ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන බොහෝ සේවකයන් තුළ කුසලතාවය සහ ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වී නැහැ
Posted on February 24th, 2022

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන බොහෝ සේවකයන් තුළ කුසලතාවය සහ ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වී නැහැ. ක්ෂේත්‍රයට අවශ්‍ය කුසලතා සහ තාක්ෂණික දැනුම ලබා දෙමින් වෘත්තීය 

අධ්‍යාපනය ලබා දීමට අප ක්‍රියා කරනවා.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ එතුමියගේ ප්‍රධානත්වයෙන් අද දින (24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පැවති වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පෙර දැනුම පාදක ඇගයීම් ක්‍රමවේදය (RPL) ඔස්සේ ප්‍රථමවරට NVQ සහතික  සහ නිපුණතා බලපත්‍රය (skills passport) පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ඒ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් (තේ) 48 දෙනෙකු සහ ක්ෂේත්‍ර නිලධාරීන් (රබර්) 18  දෙනෙකු අද දින ඇගයීමට ලක්  විය. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) සහ Hayleys ආයතනය එක්ව පැවති වැඩසටහනකට අනුව එම ‌ ක්ෂේත්‍ර නිලධාරීන් හට NVQ සහතික  සහ නිපුණතා බලපත්‍රය ලබා ගැනීමට හැකි විය.

එම ‌ ක්ෂේත්‍ර නිලධාරීන් හට NVQ 5 මට්ටම ලබාගැනීමට අවශ්‍ය ජාතික නිපුණතා සම්මත මේ වනවිට සකසා ඇති අතර එ් සඳහා,

·         තේ තාක්ෂණය (Tea Technology)

·         වතු ව්‍යාප්ති කළමනාකරණය (Plantation Extension Management)

·         වැවිලි බෝග තාක්ෂණය (Plantation Crop Technology)  යන වෘත්තිය ක්ෂේත්‍ර ඇතුළත් වේ.

Hayleys ආයතනය මගින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ උප සභාපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා, Hayleys ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ආචාර්ය රොෂාන් රාජදුරේ මහතා, Kelani Valley ආයතනයේ සාමාන්‍යාධිකාරි අනුරුද්ධ ගමගේ මහතා ඇතුළු පිරිසක්  සහභාගි විය..

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress