හරක් කිරි පිටි සහ ගබ්සා නිදහස
Posted on May 14th, 2022

ජයන්ත හේරත්

හරක් පිටි කිරි ප්රශ්නයක් වී 

ඇමෙරිකාව

තරමක් සැලෙන්නට පටන් ගෙනය.

මිචිගනයේ බේබි ෆොර්මියුලා සමාගමක

නිශ්පාදන සිරුරට අහිතකර විස මුසු වීමක් 

අඳුනා ගැනීමෙන් සමාගම වසා දමා

වෙළඳ පොලේ මේ දක්වා තිබු නිශ්පාදනද

රිකෝල් කර ඇත.

බේබි ෆොර්මියුලා නැති ළදරුවන් අඬන

හඬ ඇහෙන්න පටන් ගෙනය.

ගෝ බ්‍රන්ඩන්

කියන හඬ 

වෙනස් අර්ථයකින්

නොඇහෙනවා නොවේය.

අවුරුදු 50 ක් පුරාවට තිබු

ගබ්සා කර ගැනීමේ 

කාන්තාවන්ගේ සිරුරේ අයිතිය

කාන්තාවන්ට

නැති කරන 

ඉහල උසාවියේ වෑයම

නඩුකාරයෙක් අතින්

එලියට පැන ඇත.

හරක් කිරි පිටි නිශ්පාදන

රිකෝල් කරන කාලයේ

ඇබෝශන් නිදහස නැති වුනොත්

ඉඳලා හමාරය

වැඩේ

ජෝන් අප්පුහාමිටම යන්නේය.

අතිරික්තයක් වන

ළදරුවන් හා ඒ මවුවරුන්

නඩත්තු කිරීමත්

බාර ගන්නට වෙන්නේ රජයටය.

දැනටත් ඇමෙරිකාවේ මිලියන් 44ක්ම

නඩත්තු වන්නේ රජයෙනි.

යුක්රේනයේ මිලියන 40ත්

රජයටය.

උතුරේ දරු දැරියන්

හරක් පිටි තිබ්බා නැතා

ඉගෙනීම කරන්නේ

කැමැත්තෙනි.

ගුරුවරුද හර්තාල් කර

ඒ දරුවන්ගේ ඉගෙනුම

කඩාකප්පල් කරන්නේ නැත.

දකුණේ දරුවන්ට හා ගුරුවරුනට

ඇත්තේ පුදුමාකාර

හරක් කිරි පිටි තිබහක්ය,

ඉල්ලන්නේම හරක් පිටිය

ලැබෙන්නේ නැත්නම් හර්තල්ය.

ගෝටාගේ ප්රයත්නය 

රනිල් ලව්වා හරක් පිටි කිරි 

ගෙන්වා ගැනීමටය,

මේ දක්වා

පස් පාරක් අගැමති වුන රනිල්

රටට කල හොඳක්

දන්නා කෙනෙක් නැත,

ණය වී කන්න බොන්නත්

චූවිං ගම් එක්ක

දුන්න එක නම් ඇත්තය.

ණය, පොලියත් සමඟ එකතු වී

හෙට උපදින දරුවන්ටද

ලැබෙන්නට සැලැස්සු බවත් හැබෑය.

චන්දෙන්

පක්ෂයත් බංකොලොත් වී

අන්ත ලෙස පැරදුනත් 

පාර්ලිමේන්තුවට යන්න තරම්

දක්ෂයකුට    

අරගල සමනය කර

රට ස්ථාවර කර ගන්නට හැකි වුනොත්

හය වෙනි වරට අගැමති වී

ජාමේ බේරා ගෙන

ඉතිහාසගත වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress