ලංකාවේ නිදහස් අධ්යාපනය
Posted on February 10th, 2022

ජයන්ත හේරත්

නිදහස් අධ්යාපනය යනු  අධ්යාපනය සෑම කෙනෙකුටම ලබා ගැනීමේ ඇති අයිතියයි, නිදහසයි.

රජයක යුතුකම විය යුත්තේ ඒ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා අවශ්ය පහසුකම් සැපයීමයි.

අවුරුදු 2500ට පෙරත් අධ්‍යාපන ගාස්තු තිබුනේය. දිසාපාමොක් අහිංසක ගෙන් අද්යාපනයට ගාස්තුව අයකළේය. මිනිස්සු 1000 මරා ඇට මාලයක් පිදීමෙන්ය. මිනී මස් රාත්තල් ලක්ශයක්ය්.

පුද්ගලික මුදලට, හෝ රජය මුදල් යොදා හෝ scholarship ශිෂ්‍යත්ව දී හෝ මුදල් අය නොකර හෝ ණයට හෝ අධ්යාපනය දීමට ඇති පහසුකම් වැඩි දියුණු කිරීම රටේ අනාගත  දියුණුවට බොහෝ උපකාරී වේ.

රජය සහ පුද්ගලික අංශය හමුදාව ඇතුව හෝ නැතුව මෙම පුන්ය කටයුත්තට සහභාගී විය යුතුය. ආණ්ඩුව පලවන උසස් අධ්යාපන යුද්ධය ජය ගත්තේ හමුදාව සමගය.

1965 Dudley මහතාගේ ආණ්ඩුව සහල්  රාත්තල් දෙකක් නොමිළේ සුමානයකට කූපන් පොතකට සලාක ක්රමයට දුන්නේය. ඇති තරම් කන්න තව සහල් වෙළඳ පොලේත් තිබුනි, ගන්න වැඩි මිලට, සල්ලි තියෙන අයට, කන බොන අයට. කුස ගින්න නිවීමට ආහාර අත්යාවශ්යය. ජනතාවට ආහාර සැපයීම ආණ්ඩුවේ වගකීමකි

අධ්යාපනය කියන්නේ මොලයට අවශ්ය ආහාරයයි .  ඒ ආහාර ඇති තරම් ලබා ගැනීමට වෙලඳ පොලේ අධ්යාපනය තිබිය යුතුමයි. පුරවැසියන්ගේ මොලය නිරාහාරව සාගින්නේ තැබීම රජයේ යුතුකමක් නොවේ. හැකියාව තිබියදී නොදීම බරපතල වරදකි. නොදෙන්නයි කීමද බරපතල වරදකි. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට පහර දීමකි.

සෑම මට්ටමකම අධ්යාපනය  මිලදී ගැනීම පසුගිය අවුරුදු 50 තුලම ලංකාවේ ජයට සිදු කෙරුනි. තවමත් නොකඩවා සිදු කෙරී ගෙනයමින් පවතී. ඉදිරියටත්  කෙරෙනු ඇත. පස් වන පන්තියේ  ශිෂ්යත්ව, සාමාන්ය පෙළ විභාග, උසස් පෙළ විභාග වලින් සමත් වීමට බොහෝ සිසුන් අධ්යාපනය  මිලදී ගනී.

ශ්රී ලංකාවේ ඊනියා නිදහස් අධ්යාපනය නොමිලේ ලැබෙන්නේ සිසුන් අතලොස්සකට පමණකි. සෑම විශ්ව විද්යාල සිසුවෙකුටම අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 80,000 කට සමාන ශිෂ්යත්වයක් ලැබෙන බව අමතක නොකළ යුතුය..

ශ්රී ලංකාවේ නිදහස් අධ්යාපන ක්රමය බොහෝ කලකට පෙර අවසන් වූයේ සිසුන් අ.පො.ස. සාමාන්ය පෙළ සඳහා පෞද්ගලික උපකාරක පන්ති සඳහා tuition masterඅමතර ඉගැන්වීමවලට  ගාස්තු ගෙවීම ආරම්භ කිරීමත් සමඟ ය. වසර ගණනාවක් තිස්සේ ශ්රී ලංකාව ගාස්තුවක් ගෙවා උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රජයේ පාලිත ලාභ ඉපැයීමේ උපාධිධාරී ආයතනයක් වන මැලබේ කාර්මික විශ්ව විද්යාල ආයතනය පරිගණක විද්යා උපාධි ලබා දෙන්නේ එක් වාරයකට රුපියල් 50,000 කට වැඩි ගාස්තුවකට ය. දශක ගණනාවක් තිස්සේ විවෘත විශ්ව විද්යාලය ගාස්තුවක් සඳහා උපාධි ලබා දී ඇත, නීති විද්යාලය ගාස්තුවක් සඳහා උපාධි ලබා දී ඇත, ගණකාධිකාරිවරුන්ට ගාස්තුවක් සඳහා ICMA සුදුසුකම් ලැබෙන අතර ලන්ඩන් 1 වන කොටස සහ 2 වන කොටස ලබා ගැනීමෙන් කෙනෙකුට ඉංජිනේරුවෙකු විය හැකිය. ගාස්තු සඳහා විභාග. රුසියාවේ මාස හයක පුහුණුවෙන් පසු සහකාර වෛද්යවරයෙකුට වෛද්යවරයෙකුට සමාන වෘත්තීය සුදුසුකමක් ලැබේ. මෙම සියලු අවස්ථාවන් ශ්රී ලංකාවෙන් ලබා ගත හැකි නමුත් ඉතා සුළු පරිමාණයකින් ලබා ගත හැකිය. මිනිසුන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ඔවුන්ගේ වෘත්තීන්හි ඉහළම ස්ථානයට පැමිණීමට උපකාර කිරීම සඳහා වඩා විශාල පරිමාණයෙන් තවත් විකල්ප තිබිය යුතුය. එක් විභාගයක ප්රතිපලයකින් හෝ අ.පො.ස. උසස් පෙළ අනුව පුද්ගලයෙකුගේ අනාගතය වයස අවුරුදු 16 දී තීරණය නොකළ යුතුය.

අධ්යාපනය  නොමිළේ සැමට සදහටම දිය නොහැකිය. නොමිලේ අධ්යාපනයක් ලැබීමෙන් පසු රටට පඩි රහිතව ජීවිත කාලය තුලම වැඩ කල යුතු ක්රමයක්ද නොතිබිය යුතුය. එවන් කොන්දේසි තිබුනා නම් කිසිවකු කවදාවත් මිලක් නොගෙවා ඉගෙන ගන්නේ නැත.

බඩට අවශ්ය ආහාර සියල්ලටම කඩේ මුදලාලිට සල්ලි ගෙවා අපි ගන්නවා වගේ මොලයට අවශ්ය ආහාර ද සල්ලි ගෙවා ලබා ගත හැකි විය යුතුය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වේගවත්, ඇතිධාවනකාරී, විශාල වශයෙන් සමාන්තර සහ පැතුරුණුඅන්දමට (parallel  හා distributed) විය  යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress