වැටුප් විෂමතා දුරලන වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරුන් වෙත ලබා නොදීම.
Posted on January 10th, 2022

වකමුල්ලේ උදිත හිමි ගරු සභාපති,ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය

අධ්‍යාපන ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ලේකම්තුමනි,

රාජ්‍ය සේවා,පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ෙජ්. රත්නසිරි මහතාගේ චක්‍ර ලේඛන අංක 03/2016 (සඩ) යටතේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය – 2016 යටතේ ලබාදී ඇති වැටුප් වැඩිවීම පිරිවෙන් ගුරුවරයාට ලබා නොදෙන තත්ත්වයක් උදාකර ඇත.

ඉහත චක්‍ර ලේඛනය ප්‍රකාරව දැනට කලාප කාර්යාල නිලධාරීහු ගුරු වැටුප් සකස් කරමින් සිටිති. එනමුත් ඔවුන්ට එවා ඇති චක්‍ර ලේඛනය මගින් පිරිවෙන් ගුරුවරුන්ට වැටුප් සකසන ලෙස උපදෙස් ලබා නොදීම නිසා ජනවාරි වැටුපට වැටුප් වැඩිවීම් නොකරන බව අප වෙත වාර්තා වෙයි.

ඉහත කරුණු එසේ හෙයින් අදාළ අඩුපාඩුකම් වහා සකසා අරගලකොට දිනාගත් වැටුප ජනවාරි මස සිට පිරිවෙන් ගුරුවරයාට ලැඛෙන පරිදි අදාළ චක්‍ර ලේඛන නිකුත් කරවන ලෙස ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress