ඉපලෝගම සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධනය
Posted on February 7th, 2022

තිසර සමල්   – අනුරාධපුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම  ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මිහින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින රාජ්‍යය ආයතන මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාවලියේ පසුගිය ප්‍රගතිය හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

මේ වන විට කොරෝනා රෝග ව්‍යාප්තිය  හා රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් වී හා බඩඉරඟු වගාවන්ට සිදුව ඇති වගා හානී  මෙන්ම  අධ්‍යාපන, ප්‍රවාහන, ජල සම්පාදන, ඉඩම් ආදී විෂයන් රැසක ප්‍රගතිය පිළිබදව සාකච්ජා කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ඉපලෝගම  ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress