ඩොලර් අර්බුදය රුපියල් වලින්ම විසඳා ගැනීමට වෙර දරමු.
Posted on December 26th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඩොලර් අච්චු ගහන්නේ ඇමරිකාවේය. ශ්‍රී ලාංකීය රුපියල් අච්චු ගහන්නේ ශ්‍රී ලංකාවේය. ආර්ථිකය තුල ගැටළු ඇති වුනත් අපිට රුපියල් අච්චු ගැසීමේ කටයුත්ත කල හැක. නමුත් අපිට ඩොලර් අච්චු ගැසීම කල නොහැක. දැන් අත්‍යවශ්‍ය සාධකයව ඇත්තේ ඩොලර්ය, ශ්‍රී ලංකා රජය උග්‍ර ඩොලර් හිඟයකට මුහුණදී සිටි. ඕනෑම දෙයක් හිඟ වෙනවිට එම භාණ්ඩයේ වටිනාකම ඉහල යන බැවින් එය වර්තමාන ශ්‍රී ලංකාව තුල ඇති අර්බුදයට සාපේක්ෂව ඉහල අගයක් ගත යුතුය. එසේවීම කිසිවෙකුටත් වලකාලිය නොහැක. මේ වනවිට ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 202.50ක් සේ සටහන්ව ඇත.

දැන් බරපතලම ප්‍රශ්නයව ඇත්තේ,ලබන වසරේ විදේශ ණය ගෙවීම සඳහා අවැසි ඩොලර් සොයා ගැනීමේ ගැටලුවයි. මේ ගැටලුව විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින්  නායක ලබා ගැනීමට යෝජනා වී ඇත. එය අප ලබා ගන්නේ ඩොලර් වලින් වන අතර ඒ නය පියවිය යුත්තේද ඩොලර් වලිනි. චීනයෙන් ගත්තද ඩොලර් වශයෙන් ගන්නා වූ මුදල් පොලියත් සමග ගෙවීමට සිදුවන්නේ ඩොලර් වලිනි. මේ උපක්‍රමය අනාගත ශ්‍රී ලංකාව නැවත වරක් ඩොලර් අර්බුදයක් වෙත පාකර හැරීමයි.

අපි ලබා ගන්නාවූ ඩොලර් වලට රුපියල් වලින් ගෙවීමේ ක්‍රමවේදයක් නිර්මාණය කර ගන්නේ නම් මේ උත්ගතව ඇති උග්‍ර ඩොලර් අර්බුදයට ඇති සැබෑ පිළියමයි. මේ සඳහා හොදම විකල්පය වන්නේ,2021 දෙසැම්බර් 28 වෙනිදා සිට 2022 ජනවාරි මස 31 වෙනිදා දක්වාවූ කාලය තුල විදේශයන් සිට බැංකු හරහා මෙරටට එවන සෑම ඩොලරයකටම 300ක මිලක් ගෙවන බවට තීන්දුවක් ගෙන ප්‍රකාශයට පත් කිරීමයි. මෙමගින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට පෙළෙඹෙනු ඇත. ඒ තුලින් රජයට විශාල ඩොලර් ප්‍රමාණයක් ගලා එනු ඇත.

ලැබෙන ප්‍රතිපල අනුව ඉදිරි කටයුතු සංවිධානය කල හැක. මෙවැනි කටයුත්තකට සමාන කාර්යක් සිරිමා බණ්ඩාරනායක රජයද සිදුකල අතර ඉන් නොනැවතී අයගේ රජය මැණික් ව්යාපාරිකයකුවූ නලින් හජ්ජියාර් මහතාගෙන් රුපියල්ගේවා ඩොලර් ලබාගත් බවද සිහියේ තබාගෙන වර්තමාන අර්බුදය කලමනාකරගත යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress