අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පුරප්පාඩු වී ඇති අධ්‍යාපන අධ්‍යක‍ෂ හා කොමසාරිස් තනතුරු 18 ක් ස`දහා සිදු කිරීමට නියමිත පත්වීම් සම්බන්ධවයි.
Posted on February 17th, 2022

ලංකා ගුරු සේවා සංගමය.

ගරු ජනාධිපති
ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පුරප්පාඩු වී ඇති අධ්‍යාපන අධ්‍යක‍ෂ හා කොමසාරිස් තනතුරු 18 ක් ස`දහා සිදු කිරීමට නියමිත පත්වීම් සම්බන්ධවයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතියට යටත්ව අධ්‍යාපන ලේකම්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ පුරප්පාඩු වී පවතින අධ්‍යාපන අධ්‍යක‍ෂ හා කොමසාරිස් තනතුරු 18 ක් සදහා 2021.09.13 දිනැතිව අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවා පවත්වන ලද සම්මුඛ පරීක‍ෂණ හා එහි නිර්දේශයන්ට අනුව ලබාදීමට නියමිත පත්වීම් සම්බන්ධව ඔබගේ දැඩි අවධානය යොමු කරමු.

02ග මෙම පුරප්පාඩු තනතුරුවල පත්වීම්වලට පෙර ජාතික පාසල් 31 ක් ස`දහා සිදු කළ සම්මුඛ පරීක‍ෂණ හා ලබාදුන් පත්විම් සම්බන්ධව මේ වනවිට එල්ලවී ඇති බරපතළ විවේචන හේතුවෙන් අදාළ පත්වීම් වහාම අත්හිටුවමින් අපක‍ෂපාති විධිමත් පරීක‍ෂණයක් අරඹන ලෙස මගේ අංක ල.ගු.සේ.ස./ජනාධිපති/02 හා 2022.01.24 දිනැති ලිපිය මගින් ඔබගේ අවධානය යොමු කිරීමට ද කටයුතු කළ බව අවධාරණය කරමු.

03ග විශේෂයෙන් උක්ත තනතුරු අධ්‍යාපන පරිපාලන සේවයට අයත් තනතුරු වන අතර රාජ්‍ය සේවය තුළ ශ්‍රී ලංකා පරිපාලන සේවයක් තිබියදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලනය සදහා අධ්‍යාපන පරිපාලන සේවයක් ස්ථාපිත කරනුයේ මෙරට අධ්‍යාපනයේ සුව්ශේෂීව හදුනාගත් කාර්යභායක් ඊට පැවරී තිබීමත් ඒ සදහා ව්‍යවස්ථානුකූල පළපුරුද්දක් ඇති සුදුස්සන් තෝරාපත් කර ගැනීමට බවත් පෙන්වා දිය යුතු නැත. තවදුරටත් ශී්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය තුළ ද ව්‍යවස්ථානුකූලව නිශ්චිත සුදුසුකම් ඇතිව තරග විභාග මගින් බදවා ගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදී ඇත්තේ ද අධ්‍යාපනයේ අරමුණු වඩා ඵලදායීව ඉටු කර ගැනීමේ අරමුණිනි.

04ග නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ අධ්‍යාපන ලේකම්වරයා ඇතුඵ සම්මුඛ පරික‍ෂණ මණ්ඩලය එවැනි අරමුණකින් කටයුතු කර මෙම බදවා ගැනීම් සිදු කළේ ද යන බරපතළ විවේචනය මේ වනවිට අදාළ විදුහල්පතිවරුන් පත්කිරීමේදී පැන නැගී ඇත. එපරිදිම අදාළ සම්මුඛ පරීක‍ෂණ මගින් අධ්‍යාපන අධ්‍යක‍ෂ හා කොමසාරිස් තනතුරු ස`දහා ද තෝරා පත් කර ගැනීම් සිදු කර ඇති අතර උක්ත අක්‍රමිකතාම මෙහිදී ද සිදුව ඇති බවට තොරතුරු අප සංගමය වෙත වාර්තා වේ.

එහෙයින් මෙම සියලූ බදවා ගැනීම් සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද ඇතුඵව අපක‍ෂපාති විධිමත් පරීක‍ෂණයකට යොමු කරන ලෙසත් සේවා ව්‍යවස්ථාවන් හා අදාළ තනතුරුවල පැවරෙන රාජකාරි හා වගකීම් නිවැරදිව අර්ථනිරූපණය කරමින් ඊට අදාළ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මෙන්ම ජ්‍යෙෂ්ඨතාවය හා පළපුරුද්ද ඇති නිලධාරීන් පමණක් මෙම වගකිව යුතු තනතුරුවලට පත්කිරීමට පියවර ගත යුතුව ඇත. එසේ නොවන්නේ නම් අධ්‍යාපනයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මේ වනවිට අපගේ දැනුවත් කිරීම්වලට අනුව තවදුරටත් ඔබගේ ද අනුදැනුම ඇතිව සිදුවන මෙම අක්‍රමිකතාවලට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරුසේවා සංගමය ලෙසත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු සංගම් ඒකාබද්ධවත් කටයුතු කිරීමට සිදුවන බව අවධාරණය කරමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත් – 01. ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

  1. ලේකම් – රාජ්‍ය සේවා කොමිෂන් සභාව 03. ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය
    1. සහකාර ලේකම් (අධ්‍යාපන සේවා) – අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress