ආර්ථිකඋද්ධමනය 55%යි.. ලංකාව ලෝකයෙන්ම හයවෙනියා.. ආජන්ටිනාවත් පරදවයි.. ජෝන් හොප්කින්ස් ලොක්කෙකුගේ විචාරය මෙන්න…
Posted on March 29th, 2022
උපුටාගැණීම ලංකාදීප
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
මහාචාර්ය ස්ටීව් මහතාට අනූව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි මහතා පෙන්වා දෙයි.
විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි මහතාගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමයි.