ඇමරිකාව සමග යුගදනවි පසුපස ගිවිසුම් හතරක්.. 13 වතාවක් කැබිනට්ටුව රවටලා.. ජාතික සංවිධනය උසාවි යයි..
Posted on October 21st, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

එල් එන් ජී බලාගාරය ඇමරිකානු සමාගමකට බදු දීමට එරෙහි රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ සදහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර‍, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු එක්ව සිටියහ.

එහිදි අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි මෙසේ පැවසීය.

”එල්.එන්.ජී. බලාගාරය ඇමරිකාවට බදු දීම වහාම නවත්තන්න කියලා උසාවි නියෝගයක් දෙන්න කියලා අපි අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එහෙම කරන්න හේතුව මේ ජාතික සම්පත් විදේශයන්ට බදු දෙනවට මේ රටේ මහජනතාව කැමති නෑ. මහජනතාවට බැහැ මේවට ඉදිරිපත් වෙන්න. ඒ නිසා පොදු ජනතාව වෙනුවෙන් තමයි අපි මේ ඉදිරිපත් වෙන්නේ.

ඊට අමතරව මහ ජනතාව දැනුවත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා මොකද නැත්තං ජනතාව අපෙන් අහනව හාමුදුරුවෝ ඇයි නිහඬව ඉන්නේ කියලා. දැන් ජනතාව හැම පැත්තෙන්ම දුරකථන මාර්ගයෙන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපේ හාමුදුරුවෝ අපට ඡන්දෙ දෙන්න කිව්වා ඡන්දය දුන්නට ජනතාවට ඕන දේ වෙන්නේ නෑ ඇයි අපිට ඡන්දෙ දෙන්න කිව්වේ හාමුදුරුවෝ බොරු නේද කිව්වේ කියලා එහෙම අහනවා ඉතිං අපිට දැන් කට උත්තර නැතුව ඉන්නේ යැයි බොංගමුවේ නාලක හිමියන් එහිදි සදහන් කළේය.”

මෙහිදී අදහස් දැක්වූ ආචාරය ගුණදාස අමරසේකර මහතා

මේ ගිවිසුම අත්සන් කරලා තියෙන විදිය ඉතාමත් අසෝබනයි, මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට්ටුවට ඉදිරිපත් නොකර තනි පුද්ගලයෙකුගේ අත්තනෝමතික ක්‍රියාවක්, මේක නීති විරෝධී ක්‍රියාවක්, මේක ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්, ඒවගේම මේ ගිවිසුම නිසා මේ රටේ ආරක්ෂාවට විශාල හානියක් වෙනවා රටේ ආරක්ෂාව ඇමෙරිකාවේ සමාගමකට දෙනවා වගේ වැඩක් තමයිමේ. මේකෙ ස්විච් එක අනිත් පැත්තට හැරෙව්වා ම ඕන වෙලාවක රටේ බල ශක්තිය අඩපණ කරන්න එයාලට පුළුවන්. ඒ නිසා මේකට ඉඩ ඉඩ දෙන්න නරකයි ජාතික සංවිධාන වශයෙන් මේකට විරුද්ධව කළ යුතු සියලුම දේ කරන්න අපි සූදානම්.

එහිදී මාධ්‍ය වේදීයෙකු ඇමෙරිකන් පුරවැසිභාවයක් හිමි අයෙකුට මුදල් අමාත්‍ය ධුරය ලැබීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමරසේකර මහතා

ඔව් ඒක ඇත්ත, ඔව් එක ඉතාමත්ම අසෝබන දෙයක් ඔහුට පාර්ලිමේන්තුවට එන්න ඕන වුනානම් මුදල් ඇමති වෙන්න ඕන උනානම් අඩු ගණෙන ඔහුට තිබුණා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කරගෙන එන්න එහෙම නැතිව ඔහු පාර්ලිමේන්තුවට පැමිණිලා මුදල් ඇමති වීම ඉතාමත් පහත් ක්‍රියාවක් ඇමෙරිකන් පුරවැසිකම තිබෙනවයි කියන්නේ ඔහු ඇමරිකාවට සේවය කරන්න බැදී සිටිනවා කියන එක.

මෙහෙදී අදහස් දැක්වූ වෛද්ය වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇමරිකානු සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කළා. මෙතනදි කොන්ත්‍රාත් හතරක් තියෙනවා. ආණ්ඩුවේ සමාගම් දෙකක එකක කොටස් විකිකුණලා තියනවා. අනෙක් සමාගමේ කොටස් මිලදී ගැනීමට සඳහා සාකච්ඡාවක් සිදුවෙනවා.

ඒ අතර ගිවිසුම් දැනට හතරක් අත්සන් කරලා තියෙනවා. මූලික ගිවිසුම් රාමු අස්සන් කරලා තියෙනවා ඊළඟට කොටස් විකිණීමේ ගිවිසුම් අස්සන් කරලා තියෙනවා සුබදනිවි සමාගමේ ඊළඟට ගෑස් මිල දී ගැනීමට අදාළ කොන්දේසි පත්‍රිකාව අත්සන් කළ තියෙනවා. ඊළඟට අලුතෙන් ඉදිකෙරෙන සුබදනවි සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අස්සන් කරලා තියෙනවා.

එතකොට මේ සියලු ගිවිසුම් කොන්ත්‍රාත් අස්සන් කරලා තියෙන්නේ කොන්ත්‍රාත් ලබා දීලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව, බලශක්ති ප්‍රතිපත්තියට පටහැනිව සහ අමාත්‍ය මණ්ඩලයේ නිසි අනුමැතියක් නැතිව. ඉතින් ඒ නිසා තමයි අපි ඒවා නිසි ලෙස අනුමැතියක් නොමැතිව අත්සන් කරපු ගිවිසුම්, කොන්ත්රාතත් ලෙස සලකලා ඒවා බල බලරහිත කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ. මෙතනදි භාණ්ඩාගාර ලේකම්වරයා දහතුන් වතාවක් අමාත්‍ය මණ්ඩලය නොමඟ යවලා තියෙනවා.

අමාත්‍ය මණ්ඩලයට තොරතුරු වසන් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැතුව අනුමැතිය ලබාගෙන තියෙනවා. එතකොට මේ අවසාන වශයෙන් 17 වැනිදා සිකුරාදා මහ රෑ 12ට අත්සන් කරපු ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා කියලා පොරොන්දු වෙනවා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලයටත් ඒ ගිවිසුම ඉදිරිපත් කරල නෑ. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයත් එක්ක හොරා පොලිස් සෙල්ලම කරනව මේ භාණ්ඩාගාර ලේකම්වරයා. අපි ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා මේක රජයට පාඩු සිදු කරලා තියෙන බරපතළ දූෂණයක් කියන කාරණය මත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress