අරුත කිම නිදහස ?
Posted on February 6th, 2022
ගුණරුවන්
අපෙ කමට උදහස – පර දෙසුට මඳහස
හිඟමනට අදහස – මෙ ද, අපට නිදහස ?
තිබෙන’මුදු ජව පස – වරන කල පල රස
බුදින දෙය පිට දෙස – කුමන දැයෙ නිදහස ?
කොළොම්තොට යත වෙස – යුගදනවි ගෙන බදු පැස
තෙල් ගුදම දෙත ඉස – එ ද නිදහසෙහි උස ?
ලගිත රුපු සිවු දෙස – බුදිත දැයෙ ලෙය මස
මකත දිවි හෙළ බස – අරුත කිම නිදහස ?
පැරැදි බව නොරහස – එළැඹිය ද තෙසහස
නොවෙද එය උපහස – විරුට හෙළ අපහස ?
වඩමු දැය සෙනෙහස – මඬිමු රුපු සුවහස
දකිමු දන ජය හස – දිනමු සෙට නිදහස !
ගුණරුවන්