මුදල් ඇමතිට මොල හතක් ඇතැයි කියන්නේ හත සමත් නිසා වෙන්න ඇති…- විජේදාස
Posted on December 12th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මුදල් අමාත්‍යවරයාට මොල හතක් ඇතැයි ඇතැමුන් පවසන්නේ ඔහු 7 සමත් නිසා වන්නට ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රටක් ගොඩ දැමීමට එය ප්‍රමාණවත් නොවන බවත් අඩුම තරමේ දාසය සමත්වී මොල 16ක් වත් තිබිය යුතු බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

ඉදිරියේ එළඹෙන සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත් වනු ඇතැයිද ඔහු පැවසීය.

සති දෙක තුනකින් විදේශ සංචිත බින්දුවටම වැටුණු පසු රට තුළ විශාල සාගතයක් ඇති වන බවත් කලකෝලාහල ඇති වනු බවත් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress