රාජ්‍ය නිලධාරීන් සඳහා යතුරුපැදි ලබා දීමට ප්‍රමාණවත් මුදල් වෙන්කර එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.
Posted on December 14th, 2021

සංවර්ධන නිලධාරී සේවා සංගමය

බැසිල් රාජපක්ෂ මැතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ01.

ගරු මුදල් අමාත්‍යතුමනි,

රාජ්‍ය නිලධාරීන් සඳහා යතුරුපැදි ලබා දීමට ප්‍රමාණවත් මුදල් වෙන්කර එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

පසුගිය නොවැම්බර් 12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2021 දෙසැම්බර් 10 දින සම්මත වූ 2022 වර්ෂයට අදාළ අයවැය යෝජනාවක් ලෙස රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම සඳහා රු. මිලියන 500 (ලක්ෂ 50 000) මුදලක් වෙන් කර ඇත. රාජ්‍ය නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදීමට එම මුදල් ප‍්‍රමාණවත් නොවන අතර සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන මෙන් අප පළමුව ඉල්ලා සිටිමු.

2013
වර්ෂයේ අප සංගමය එවකට මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව 2014 වර්ෂයේ දී ක්‍ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදුන් අතර 2015 න් පසු එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පැවති රජය විසින් අත්හිටුවන ලදි.

රජයේ ඉහළ විධායක හා මාණ්ඩලික නිලධාරීන් සඳහා තීරුබදු රහිත මෝටර් රථ බලපත්‍ර හිමිකම පවතින අතර සෙසු රාජ්‍ය සේවකයින් සඳහා අවම වශයෙන් හෝ තීරු බදු රහිත යතුරුපැදි ලබාදීමේ වැඩ සටහන යළි ක්‍රියාත්මක කිරීමට රජය තිරණය කිරීම අගය කළ යුතු ක්‍රියාවකි.

2.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය තුළ මාණ්ඩලික හා විධායක නොවන සේවාවන්වල ලක්ෂ 7 පමණ රාජ්‍ය සේවකයින් ප්‍රමාණයක් සිටින අතර සේවා අවශ්‍යතාවය හා ඉල්ලූම් කරන සියලූ රාජ්‍ය සේවකයින්ට යතුරුපැදි ලබාදීම සුදුසු බව යෝජනා කරමු,
 
3. 2014
වර්ෂයේ දී ලබාදුන් යතුරුපැදි සඳහා වසර 08 පමණ කාලයක් ඉකුත්ව ඇති බැවින් සඳහා නව යතුරුපැදි ලබා දීම,

4.
රාජ්‍ය සේවයේ MN-04, MN-05 වැටුප් තලවලට අයත් ක්‍ෂේත්‍රගත හා කාර්යාලගත සියලූ නිලධාරීන් ඇතුළු අනෙකුත් ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම,

5.
සංවර්ධන නිලධාරී සේවය යටතේ 2015 සිට 2020 දක්වා බඳවාගෙන ඇති නිලධාරීන් 70,000 ක් පමණ පිරිසක් තීරුබදු රහිත යතුරුපැදි පළමුවටයේ හිමිකම සඳහා අදාළවන බවත්, 2014 වර්ෂයේ දී පළමුවටයේ යතුරුපැදි හිමිවූ 146 381 දෙනා සඳහා වසර 05 ඉකුත්වීමේ පදනම මත පිරිසටද යළි යතුරුපැදි ලබා දිය යුතු බවද පෙන්වා දෙන්නෙමු.

කෙසේ වෙතත් යතුරුපැදි හිමිකම යටතට අවරණය වන සියලූ රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයේ දී තීරුබදු රහිත සහන පොලී ණය පදනම මත ලබාදෙන යතුරුපැදි සඳහා වෙන්කර ඇති රු. මිලියන 500 මුදල ප‍්‍රමාණවත් නොවන අතර ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කර කඩිනමින් යතුරුපැදි ලබා දීම සඳහා පියවර ගන්නා මෙන් අප සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප්‍රධාන ලේකම්
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress