පුද්ගලීකරණය සහ මිලිටරීකරණයෙන් නිදහස් අධ්‍යාපනය  දෙමු
Posted on February 17th, 2022

ජයන්ත හේරත්

චීනයේ  අවුරුදු පතා ඉංජිනේරුවෝ ලක්ෂ 6 ක් උපාධි ලබා විශ්ව විද්යාල වලින් පිටවෙති. 

චීනයට කිට්ටුවීමට නම් අපේ ඉංජිනේරු උපාධි නිෂ්පාදනය අවුරුදු පතා 8000 දක්වා වත් වැඩි කල යුතුය පුද්ගලීකරණ සහ මිලිටරීකරණ ක්‍රම ඇතුලත්ව.

2016 දී චීනයේ Science Technology Engineering Mathematics  උපාධිධාරීන් මිලියන 4.7 ක් ද, ඉන්දියාවේ STEM උපාධිධාරීන් මිලියන 2.6 ක් ද  එක්සත් ජනපදයේ 568,000 ක් ය. ලංකාණු සංඛ්‍යා දන්නේ නැත.

ච්ලි වල Gabriel Boric දිනුවාය. වයස අවුරුදු 35 ය. Boric ඊයේ පෙරේදා දීනුවාට jvp-npp ලාට දිනන්නට බෑය. එන්නට බෑ ය. කොරන්නත් බෑය. 2000 මුල් දශකයේ ආසන 38-40ක් ගත්තාට කල බම්බුවක් නැත. අන්තිමේදී දමලා ගහලා ගියේය. මුන්ට ප්‍රශ්න වලට විසදුම් නැත. වැරදුන තැනට reverse ගිහින් හදන්නට බැරිය.

ආණ්ඩු එනවාය. යනවාය. ඒක හොඳය. නිකම් දුන්නාට දිනන්නට බැරි බව ආණ්ඩු දැන ගත යුතුය. ආණ්ඩු වර්ජන මර්දනය කල යුතුය. මර්දනය නොකලාට දිනන්නේ නැත. අද කලයුතු දේ අද කල යුතුය. හෙට නොවේ. අදය.

පසුගිය දශක හය  තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලත් තරුණයින් සියයට 80 කට වැඩි පිරිසකට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට අවස්ථාව ලබා දී නොමැත. JVP කාරයා ඇතුළු උසස් අධ්‍යාපන විරෝදී කණ්ඩායම් මීට වග කිව යුතුය. උන්ට උත්තර නැත.

තරුණ පරම්පරා 50 කට  උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට ඇති අයිතිය අහිමි කිරීම ගැන වග කිව යුත්තේ  JVP කාරයාය. රටේ වටිනාම  සම්පත් විනාශ කල කණ්ඩායම JVP එක බව අවිවාදයෙන් පිළිගත යුතුය.

රටේ අනවශ්‍ය වර්ජන රැලි මහෙය වූයේ උන්ය. විශ්ව විද්‍යාල සිසුන් ඉගෙනීම නවතා වර්ජන වලට යැව්වේ උන්ය. එහෙම කිරීමෙන් උන්ට තරුණයන් වහලුන් වශයෙන් ජීවිත කාලය පුරාම තබා ගත හැකි යයි සිතුවා විය  හැක.

සියලුම සංවර්ධිත රටවල් මානව ශ්‍රමය ඔවුන්ගේ ප්‍රධාන සම්පත ලෙස පිළිගන්නා නිසා, ඔවුන් උගත් මිනිසුන් බිහි කරයි.

බොහෝ රටවල අධ්‍යාපනය විශාල ව්‍යාපාරයකි. විශ්ව විද්‍යාල යනු උගත්, ඉහළ දක්ෂතා ඇති, නිර්මාණශීලී පුද්ගලයින් බිහිකරන කර්මාන්තශාලාය. විශ්ව විද්‍යාලවලට යන සිසුන් උසස් අධ්‍යාපනය ලැබීමට සහ ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපකාරක පන්ති සහ ගාස්තු ගෙවයි. මෙම මුදල් ආර්ථික වර්ධනයට දායක වන අතරම සුදුසුකම් ලත් පීඨ, කාර්ය මණ්ඩලය සහ පරිපාලනය සඳහා නව විශ්වවිද්‍යාල සහ රැකියා අවස්ථා නිර්මාණය කළ හැක.

කෙසේ වෙතත්, සියලුම සිසුන්ට තමන් කැමති විෂයකින් උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසීම රජයක  පරම යුතුකමකි බැඳීමකි.

ලංකා ජනගහණයෙන් 98-100%කට දැන් විදුලිය ඇත. 98-100%කට Smart phone, Computer, Internet ඇත. එය 1970 ගණන්වල තනි ඉලක්කම්වලට  සාපේක්ෂව දැවැන්ත ප්රගතියකි.

අධ්යාපනය සඳහා එම  සංඛ්යාව 20% කි. අධ්යාපනය සඳහා 98-100%  ඉලක්කය  සාක්ෂාත් කර ගැනීම  වැදගත්ය.

ලංකාවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය  මොරටුව විශ්ව විද්‍යාලය වැනි ප්‍රමුඛ පෙලේ ආයතන  රටපුරා Replicae  කල යුතුය. මෙවැනි ව්‍යාපෘති කරනවාට විරුද්ධ කණ්ඩායම් දේශපාලන භූමිකාවෙන් ඉවත් කල යුතුය, ස්වේච්චාවෙන් ඉවත් විය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress