වර්තමාන සමාජය ගිනිබත් කරන පෘතුගීසි ආභාෂය.
Posted on May 16th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

අපේ රට ගිනිබත් කලේ වරක් දෙවරක් නොවේ. මේ රට, ඉතිහාසය තුලදී දස දහස්වාරයක් ගිනිබත් කොට විනාශ කල රටකි. ඒ රටට බටහිර ජාතීන්ගේ ගලා ඒම ආරම්භවුයේ 1505 වසරේදී වන අතර, 1518දී එවකට කෝට්ටේ රාජධානිය පාලනය කල බුවනෙකබාහු රජතුමාගෙන්, ගෙරිහම් කඩක් එලා ගන්නට තරම් කුඩා භූමියක් ඉල්ලු පෘතුගීසින්, ඒ ගෙරිහම් කඩ එළිම ආරම්භ කල ස්ථානයට මිට මසකට පෙර කඩා වැදුන මෙරට “අරගලය” නම්වූ හමුදාව, ජනාධිපති ලේඛම් කාර්යාලයට ඇතුළුවන මුවදොර අවහිර කරමින් ආරම්භ කල අරගලය, මේ වෙනවිටත් අඛණ්ඩව ගලා යමින් පවතී. මෙය මෙරට මාධ්‍යට,හා නීතියට අනුව සාමකාමී නීති ගරුක අරගලයකි. මේ අර්ථකථනයට අනුව මෙරට ඕනෑම ස්ථානයකට ඇතුළුවන මුවදොර අවහිර කරමින්, විරෝධතා පැවැත්වීමට කිසිදු බාදාවක් නැත. ඒ සෑම අරගලයක්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර නම් නිත්‍යානු කුල අරගල යන කඩතුරාවට මුවාවෙ. ඒ අනුව ජනාධිපති මැදුර, අගමැති මැදුර, අගවිනිසුරු මැදුර, කතානායක මැදුර , උසාවියක මුවදොර, පොලිස් මුලස්තානයක මුවදොර, හමුදා මුලස්තානයක මුවදොර, මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යන ඕනෑම ස්ථානයක මේ ආකාරයේ විරෝධතා පැවැත්වීම නිත්‍යානුකුල බව ඇඟවේ. ඒ ඒ ස්ථාන අනුව, “Go President go home”  කීමටත්, Go PM go home කීමටත්. Go CJ go home කීමටත්, Go  speaker go home කීමටත්, Go judge go home කීමටත්,…………..හැකි බවට නීතියට අර්ථ කතනයක් ලබාදී තිබේ. මේ නීතියට අනුව, පළමුව ජනපති හා  විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද ,අගමැති හා විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද, අගවිනිසුරු හා විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද, කතානායකතුමා හා විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද, අගවිනිසුරුතුමා හා විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද, උසාවියේ විනිසුරුතුවරුන් හා විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද, පොලිස්පති හා විරෝධතාකරුවන් අතර ප්‍රතිවිරෝධතාවයක්ද, යන ආකාරයට විරෝධතාවයට එරෙහිව ඒ ඒ පුද්ගල මනස තුල මේ විරෝධතාවයට එරෙහිව ප්‍රතිවිරෝධතාවයන් හට ගනී.

මෙහිදී ජනාධිපතිතුමා තුල හට ගන්නාවූ, ප්‍රතිවිරෝධතාවයට අනුව එතුමා සිය නිල කටයුතු කිරීම සඳහා ජනාධිපති මන්දීරය. දක්වා පසුබැස ගිය අතර, මෙතන සාමකාමිත්වය ආරක්ෂා කිරීමට කටයුතුකර ඇත්තේ ජනාධිපතිතුමා මිස අරගලකරුවන් නොවේ. මේ බව මෙරට මාධ්‍යට හෝ නීතියට තේරුණ බවක් දක්නට නැත.  ඔවුනට අනුව ජනාධිපතිගේ නිල කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොතබා විරෝධතාව ගෙන යාම නිත්‍යානුකුල කටයුත්තකි. සාමකාමී අරගලයකි.

එදා 1518දී පෘතුගීසින් ඔය අරගල භූමියේම ගෙරිහම්කඩ එලා පෘතුගීසි බලකොටුව සෑදීම ආරම්භ කල දවසේ,එයට ආශිර්වාද කිරීමට රෝමානු කතෝලික පියතුමන්ලා සියල්ලක්ම එම ස්ථානයට රොද බදාගෙන පැමිණි අතර, එම ස්ථානයේ, ආරම්භකළ කොටුව ඉදිකිරීමේ බලපෑම ඒ අවට සියලු ප්‍රදේශ වලට ගලාගිය ආකාරයටම, මේ අරගල භුමියද ක්‍රම ක්‍රමයෙන් කොල්ලුපිටියේ අරලිය ගහ මැදුර දක්වා පැතිර ගියහ. එවිට අරලියගහ මන්දිරයේ, සිටි අගමැතිවරයා තුල හට ගත් ප්‍රතිවිරෝධතාවයහි ස්වරුපය ජනාධිපතිවරයා ගත් ස්වරුපයට සමාන නොවීම නිසා, පසුගිය 9 වෙනිදා මුළු රටම ගිනිගත් අතර, මේ ගිනි ගැනීම විරෝධතාකරුවන් අපේක්ෂාවෙන් ඉතා සංවිධානාත්මකව කටයුතු කිරීමේ පලයක් වශයෙන් විරෝධතා කරුවන්ට තමන් අපේක්ෂා කල ආකාරයේ ජයග්‍රහණයක් හිමිවිය.

දැන් හැමෝම කතා කරන්නේ  මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා සාමකාමී අරගලයට පහරදීම නිසා මේ ගින්න අවුලුන බවයි. දැන් මේ අරගල කරුවන්ගේ ගිනි තැබූ හනුමන්තලා රටපුරාම ගිනි තැබූ නිවාස හා මරා දැමු මිනිසුන් සම්බන්ධව කතා කරනවාට වඩා, මයිනාගමට පහර දුන් සිදුවීම හා ගොටාගමට පහරදීමට යාමේ සිදුවීම මේ විනාශයේ ආරම්භය ලෙස පෙන්වීමට උත්සහ කරයි.

දැන් සියල්ල සිදුවී හමාරය. නමුත් අරගලය තවත් ඉදිරියට ගලා යමින් පවතී. දැන් පොලිස් මුලස්ථානය වටලා අත්අඩංගුවට ගත් මිනිසුන්ව නිදහස් කරන ලෙසත්,මහින්ද රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් අරගලය පොලිස් මුලස්ථානය දක්වා ව්‍යාප්තව ගොස් ඇත. හෙට ඔවුනට එරෙහිව නඩු දමන විට අරගලය උසාවිය අබියසටද පැමිණෙනු ඇත. එවිට අරගලකරුවන් සම්බන්ධව විනිසුරුතුමන්ලා තුල හට ගන්නා වූ ප්‍රතිවිරෝධය සාධාරණත්වය ලෙස එලි බසී. එසේ වීමට පෙර අරගලය මැඩලීම තුලින් අධිකරණයේ ගෞරවයත්, පොලිස් සේවාවේ ගෞරවයත් රැකගත යුතු බව මෙරට ජනතාවගේ මතයයි. නව අගමැතිවරයෙක් පැමිණ රට ගොඩ ගැනීමට සැලසුම් සකසන මේ වෙලාවේ විනයගරුක පුරවැසියන්ව, කටයුතු කිරීම අරගලකරුවන්ගේ වගකීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress