නො විසඳෙන පොහොර ගැටලුවෙන් පීඩා විදින ගොවීන් (වීඩියෝ)
Posted on December 21st, 2021

උපුටා ගැන්ම  හිරු පුවත්

ලබන කන්නය සඳහා හෝ රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් (21) ගොවි විරෝධතා පැවැත්වුණා.

ඔවුන් චෝදනා කරන්නේ, පොරොන්දු වූ වගා හානි වන්දි කඩිනමින් රජය විසින් ලබාදිය යුතු බවයි.

එමෙන්ම වී ගොවීන් බොහෝ පිරිසක් මෙවර කන්නයේ වගා කටයුතු ආරම්භ කළේ ද මාසයක පමණ කාලයක් පමාවීමෙන් අනතුරුවයි.

ඒ අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදෙන බවට රජය දුන් පොරොන්දුව මතයි.

කෙසේවෙතත් වගාව ආරම්භ කර සති කිහිපයක් ගතව ඇතත් තමන්ට කිසිඳු පොහොරක් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් ඇතැම් ගොවීන් සිය වගාවන් අත්හැර දැමීමට ද පෙළඹි තිබෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress