අර්බුදය ගැන විදුලි බලධාරීන්ගෙන් ඇමතිනියට පාඩමක් (වීඩියෝ)
Posted on March 6th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

පවතින ඩීසල් අර්බුදය අනිද්දා පමණ වන විට පහව යනු ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

කෙසේ වෙතත් අද දිනයේත් දිවයින පුරා පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් ස්ථානවල ඉන්ධන මිලදී ගැනීමට පැමිණ සිටි ජනතාව අතර ද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එමෙන්ම, දින කිහිපයකට පසු ඇතැම් ඉන්ධනහල්වලට ඉන්ධන ලැබීමත් සමඟ ඒවා ලබා ගැනීමෙන් පසු රතිඤ්ඤා දල්වමින් සතුට සමරනු ලැබුවා.

මේ අතර, ඉන්ධන හිඟයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබුණා.

එමෙන්ම හෙට දිවයින පුරා පාසැල් ආරම්භ වීමත් සමඟ ඉන්ධන හිඟය හේතුවෙන් සිය වෘත්තීය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ප්‍රකාශ කළා.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ, නව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟයි.

එහිදී විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් පැහැදිලි කිරීමක් ද අමාත්‍යවරියට සිදුකර තිබෙනවා.

එමෙන්ම අද දිනයේදී පැය තුනහමාරක කාලයක් විදුලිය කප්පාදු කරනු ලැබුවා.

මේ අතර, හෙට පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා අදියර දෙකක් යටතේ පැය හත හමාරක කාලයක් විදුලිය කප්පාදුව කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress