ලංවිම සභාපතිගේ ‘කඩාකප්පල්කාරී’ කතාවට ඉන්ජිනේරු සංගමය දුන්න පිළිතුර
Posted on December 3rd, 2021
මව්බිම දැන් කුමුදු ජයවර්ධන

විදුලිය සැපයුම බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කරන චෝදනාව කිසිසේත් පිළිනොගන්නා බව ලංවිම විදුලි ඉන්ජිනේරු වෘත්තීය සමිති සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, දෝෂය ඇතිවූයේ ස්වයංක්‍රීය පද්ධතියක හෙයින් විදුලිය බිඳ වැටීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා ගත හැකි බව ය.
අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි ඉන්ජිනේරුවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද පසෙක තබා සේවය ලබා දුන් බව ඔහු පෙන්වා දුන්නේ ය.