මැති ඇමතිවරුන් 60 දෙනෙක් මහජන මුදලින් විදේස රටවල නත්තල් සවාරියේ (ප්‍රවෘතියක්))
Posted on December 18th, 2021

සුදත් ගුණසේකර

මැති ඇමතිවරුන් 60ක් ඔවුන්ගේ පවුල්වල අයද සමග මේ දිනවල ඇමෙරිකාව එන්ගලතය වැනි රටවල  නිවාඩුවක් ගතකිරීම සදහා පිටත්ව ගිය බවට ප්‍රවෘතියක් පලවිය.

මුලු රටම රෝ බිය, බඩගින්න, අහස උසට ඉහලගිය බඩු මිල,දෝරේ ගලා උතුරායන ජනතා අසහනය, ඩොලර් බිලියන  60 කට වැඩි ලෝක නය උගුලක හිරවීම වැනි පඹගාලක  පටලැවී  රටේ ප්‍රධාන අහාරය වූ  බත් පතටද තව ටික දිනකින් නැතිවන තත්වයට රට ඇදවැටී තිබේන මෙවැනි වෙලාවක  රටේ තියෙන අන්තිම ඩොලරයද පිහගෙනමැති අමතිබලතල යොදාගෙන  ලෝකය වටා විනෝද සවාරියන මහජන නියෝජිතයින්යයි කියාගන්නා මුන් හැමදෙනාම රටතුල තිබෙන අන්තිම තඹයද අතගාගෙන රට යනරෝමය ගිනිගනිද්දී වීණා වාදනය කළ නීරෝ මෙන් රට සවාරි යන මුන් යැවියයුත්තේ රටද ගෙදරද?.   මේ  60 දෙනා පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින 225  තවදුරටත් ප්‍රමාද නොකර  යැවියයුත්තේ රට නොව ගෙදරයයි මම යෝජනා කරමි. එසේකොට මේ රටට හෝ ජාතියට කිසිදුවැඩක් නැති පාර්ලිමේන්තුවද වසා දමන මෙන් මම යෝජනා කරමි.

රුවන්වැලිසෑමලුවේ දිවුරුමේ ඉතිරිවී ඇති ටික හෝ රැකගැනීමට තවමත් අවන්කව අදහස් කරන්නේනම් ජනාධිපතිවරයාට  මේ ගැන වහාම තීරණයක් ගැනීමට කාලය දැන් එලඹ ඇතැයි මම සිතමි.එසේ නොකළොත් වැඩිකලක් යාමට පෙර මේ මහජන නියෝජිතයින්යයි කියාගන්නා සියළුදෙනාටම සැගවී සිටීමට පිටරට තැන් සොයාගැනීමට සිදුවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress