Special Commodity Levy imposed on several items භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ගැසට් නිවේදනයක් (වීඩියෝ)
Posted on August 13th, 2021

උපුටා ගැන්ම  හිරු පුවත් Hiru News

A gazette notification issued imposing a special Commodity Levy on several items.

A kilo of  Sprats and dried fish Rs. 100.

Butter Rs. 880.00 per kg, Dairy spreads Rs. 880.00 per kg, Mathe seed Rs. 50.00 per kg, Kurakkan (Eleusine coracana spp.) fl our Rs. 150.00 per kg and Mustard seeds Rs. 62.00 per kg

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100ක්.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ බලතල ප්‍රකාරව පෙර පැවති ගැසට් නිවේදන අවලංගු කරමින්  මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින්  බදු පැනවීම සිදුකර තිබෙනවා.

උළුහාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50ක් වනවා.

කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 150ක බද්දක් පැනවෙන අතර අබ ඇට කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 62ක්.

ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40ක බද්දක් පනවා තිබෙනවා.

වෙඬරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880ක්.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක්  සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.

No description available.
No description available.
No description available.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress