රෝගයෙන් පෙලෙන දියණියක සිටි නිවසෙහි වැඩ නිම කර ගැනීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා උපකාර කරයි
Posted on August 3rd, 2021

තිසර සමල් – අනුරාධපුර

අනුරාධපුර, රාජාංගනය, ගැමුණුපුර, යාය 09, ප්‍රදේශයේ මොලේ උණ රෝගයෙන් පෙලෙන දියණියක ඇතුළු දියණියන් තිදෙනෙකු හා මවුපියන් වෙනුවෙන් ඉදි කළ නිවසෙහි  වැඩ නිම කර ගැනීමට  එම නිවසට අවශ්‍ය  සෙවිලි ෂීට් සියල්ල තම පෞද්ගලික මුදලින් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පරිත්‍යාග කරනු ලැබීය.

රාජාංගනය අංක 115/1 නිවසේ පදිංචි ටී.එම් නිලූෂ චාමර කුමාර තෙන්නකෝන් (34) හා එන්.පී. කේ මධූකා කුමාරි (31) යන අසනීප තත්වයෙන් පසු වන තම දියණිය ඇතුළු  දියණියන් තිදෙනා සමඟින් ජීවත් වූ කටු මැටි පැල වෙනුවට අවට ගම්වාසීන් ඉදි කර දුන්නද, එම නිවසට අවශ්‍යය සෙවිලි තහඩු මිලදී ගත නොහැකිව එහි ඉදි කිරීම් කටයුතු අතරමග නැවති තිබිණි.

අනතුරුව අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අදාළ නිවස පරික්ෂා කර, නව නිවසට අවශ්‍යය සියලුම  ඇස්බැස්ටෝ ෂීට් ප්‍රමාණය තම පුද්ගලකි මුදලින් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.

ටී.එම් නිලූෂ චාමර කුමාර තෙන්නකෝන් (34)  හා  එන්.පී. කේ මධූකා කුමාරි (31) විවාහ දිවියට එළඹ ඔවුන්‌ගේ ලොකුම සිහිනය වූ තම ලෙයින් කිරිකැටියකු මෙලොවට බිහි කිරීමේ සිහිනය මල් ඵල ගන්වමින් මීට වසර 09 කට පමණ ඉහතදී  ටී.එම් අමායා ශ්‍යාමින්දි තෙන්නකෝන් දියණිය මෙලොව එළිය දැක්කාය. නමුත් ඇය ඉපදෙන අවස්ථාවේදී මොලයට විෂ බීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇයට ඉපදී දින 08 කින් මොළයේ උණ හටගත් බව එන්.පී. කේ මධූකා කුමාරි (31)  මහත්මිය පවසයි. ඊට පස්සේ ෆිට් එක හැදනේන ගත්තා මාස 2 1/2 ක් බෙහෙත් විද්දා, හොඳකරන්න බෑ කිව්වා ඉස්පිරිතාලෙන් දොස්තර මහත්වරු. ඊට පස්සේ තවත් දුවලා දෙන්නෙක් හම්බුණා ඒ් අයත් දැන් අවුරුදු 04 හා 02 වයසේ පසුවෙනවා ඒ අයට කිසිම ලෙඩක් නෑ. අපිට ඉන්න තැනක් තිබුණේ නෑ, කුළී ගෙවල් 13 ක හිටියා, මට ඉඩ කඩම් තිබුණේ නෑ, රාජාංගනය මහත්තයාගේ ගම, අවුරුදු 09 කට පස්සේ අපි මෙහෙට ආවා දරුවෝ ඉස්කෝලකට වත් දාන්න පදිංචියක්වත් කොහෙවත් නැති නිසා.මේ ඉඩම මහත්තතයාට තිබුණා, කටු මැටියෙන් ගෙයක් හදා ගත්තා පොඩියට.ඒ්ත් ඒක තෙමෙනවා. ඊට පස්සේ ගමේ අය එකතු වෙලා ගෙයක් හදමු කිව්වා. ගේ කාමර දෙකයි සාලෙයි හදන්න පටන් ගත්තා. ඇමති කෙනෙක්ගෙන් උදව්ත් අරගෙන ඉතුරු වැඩ ඉවර කර ගමු  කියලා ගමේ අය කිව්වා . ඊට පස්සේ දුමින්ද ඇමතිතුමා මගේ ගේ බලන්න ආවා, මේ ගෙට වත් විදුලිය තිබුණේ නැති නිසා, දුමින්ද ඇමතිතුමා එක දවසින් මේ අපි ඉන්න ගෙට විදුලිය අරන් දුන්නා.  එදා ඇමතිතුමා ගෙට ඔ්න සෙවිලි ෂීට් දෙන්න පොරොන්දු වුණා. ගමේ අය හැමෝම දරුවා නිසා උදව් කලා. දුමින්ද ඇමතිතුමා පොරොන්දු වුණ විදිහට සෙවිලි ෂීට් ගෙනත් දුන්නා වහලය ගහගන්න. මේ මගේ දරුවෝ හැමදාම කුළි ගෙවල් වල හිටියේ , ඉන්න හරියට තැනක් තිබුණේ නෑ, ඒ නිසා දුමින්ද ඇමතිතුමාට වගේම, ගමේ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම ඒ අයට පිං සිද්ධ වෙනවා. මගේ දරුවන්ට ඒ අයටම කියලා තැනක් ලැබෙන ඒකේ සතුට ගැන කියන්න වචන නෑ මට යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

දැනට ඔවුන් ජීවත්  නිවස වෙත ගොස් අසනීප තත්වයේ පසුවන දැරියගේ සුව දුක් විමසූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, අදාළ ඇස්බැස්ටෝ ෂීට් එම නිවස වෙත භාර දුන් අතර, ඉදි කෙරෙන නව නිවසේ ඉතිරි වැඩ නිම කර ගැනීමටද අවශ්‍යය සහය ලබා දෙන බවටද පොරොන්දු විය.

ඉතාම නුදුරු දිනක ඔවුන්‌ගේ නිවාස සිහිනය සැබෑවක් බවට පත් වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress