2017/2019 අධ්‍යයන වර්ෂවලට අයත් විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්
4000 කගේ ගුරු පත්වීම් ප්‍රමාදවීම සම්බන්ධවයි

Posted on February 15th, 2022

ලංකා ගුරුසේවා සංගමය

ගරු අධ්‍යාපන අමාත්‍ය,
දිනේෂ් ගුණවර්ධන මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,
2017/2019 අධ්‍යයන වර්ෂවලට අයත් විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්
4000 කගේ ගුරු පත්වීම් ප්‍රමාදවීම සම්බන්ධවයි.

2015 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට 2017/2019 අධ්‍යයන වර්ෂවල විද්‍යාපීඨවලට ඇතුළත්ව අධ්‍යාපන විද්‍යා ශික්ෂණ ඩිප්ලෝමාව හැදෑරු 4000 ක් පමණ වන සිසුන්ගේ අවසන් විභාග ප්‍රතිඵල ද නිකුත් කර ඇති තත්ත්වයක් තුළ එම ගුරු පත්විම් කඩිනම්ව ලබාදීමේ අවශ්‍යතාව කෙරෙහි ඔබගේ දැඩි අවධානය යොමු කරමු.
02ග 2015 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට වසර 07 කට ආසන්න කාලයක් ගතකර ඇති මෙම ඩිප්ලෝමාධාරීන්ගේ පත්වීම් තවදුරටත් ප්‍රමාදවීමත් දිවයින පුරා පුහුණුවලත් ගුරුවරුන්ගේ උග්‍ර ගුරු හිගයක් පැවතීමත් සැළකිල්ලට ගෙන මෙම පත්වීම් කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යංශය හා ජාතික අධ්‍යාපන ආයතනය ඇතුඵ අදාළ ආයතනවල වගකීමකි.

03ග අ.පො.ස. උසස් පෙළ විභාගය මගින් වාර්ෂිකව අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින ප්‍රමාදයේදීත් අභ්‍යන්තරව ඉගෙනුම ලබන සිසුන්ගේ පාඨමාලා කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමේදීත් මේ වනවිට නිර්මාණය වී ඇති ගැටඵ රැසකි. එහිදී විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ කිසිදු වගවිභාගයකින් තොරව අධ්‍යාපන විද්‍යාපීඨ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීමෙන් පැවති තත්ත්වය තවත් උග්‍රවීමට හේතු වී ඇත. මෙහිදී අදාළ අධ්‍යයන වර්ෂ සදහා අයදුම්පත් ඉදිරිපත් කළ සිසුන්ගෙන් පැවති සම්මුඛ පරික්ෂණ ස`දහා සහභාගීත්වය අවම මට්ටමක පවතින බවද වාර්තා වේ.
එහෙයින් පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන මෙම අධ්‍යාපන විද්‍යාපීඨ හා එහි පැවැත්වෙන පාඨමාලා මේ ආකාරයෙන් පිරිහීමට ඉඩ හැරීම 43 ලක‍ෂයක් වත්මන් සිසු දරුවන්ගේ මෙන්ම අනාගත සිසු දරුවන්ගේ ද ගුණාත්මක අධ්‍යාපනයට සිදු කරන බරපතළ හානියක් බැවින් කඩිනමින් මෙම පත්වීම් ලබාදිමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් එය සාධාරණ කාලයක් තුළ සිදු නොවන්නේ නම් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලංකා ගුරුසේවා සංගමයට ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බවත් මෙයින් දන්වා සිටිමු.

ස්තූතියි,
මෙයට,

මහින්ද ජයසිංහ
ප්‍රධාන ලේකම්,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress