හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීම
Posted on March 7th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ තංගල්ල පැරණි පොළ භූමියෙන් ආරම්භ විය.

උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

කිලෝ ග්‍රෑම් 1ක් රු.165ක රජයේ සහතික මිලක් යටතේ කහ අස්වනු මිලට ගනිමින් ඒ සඳහා වූ මුදල් ගෙවීම් අග්‍රාමාත්‍යතුමා අතින් මෙහි දී කහ ගොවීන් වෙත ප්‍රදානය කෙරිණි.

ගොවියාට උපරිම මිලක් – පාරිභෝගිකයාට සහන මිලක්” තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ප්‍රියන්ත වික්‍රමසිංහ, ශාමා විජේසිංහ, එම්.ජී.ජී.ධර්මවංශ, පී.එම්.සරත්, ඩබ්ලිව්.ඒ කරුණාසේන, යූ.ජී.එදිරිසිංහ, ධම්මික සුජිත්, නන්දසිරි වනිගසිංහ, අසංක මධුවන්ත සහ නිමල් ගුණසේකර ගොවි මහත්වරුන්ගෙන් මෙහි දී අග්‍රාමාත්‍යතුමා කහ අස්වනු මිලට ගනිමින් ඒ සඳහා වූ මුදල් ප්‍රදානය කළේය. උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්ම මහත්මීහු ඇතුළු කහ ගොවීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress