වැරදි ඉවසීම – උද්ධමනය සහ විදුලි කප්පාදුව Fault Tolerance – Inflation and Power Cuts 
Posted on February 19th, 2022

ජයන්ත හේරත්

ඔන්න විදුලිය කපනවා

power cut  එනවා 

බය වෙන්න එපාය

උද්ධමනය එනවා

බය වෙන්න එපාය

අපට අපේ විසඳුම් තිබිය යුතුය

තෙල් ඉන්ධන මිල ඉහල යනවා

බය වෙන්න එපාය.

හාල් මිල ඉහල යනවා

බය වෙන්න එපාය.

ගෑස් නැත

බය වෙන්න එපාය.

කිරි පිටි නැත

බය වෙන්න එපාය.

සිද්ධාර්ථ කුමාරයා

පොඩි කාලයේදී

අම්මා මළේය

මවු කිරි නැත 

කිරි පිටි තිබුනේත් නැත

බුදු උනේය

බබෝ බිල්ලෝ එනවා

බය වෙන්න එපාය.

ගම්වල

කිරි නැති අම්මලා

පොඩි උන්ට 

පොවන්නේ රා ය

දුෂ්කර පළාත් වල

heart-attack

හැදුන අය

හැතපුම් ගණන් 

ඉස්පිරිතාලයට

උස්සා ගෙන එන්නේ

4-5ස් දෙනකුගේ අර පිටින්ය 

අපි භය විය යුත්තේ භය වෙන්නටය

බඩු මිල නැගීම උද්දමනයයි

බඩු වල මිල නගින්නේ ඉල්ලුම වැඩි නිසාය

අපි නොගන්නා බඩු නැග්ගත් එකය  බැස්සත් එකය

අධික මිල බඩු

නොගැනීම එක විසඳුමකි

බඩු  ප්‍රමාණය  අඩු කිරීම තවත් ක්‍රමයකි

65-70 වල 

ඩ ඩ් ලි නිකම් හාල් දුන්නේය

මිනිස්සු වවන්න පටන් ගත්තේය

තමන්ගේ එළවලු තමන් ම වවා ගත්තේය

කුඹුරු ගොවිතැන කර හාල් නිෂ්පාදනය කළේය

මයියොක්ක

බතල

අර්තාපල් අල

එළවලු 

වත්තේ වගා කර කෑවේය

විදුලි මිල

ඉහල යන්නේය

ඉන්ධන මිල ඉහල යන්නේය

ලංකාවේ 98-100% විදුලිය ඇත

එක්සත් ජනපදයේත් 100% විදුලිය ඇත

විදුලිය 100% තිබුනත්

විසන්දි විය හැක

සැපයුම unreliable ය

ග්‍රිඩ් එක unstable ය

විශ්වාසදායක නැත

අනුන් සපයන

විදුලි බලය නැතිඋනොත්

රෑ අඳුරේ ය

අඳුරට බයය

අපි 60-80 වල

ජීවත් උනේ

විදුලි බලය නැතිවය

පාඩම් කලේ දවල් ඍජු හිරු එලියෙනි

රෑ කුප්පි ලාම්පු ඉටිපන්දම් වල පිහිටෙනි

ඉව්වේ

කටින් දර ලිපට පිඹලා

ඍජු wind power වලිනි 

අඳුරේ සිටීමට

බිය වන්නන්

ඔවුන්ගේම

බලය නිපදවීමේ ආශ්චර්යය සිතනු නොඅනුමානය

නව ව්‍යාපාර technologies බිහිවනු ඇත

පුද්ගලික

power generators,

solar panels

micro-ග්‍රිඩ්ස්

වලින්     

තමන්ගේ electric Power

තමන්ම නිපදවා ගන්නා තැනට එක්සත් ජනපදයද පැමිණ ඇත. 

Covid-19

අධ්‍යාපන විප්ලවයේ

පරිවර්තනයේ

උත්ප්‍රේරකයක්

ලෙස ක්‍රියා කරයි.

එය

සංක්‍රාන්ති ක්‍රියාවලිය

වේගවත් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress