අග්‍රාමාත්‍යතුමා ඉතාලි සංචාරය සඳහා පිටත්වෙයි
Posted on September 10th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉතාලියේ සංචාරයක නිරතවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගියහ.

ගරු අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයේ දී ජී20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව-2021 (G20 Interfaith Forum Italy-2021) ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම ඇතුළු රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress