විෂමාචාරයක් සිදුකළ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප‍්‍රනාන්දු
මහතාට විදේශ ගතවීමට අවසර ලබාදීම සම්බන්ධවයි.

Posted on March 7th, 2022

ලංකා ගුරුසේවා සංගමය

ගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

විෂමාචාරයක් සිදුකළ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප‍්‍රනාන්දු
මහතාට විදේශ ගතවීමට අවසර ලබාදීම සම්බන්ධවයි.

2020 උසස් පෙළ විභාගයේ දී විෂමාචාරයක් සිදුකළ මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික‍්‍රමසිංහ පියතුමා විමර්ශනයකට යටත්ව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්ත කර තිබියදී මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප‍්‍රනාන්දු මහතා විසින් ඉහත විනය පියවර උල්ලංඝණය කරමින් විදුහල්පති පියතුමා යළි එම පාසලේම සේවයේ පිහිටුවීමට ක‍්‍රියාකරමින් විෂමාචාරයක් සිදුකර තිබේ.

02ග කලාප අධ්‍යක්ෂවරයා සිදුකළ මෙම විෂමාචාරය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර විසින් පළාත් අධ්‍යාපන ලේකම් වෙත නියෝගයක් ද සිදු කර තිබේ.

03ග එසේ තිබියදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට වසර 05 කට විදේශ ගතවීමට ආණ්ඩුකාරයා විසින් අවසර ලබාදී ඔහු මේ වනවිටත් එංගලන්තයට ගොස් තිබේ.

04ග විෂමාචාරයකට ආදාළව විනයානුකූල කටයුතුවලට යටත් වූ අයෙකුට විදේශ ගතවීමට නිවාඩු හා අවසරය ලබාදීම සමස්ත රාජ්‍ය සේවයට සිදු කළ බලවත් අවමානයක් වන අතර ආණ්ඩුකාරවරයා විසින් මෙමගින් මෙරට රාජ්‍ය සේවයට පිරිමැසිය නොහැකි වැරදි ආදර්ශයක් ද සපයා ඇති බව පෙන්වා දෙන්නෙමු.

මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ වැරදිකරුවන්ට විනයානුකූල ද`ඩුවම් පමුණුවන ලෙසත් රාජ්‍ය සේවයේ යහ පැවැත්ම රැුක ගැනීම සඳහා මැදිහත් වන ලෙසත් ලංකා ගුරුසේවා සංගමය ලෙස ඔබගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය. සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත් – 1. සියලූ ජනමාධ්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress