ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…
Posted on October 2nd, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress