නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…
Posted on November 19th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඉන්දියාවෙන් මෙරටට ගෙන ලද නැනෝ නයිට‍්‍රජන් මිලිලීටර් 500 ක මිල ඉන්දීය රුපියල් 240කට බව ඉන්දීය සමාගමේ නියෝජතයකු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඉන්දියාවේ ඇති විශාල තරගය නිසා 10%ක මිල අඩු කිරීමක් යටතේ විකුණන බවද ඔහු පැවසීය.

ලංකාවට එම දියර නයිට‍්‍රජන් ලබා දී ඇත්තේ රුපියල් අටසියයකට වැඩි මුදලකට බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පැවසූ විට ඔහු කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මේ ගැන විමසු විට ඔහු සඳහන් කළේ මෙම පොහොර ආනයනය කළ සමාගම විශාල ලාභයක් තබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වන බවයි.

ඔවුන් සමඟ සාකච්ඡා කළ එය අඩු කිරීමට උත්සාහ කරන බව ද ඔහු පැවසූ ඔහු පොහොර ආනායනය ඇත්තේ තමන් යටතේ නොවන බවද පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress