටික් ධාවන පථ නිශ්පාදක සතුව Full PUR System සින්තටික් ධාවන පථ නිෂ්පාදනය කිරීමේ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර දහයක (10)ක පළපුරුද්දක් තිබිය යුතුය.

ඈ. දේශීය කොන්ත්‍රාත්කරු (බද්ධ ව්‍යාපාරය භාර හවුල්කරු) සතුව මාර්ග ඉදිකිරීම් පිළිබඳ වසර දහයක (10)ක  පළපුරුද්දක් තිබිය යුතුය.

. බද්ධ ව්‍යාපාරය භාර හවුල්කරු දේශීය හවුල්කරු විය යුතුය.

. දේශීය හවුල්කරු සතුව, මහා මාර්ග ඉදිකිරීම් සඳහා සී2 හෝ ඉහළ ශ්‍රේණියේ ලියාපදිංචියක් ඉදිකිරීම්  කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) (කලින් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ (ICTAD) තිබිය යුතුය. දේශීය හවුල්කරු, සින්තටික් ධාවන පථ නිෂ්පාදක සමඟ බද්ධ ව්‍යාපාරයක් ලෙස ලංසුව සඳහා සහභාගි විය යුතුය.

. බද්ධ ව්‍යාපාර ගිවිසුම බලයලත් පුද්ගලයෙකු (නීතිඥවරයෙකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු) විසින් ලංසු  ඉදිරිපත් කරන අවස්ථාවේදී සහතික කර තිබිය යුතු අතර, කොන්ත්‍රාත් ප්‍රදානයෙන් පසුව හා කර්මාන්තය ආරම්භ කිරීමට පෙර බද්ධ ව්‍යාපාරය  රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතුය.

. සින්තටික් ධාවන පථ නිෂ්පාදක සතුව (Full PUR) සහ දේශීය හවුල්කරු අසාධු ලේඛනගත නොවී සිටිය යුතු අතර,  ලංසු වලංගු කාලය තුළදී දේශීය හවුල්කරු සතුව CIDA යටතේ වලංගු ලියාපදිංචියක් තිබිය යුතුය.

. පසුගිය වසර හත තුළදී ඉටු කරන ලද ඉදිකිරීම් කර්මාන්ත සඳහා වන වාර්ෂික පිරිවැටුමේ සාමාන්‍යය අවම වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 368 ක් විය යුතුය.

ඔ. අනෙකුත් කොන්ත්‍රාත්මය වගකීම් හැර සහ මෙම කොන්ත්‍රාත්තුව යටතේ සිදු කරන ලද අත්තිකාරම් ගෙවීම්ද හැර තිබිය යුතු අවම ද්‍රවශීල වත්කම් සහ/ හෝ ණය පහසුකම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 147ට අඩුනොවිය යුතුය.

ඕ. අභිමතය ප්‍රකාශ කිරීමේ ලිපිය ලැබීමෙන් අනතුරුව ලංසු ලිපිලේඛන සමඟ ඉදිරිපත් කිරීම සඳහා 1987 අංක 03 දරණ පොදු කොන්ත්‍රාත් පනතේ 8වන වගන්තිය ප්‍රකාරව පොදු කොන්ත්‍රාත් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද වලංගු සහතිකයක් ලංසුකරු සතුව තිබිය යුතුය.

ඖ. බද්ධ ව්‍යාපාරයේ විදේශිය හවුල්කරු, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 39(1) උප වගන්තිය පරිදි විදේශීය කොන්ත්‍රාත්කරුවන් සඳහා වන තාවකාලික ලියාපදිංචියක්” ලබා තිබිය යුතුය. CIDA විසින් ලබා දී ඇති උපදෙස් යටතේ, ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකමින් 0.01 % තාවකාලික ලියාපදිංචිය සඳහා වන ගාස්තුව ලෙස සලකනු ලැබේ. 

ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළව පහත සඳහන් දේශීය ආයතන විසින් ලංසු ලේඛන ලබා ගෙන ඇති අතර ඔවුන් විසින් බද්ධ ව්‍යාපාර ගිවිසුම ඇතිකරගත් ආයතනය සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම යටතේ ලංසු ඉදිරිපත් කළ යුතුවිය.

  • Senura Civil Engineering (Pvt) Ltd
  • George Steuart Engineering (Pvt)Ltd
  • 3DH Trading (Pvt) Ltd
  • Consulting Engineering & Contractors (Pvt) Ltd

ඒ අතරින් පහත සඳහන් බද්ධ ව්‍යාපාර දෙක පමණක් ලංසු ලේඛන ඉදිරිපත් කර ඇත.

  • Senura  – Beynon
  • GSE – Pro Plastic

මෙම ව්‍යාපෘතියට අදාළව ඉංජිනේරුවන්, පරිපාලකයින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන්ගෙන් සමන්විත 05 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මේ වන විට ලංසු ඇගයීම සිදුකෙරෙමින් පවතින අතර එම කටයුතු අවසන් වූ පසු ලංසු ප්‍රදානය සිදු කරනු ලැබේ.

  • වැඩිදුර විස්තර සඳහා අතිරේක ලේකම් (පාලන හා ප්‍රසම්පාදන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා, දුරකතන අංකය 011-2670028 මඟින් සම්බන්ධ කර ගත හැක.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress