ජනාධිපතිට විද්වතුන් ලණුවක් දීලා..
Posted on October 10th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ තීරණය ජනාධිපතිවරයාට දෙන ලද ලණුවක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

ඊනියා විද්වතුන් බොරු ඉදිරිපත් කිරීම කර ජනාධිපතිවරයා රවටා ඇති බව ද ඔහු කියා සිටියි.

කාබනික පොහොර ගෙන්වන සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

කාබනික පොහොර තනිකරම මාෆියාවක් බවත් දැන්වත් මෙම තීරණය අකුලා ගත යුතු බවත් ඒ මහතා පවසයි.

එසේ නොකළහොත් ලඟදීම මහ සාගතයක් ඇති වන බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress