ආණ්ඩුවක් විදිහටයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටයි, පොහොර ලේකම් කාර්යාලය විදිහටයි ගත්ත තීන්දුව තාම ක්‍රියාත්මක කර ගන්න බැරි වෙලා තියෙනවා.
Posted on December 15th, 2021

තිසර සමල් – අනුරාධපුර    

ආණ්ඩුවක් විදිහටයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටයි, පොහොර ලේකම් කාර්යාලය විදිහටයි ගත්ත තීන්දුව තාම ක්‍රියාත්මක කර ගන්න බැරි වෙලා තියෙනවා. ලංකාව ඇතුලේ තියෙන පොහොර ටික ඉක්මනට බෙදා දෙන්න පුලුවන්කම තියෙන්න එපැයි. දෙනවා කියලා කිව්වට තාම ගොවීන් අතට පොහොර ලැබිලා නෑ .කොච්චර රෑට ටී.වී එකේ කිව්වත් සේරම හරි දෙනවා – වෙලාවට දෙනවා කිව්වට.ඇත්ත කථාව බිමේ ගොවිමහත්වරු ගාව මේක නෑ.හරි වෙලාවට මේක නැති වුණාට පස්සේ ආයේ මේක දුන්නට වැඩක් නෑ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහළහල්මිල්ලෑව අවමංගල්‍යාධාර සමිතිය වෙත විමධ්‍යගත අරමුදලින් ප්ලාස්ටික් පුටු ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.එහිදී සමිතියට අදාළ ප්ලාස්ටික් පුටු 30 ක් මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් මහතා අතින් සමිතියේ නිළධාරීන් වෙත භාර දීම සිදු කෙරිණි.

එහිදී ගොවීන් අමාත්‍යයවරයා වෙත පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,

මේ වෙන කොට රටේ පවතින තත්වයත් එක්ක, ඔබතුමත් පවතින රජයත් එක්ක මැදි වෙලා ඉන්න නිසා කණගාටුවෙන් වුණත් කියන්න ඕන, අපි මාධ්‍යයෙන් හැමතැනින්ම දකිනවා, පොහොර ප්‍රශ්නයත් එක්ක මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නේ මේ රජය ඉතාමත් තුච්චයි කියලා, තමයි මිනිස්සුන්ගේ අදහස තියෙන්නේ,ඒකට හේතු සාධක කරුණු කාරණා තියෙනවා.අපේ ගමට මේ වෙන කොට නොමිලේ ලැබෙන්න තියෙන කිසිම පොහොර ඇටයක් ලැබිලා නෑ.හේන් ගානේ- කුඹුරු ගානේ ගිහින් බලන්න.වැඩක් නෑ ඒ ගැන කථා කරලා ඒක දුකින් වුණත් කියන්න ඕන.ඒක කාගේ දුර්වලතාවයද කොතැන මඟහැරීමක්ද කියලා අපිට තේරෙන්නේ නෑ යනුවෙනි.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානයක මහතා ගොවීන්ට කියා සිටියේ,

අපිත් දන්නවා මේ ප්‍රශ්නය, දෙනවා කියලා කිව්වට තාම ගොවීන් අතට පොහොර ලැබිලා නෑ ඇත්ත කථාව.කොච්චර රෑට ටී.වී එකේ කිව්වත් සේරම හරි දෙනවා, වෙලාවට දෙනවා කිව්වට.ඇත්ත කථාව බිමේ ගොවිමහත්වරු ගාව මේක නෑ.හරි වෙලාවට මේක නැති වුණාට පස්සේ ආයේ මේක දුන්නට වැඩක් නෑනේ යනුවෙනි.

ගොවි මහතෙකු අදහස් දක්වමින් කියා සිටියේ,

පිටරටින් ගේන පොහොර නෙමෙයිනේ, බඩඉරඟු වලට පොහොර දෙනවා කියලා සල්ලි ගත්තා, දැන් මාස 02 ක් වෙනවා පොහොර ටික නෑ.මාස දෙකක් වෙනවා ගිහින් බලන්න හේන් වල බඩ ඉඟුරු පැල අඩියක් විතර උස.ගොවියෝ සල්ලි බැඳලා බලාගෙන ඉන්නවා, පොහොරත් නෑ, සල්ලිත් නෑ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

වෙන් කර ගත්ත පොහොර ටිකවත් අපිට ගෙන්න ගන්න විදිහක් නෑනේ,පුද්ගලික අංශය සතුව තමයි ඒ පොහොර ටික තියෙන්නේ, අපි මේකට රණ්ඩු කලා, කථා බහ කළා, මේ හැම දේම කරලත් තමයි පොඩ්ඩක් හරි මේක වේගවත් වෙලා තියෙන්නේ.පුද්ගලික අංශයේ අය කැමති වෙන්න පුලුවන් මේ කන්නයේ කොහොම හරි මේක නොදී හිටියා නම් ලබන පාර රුපියල් 12000 කට විතර මේක විකුණනන්න පුලුවන්නේ. ඒ ගොල්ල බලන්නේ ලාභයනේ.හැබැයි මොන දේ වුණත් ආණ්ඩුවක් විදිහටයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටයි, පොහොර ලේකම් කාර්යාලය විදිහටයි ගත්ත තීන්දුව තාම ක්‍රියාත්මක කර ගන්න බැරි වෙලා තියෙනවා.ඕක තමයි ඇත්ත කථාව.ලංකාව ඇතුලේ තියෙන පොහොර ටික ඉක්මනට බෙදා දෙන්න පුලුවන්කම තියෙන්න එපැයි යනුවෙනි.

එහිදී තවත් ගොවි මහතෙකු නැගී සිටිමින් කියා සිටියේ,

ගොවි නියාමක මහත්තයා පොහොර ගන්නේ නැති අයගේ නම් ලිස්ට් එක වෙනම හදලා, පොහොර සල්ලි බැදපු අයගේ ලිස්ට් එක වෙනම හදලා, පොහොර ගබඩාවට ගිහින් සල්ලි බැඳපු ලිස්ට් එකේ අයගේ පොහොර ටික ගමට එනවා,අනිත් ටික පිටට යනවා.ඒකට ගමේ ගොවි සංවිධානයේ නිළධාරී හරහා තමයි සිද්ධ වෙන්නේ.ඒක ඩී.ඕ මහත්තයයි, ගොවි නියාමක මහත්තයයි, කොමසාරිස් දක්වා ඒ සල්ලි බෙදෙන කථාවක් තමයි, සමහර විට මේ චන්ද්‍රසේන මහත්තයාටත් යනවා ඇති මේ සල්ලි යැයි පැවසීය.

අනතුරුව අමාත්‍යයතුමන් මිහින්තලය ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සේවා ප්‍රාදේශීය නිළධාරීතුමන්ට දුරකථන ඇමතුමක් ගෙන

පහලහල්මිල්ලෑව ගම්මානයට පොහොර දුන්නේ නෑ කියලා දැන් ඔයත් එක්ක ගෝරනාඩු හදාගෙන ඉන්නේ,හෙට එන පොහොර ටිකෙන් පහල හල්මිල්ලෑවට පොහොර දෙන්න පුලුවන්නේ,පහළ හල්මිල්ලෑවට අනිවාර්යෙන් පොහොර ටික දෙන්න යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මිහින්තලා ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඉලංගසිංහ, මිහින්තලා ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress