යුක්රේනයේ JR පුනරුච්චාරණය
Posted on March 2nd, 2022

ජයන්ත හේරත්

1970 ගණන්වල

ඉන්දියාව

රුසියානු ගැති විය

සිරිමාද 

රුසියානු ගැති විය.

ඉන්දියාව

ශ්‍රී ලංකාව සමඟ

සුහද සබඳතාවක් පැවැත්වීය

දෙන්නම හිටියේ එකම බෝට්ටුවේය.

1977 මැතිවරණය 

සමීකරණය

වෙනස් කළේය.

ඡන්දෙ දිනුවේ

වාම විරෝධී JR ය.

ඔහු ඇමරිකානු හිතවාදී විය.

දැන් ඉන්දියාව

ඇමරිකානු

ගැතිය.

අසල්වැසි

ඉන්දියාව සමඟ

ජීවත් වන්නේ කෙසේදැයි

JR දැන සිටියේ නැත.

ඔහු ඉන්දියාවෙන්

ඈත් වීමට

පටන් ගත්තේය

ඇමරිකාවට වඩා

සමීප විය.

ඔහු

ඉන්දියාව සමඟ

මතවාදී යුද්ධයක්

ආරම්භ කළහොත්

ඇමරිකාව පැමිණ

ගලවා ගනු ඇතැයි

ඔහු අපේක්ෂා කළේය.

එයාව

බේරගන්න

ඇමරිකාව

ආවෙ නැත.

ඉන්දිරා

ශ්‍රී ලංකාවට

එරෙහිව සටන් කිරීමට

ගරිල්ලන්

පුහුණු කළාය.

ලංකාව

වසර 30ක්  ත්‍රස්තවාදයට

එරෙහිව

සටන් කළේය.

යුක්රේනයේ

අද

සිදුවන්නේ එවැනිම දෙයක් ය.

බටහිරට

සහයෝගය

දෙන බව සිතමින්

Zalensky 

රුසියාවට එරෙහිව

කුමන්ත්‍රණ

කිරීමට පටන් ගත්තේය.

බටහිරට

වඩා සමීප විය.

රුසියාවෙන්

ඈතට ඇදී ගියේය

රුසියාවට

එරෙහිව යුද්ධය

ආරම්භ කළේය.

Zalensky

සිතුවේ බටහිරය 

ඉක්මනින් පැමිණ

ඔහුව

බේරා ගනු ඇති බවයි.

Zalensky

දැන්

කරදරයක වැටී සිටී.

ඔහු කලේ

70

දශකයේ අගදී

ලංකාවේ JR 

කළ වැරදි නැවත

පුනරුච්චානය කිරීමය.

Ukraina ය 

අසල්වැසියා

සමඟ

ජීවත් වන්නේ කෙසේදැයි

දන්නේ නැත.

ඉගෙන ගත්තේ නැත.

නායකයන්ගේ

වැරදිවලට ​​

රටේ ජනතාව

මස් ලේ

ජීවිත වලින් 

වන්දි ගෙවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress