දැවැන්ත විදුලි කප්පාදුවක් එනවාලු.. කැකුණ ඇට දල්වාගෙන දඩ මස් බුදිමින් ගල්ගුහාවල සිටින තත්වයක් ඒවිලු..
Posted on January 6th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

නුදුරේදීම දිනකට පැය ගණනාවක විදුලි කප්පාදුවකට මෙරට ජනතාවට මුහුණ දෙන්න සිදු වනු ඇතැයි විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවත් සපුගස්කන්ද බලාගාරය දැනටමත් අක්‍රීය වී ඇති බවත් ඔහු පැවසීය.

රටේ ජනතාවට නොදන්වා විදුලි කප්පාදුවක් සිදු වන බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන බවද ඔහු පෙන්වා දේ.

වැඩි කලක් නොගොස් ජනතාවට පැය ගණනාවක් අදුරේ සිටීමට සිදු වන කාලයක් උදාවන බවද හෙතෙම පෙන්වා දෙයි.

තව ටික දිනකින් රාත‍්‍රිය පුරා කැකුණ ඇට දල්වාගෙන දඩ මස් බුදිමින් ගල්ගුහාවල සිටින තත්ත්වයකට පත්වන්නට සිදු වීමේ තත්වය රට අද පවතින බවත් ඔහු කියා සිටී.

විදුබල මණ්ඩලයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress