ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම –  (6 කොටස).
Posted on May 18th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

අපේ ප්රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා

– රතිදු සේනාරත්න හෙවත් රැට්ටා

බැටරිය වැඩකරන්නේ ධන (+) හා රින (-) යන බල දෙකේ එකතුව නිසාය.

මානව ශිෂ්ටාචාර ගොඩනැඟී තිබෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පරිසර දෙකක්-ගඟක්/කාන්තාරයක්, කන්ඳක්/තැනිතලාවක්, ශීත-උණුසුම් දේශගුණ කලාප දෙකක්- මුණ ගැසෙන තැන් (ecotones) වලය

හැඳින්වීම

මා දන්නා තරුණ යුවලක් යුරෝපයේ නගරයකදී බරපතල වාහන අනතුරකට ලක්විය. සමහරවිට ඔවුන් වාහනය තුල ලව් ටෝක් කරමින් චූන් එකේ යෑමද ඊට හේතුවක් වන්නට ඇත. බලාසිටි අය කිව්වේ පකීලා (පකිස්ථාන්) දෙන්නෙක්ම මළා කියාය. එහෙත් ගැහැණු ලමයාගෙ කකුලකුත්, පිරිමියාගේ අතකුත් කැඩී දෙන්නාම නොමැරී බේරුණේය. කාත් කවුරුත් උදව්වට නැති ඔවුන් දෙන්නා ඉස්පිරිතාලෙන් පිටවූ පසු කලේ කසාද බැඳ එකිනෙකාගේ අඩුව පුරවා ගැනීමය. රනිල්-ගෝටා එකතුවද මේ ආකාරයේම දේශපාලනික විවාහයකි. දෙන්නාම දේශපාලන අනතුරුවලට ලක්ව බරපතල ලෙස තුවාලවූ ජෝඩුවකි. බොරු නියෝජිත ප්‍රජා (නාස්ලණු ) තන්ත්‍රවාදයේ හා පක්ෂ දේශපාලන කරුමයේ හෙළුව මේ දෙන්නාම එලිකරන්නේය.

1978 සිට නිල්-කොල පක්ෂ දෙකේ ආර්ථික-සමාජීය සිස්ටම් එක සමානය.  නයාට අඳුකොළ, ගොනාට-රතු කොඩිය වැනි කැපී පෙනෙන වෙනසක් තිබුණේ රනිල් හා ගෝටා යන දෙන්නා අතරය. ඒ රට බෙදීම හා රට බේරා ගැනීම යන කාරණය සම්බන්ධවය. මේ නිසා රට ගැන සිතා (සිංහල බෞද්ධයාට ඇති එකම බිම් කැබල්ලේ පැවැත්ම ගැන සිතා), රනිල්-සිරිසේන වංක, අවස්ථාවාදී බොරු දීගය මෙන් නොව, විවෘත මනසකින් ක්‍රියාකිරීමට ස්වභාව ධර්මයට අනුව (ඉකොටෝන් සංසිද්ධියට ) මේ අළුත් ජෝඩුවට ඉඩක් තිබේ. එසේ කලොත් නොයෙක් දේශපාලන විරුද්ධතා වාෂ්පවී යනු නිසැකය (An ecotone is a zone of junction or a transition area between two biomes (diverse ecosystems). Ecotone is the zone where two communities meet and integrate).

2015 දී මහින්ද පැරදුනේ ඔහුගේ වැරදි පාලනය නිසාය. 2019 දී රනිල් පැරදුනේ ඔහුගේ යහපාලන මරාලයේ බරපතල වැරදි නිසාය. 2019/2020 දී නැවත මහින්ද බලයට ආවේ ගෝටාගේ කීර්තිනාමය උපයෝගී කරගෙනය. වෙන මොන රාජපක්ෂ කෙනෙක් ආවත් පරදිනවා මය. එහෙත් 2015 ට කලින් කල වැරදි ඊටත් වඩා වැඩියෙන් 2020 සිට සිදුවීම ගැන මහින්දට ගැලවීමක් නැත. ලංකා මාතාව නිරුවත්වී අසරණව සිටින්නේ ඉතාමෑත කාලය ගත්තොත් ජේ. ආර්- ප්‍රේමදාස-චන්ද්‍රිකා- මහින්ද-රනිල්/සිරිසේන-ගෝටා යන පංචස්කන්ධ බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමණය නොකල නිසාය. කොබ්බෑකඩුව අවමඟුලේදී ප්‍රේමදාසගේ ඒජන්ට් ලෙස දයාන් ජයතිලක කනත්තට ගිය විට ජනයා ඔහුගේ ඇඳුම් ගැලවූයේය. එවිට ඔහුගේ හෙළුව වසාගත්තේ ඔහුගේ මිතුරියවූ තිසරණී ගුණසේකරගේ සාරියෙනි.

රනිල්ට පරණ සළු පිළි ගලවාදමා  රෝයල් ගජමිතුරන්, රන්ජන්ලා දමා බුද්ධ ශාසනයට අපහාස නොකර, පාස්කරලින්ගම්ලා යළි  ඔඩොක්කුවේ දමා නොගෙන,  අළුත් පිරුවට ඇඳගෙන, ඔහු අතීතයේ සිංහල රටට කල හානිවල පව්ගෙවා දැමීමේ අනගි අවස්ථාවක් දෛවයේ සරදමක් ලෙසින් දැන් උදාවී ඇත. පොසොන් කියන්නේ ලංකාවට සිදුවූ ප්‍රථම ආක්‍රමණය, තොප්පිගල කියන්නේ නිකම්ම කැලයක්, යන මානසික මට්ටමෙන් ඔහු එලියට පැමිණ ඇතැයි අපට සිතිය හැකිද නැත්නම් පුදන කොටම කාපි යකා සේ හැසිරේවිද යන්න වැඩි කලක් යන්නට පෙර සිංහල බෞද්ධයින්ට දැනගත හැකිවෙනු නිසැකය. වික්‍රමබාහු වැනි උග්‍ර මාක්ස්වාදියෙක් හා ජේ.වී.පී කාරයින්ව තම වසඟයේ තබාගත හැකිවූ රනිල්ට දැන් හොඳම මිතුරු දේශපාලන ආශිර්වාදය එන්නේ ඔහුට දියවන්නා හෝටලයේදීම පkaයා කියූ වාසුදේව ගෙන්ය. ඇන්.ඇම්-කොල්වින්ලාට ලෝකෙට ප්‍රකාශෙට හෝ දළදා මාළිගාවට යෑමට 1935 සිට 1964 දක්වා කාලයක් අපතේ හැරීමට සිදුවිය.

බොහෝ මාක්ස්වාදීන් මහළු වයසේදී දඹදිව වන්දනාවේ යෑමට හෝ බෝන් අගෙන් ආගමට යෑමට පෙළඹෙනවාසේ (ප්‍රේමදාස පවුල පවා ඊට ගොඳුරු විය) රනිල්ටද සිය ක්‍රිස්තියානි යට ඇඳුම ගලවා දමා ඔහු ඇත්තටම ලිච්චවි පාලකයෙක් බව දැන් රටට ඔප්පු කල හැකිය. ඔහුට විරුද්ධව දැන් නැගෙනා බලවේග සියල්ලටම දිය හැකි පොදු ලේබල් එක <මහාවංශ විරෝධී ව්‍යාපාරය> යන්නය. බුදු දහමට අනුව ගියොත් ඔහුට අත්හැරීමට නොහැකි කිසිවක් ඉතිරිව නැත. නැතිවීමට දෙයක් නැත. ඔහුත්. අනිත් වංක පක්ෂ දේශපාලකයිනුත් අතර ඇති වෙනස එයය.

ගංවතුරකදී නයා හා මුගටියා යන දෙන්නාම ගසාගෙන යන සැඩ පහරේදී ලීකොටයේ එල්ලී ඉන්නවා මෙන්, රට වෙනුවෙන් රනිල්-ගෝටා එකතුවීම ධනාත්මක පැත්තෙන් නොබැලීම ඛේදජනකය. මෙහිදී සමනලීලා, ජේ.වි.පී-පෙරටුගාමීන්-අන්තරේ-සුමන්තිරන්ලා, අරගලකාරී රැට්ටලා ගේ හැසිරීම තේරුම් ගත හැකිය. සජිත්ගේ හැසිරීම රට නොව තම ජනාධිපති සිහිනය කරටගෙන එළුවා පිටිපස්සේ යන නරියෙකුගේ ගමනකි. සරත් ෆොන්සේකා, චම්පික රණවක හා සිරිසේන කෙසේ වෙතත් විමල් හා ගම්මන්පිල තම භූමිකාව ගැන හොඳින් සිතා බැලිය යුතුය.

සුදත්ත තිලකසිරි නම් පංචස්කන්ධය කතාකරන්නේ ගෝටාභය චන්දය දිණුවේ ඔහු රැස්වීම්වල කතාකල නිසාය කියාය. ඔහුගේ හිතින් නම් ඔහු තවත් විමල්-ගම්මන්පිල අවතාරයකි. විමල් හා ගම්මන්පිල අතීතය ගැන හාර හාරා කතාකිරීම  නතර කිරීමට කාලය දැන්ය. නැත්නම් ඔවුන්ද සුදත්තගේ වාචාල, අශෝභන කටටම වැටෙනු ඇත.  සුදත්තගේ දැණුමට අනුව අගමැතිකමට සුදුසු නිර්පාක්ෂිකයා යහපාලන කතානායක කරු ජයසූරියය!

හෝචිමින්ලාගේ වලිග

පැතුම් කර්නර් වැනි වඩා පරිණත, වඩා මධ්‍යස්ථ මතධාරියෙකු සේ යයි පෙනෙන පුද්ගලයෙකු වෙනුවට, රැට්ටා විසින් මහ උජාරුවෙන් ඉදිරිපත්කල ගෝල්පේස් ප්‍රකාශණය (2022 මැයි) කන්ඳක් විලිලා මී පැටියෙකු වැදුවාසේය. එය මට මතක් කරන්නේ 1969/70 කාලයේදී රෑට රෑට ගමේ  දුප්පත් ගෙවල් වල කුස්සිවලට රිංගා බත් මුට්ටි හොරකම් කල පන්ති පහට ගිය තරුණයින්වය. රැට්ටා හිතන තරම් සිස්ටම් චේන්ජ් කතාව ලේසි නම් වික්‍රමබාහු, වාසුදේව, ඩිව් ගුණසේකරලා ලංකාවේ හොචිමින්ලා, ෆිඩෙල් ක්‍රස්තෝලාවී බොහෝ කල්ය. දැනට ඉතුරුවී සිටිනා වික්ටර් අයිවන්, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩලාගේ පිළිම රටේ හැමතැනමය. සෝමවංශ අමරසිංහ මියගියේ ඔහුගේ මිනියට පාංශකූලයක් දීම ගැන ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් සමඟ කතා කරමින් අවසාන කාලය ගතකරද්දීය. විජේවීරගේ දරුවන්ට ඔහුගේ පක්ෂය සැළකූ කසඩ ආකාරයට රිඇක්ෂන් එකක් වශයෙන් හා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන ජේ.වී.පී කාරයින්ට පාඩම් දෙමින් ඔහුගේ පුතා වැඩෙමින් පවතී. මේ අරගලයට ඔහු එන්නේ නැත්තේ ඇයිද යන්න අන්තරේකාරයින් විමසා බැලිය යුතුය.

යාපනේ සිට සුමන්තිරන්ලා, විග්නේෂ්වරන්ලා, පොන්නම්බලම්ලා, රාසමානික්කම් කොල්ලා යන අයගේ <පෑනේ ඊළම් ව්‍යාපාරයට> විරුද්ධව පීඩිත පහත් කුලවලසේ සැළකෙණ, යුද හමුදාව හා ප්‍රීතියෙන් සිටින, ජනයා වෙනුවෙන් ජීවිතේ කැපකරණ අරුන් සිද්ධාර්ථන් නම් දෙමළ තරුණයා අරගලයේ තෝසේ කන්නට නැත්තේ ඇයි? මෙහි වැදගත්කම පෙනෙන්නේ හමුදාව යාපනෙන් ගෙන්වා ගන්නවා නම් රනිල්ගේ කැබිනට් එකට ඒමට විග්නේෂ්වරන් ඉදිරිපත් වීමෙන්ය. සිංහලයා දෙමල ජන සංහාරයක් කලා කියන ඔහුට වඩා සේවයක් අරුන්ව ආණ්ඩුවට සම්බන්ධකර ගැනීමෙන් ලබාගත හැකිය. ලංකාව සිංහල බෞද්ධයාට ලෝකයේ ඇති එකම බිම්කැබැල්ලද යන ප්‍රශ්ණයට ඔව් හෝ නෑ කියන්නට ආත්ම ශක්තියක් අනුර කුමාරලාට නැත.

දැන් බලාගෙන යනකොට හෝචිමින් වැන්නෙකුගේ වළිගයවත් අල්ලන්නට අයිතියක් ඇති තැනත්තා කුමාර් ගුනරත්නම්ය. ඔහු කියන <ජනතාව බලගන්වන> පාලන ක්‍රමය, පසුගිය ලිපියේදී මා ඉදිරිපත් කල රූප සටහන හා ගලපා ගත හැකිවා මෙන්ම රටේ කෘෂි ආර්ථිකය නඟා සිටුවීමේ තිලක් කන්දේගම මහතාගේ ප්‍රායෝගික සැලැස්මටද අනුකූලය. තවද එය අනාගාරික ධර්මපාල දර්ශනය අනුව යමින් 1930ස් ගණන් වලදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ දීප ව්‍යප්ත ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාද මර්දන ව්‍යාපාරය දැන හෝ නොදැන අනුමත කිරීමකි. එය අපගේ ගම-වැව-දාගැබ යන සංස්කෘතික, සංවර්ධන ත්‍රිත්වයය. අපේ ගම් සභාව ඉන්දියාවේ පංචයාත් ක්‍රමයට වඩා  අතීතයට දුවන්නකි.

රනිල්ට හිමිවූ වෙස්වලාගත් භාග්‍යය- සැබෑ ලිච්චවි පාලනය

මේ අනුව බලනවිට, 69 ලක්ෂක්ම ඉල්ලාසිටි සිස්ටම් චේන්ජ් වෙනස රටේ සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයට විරුද්ධව ගෙනයන ශීතල අරගලයකට පෙරලීම, රනිල් 1993 සිටම කල සටනට ලැබුණ ලොකුම උත්තේජනයය. <රනිල්ගෝගම> කියා බෝඩ් එකක් තාමත් නැත්තේ ඒනිසාය. ගෝල්පේස් ප්‍රකාශණයේ කරුණු 8 ට විරුද්ධවීමට රනිල්ට කිසිම හේතුවක් නැති අතර, එහි ඇති යෝජනාවල ගෝටගෝ යන අංක 1 හා අංක 3 නේ සමහර දේ හැර ඉතිරි සියල්ලම ගෝටාද පිළිගන්නා දේය. ඔහුත් ලිච්චවි පාලනයක් ගැන  වෙසක් පණිවුඩයේ සඳහන් කරණ නිසා රනිල්-ගෝටා-අරගල තරුණයින් යන තුන් කොටසම ඉන්නේ එකම බෝට්ටුවේය. 69 ලක්ෂයත්, රටේ හැමෝමත් ඉල්ලා සිටින්නේද එයමය.

ජනප්‍රිය නොවන රටට අවශ්‍ය තීරණ ගැනීමේ හනිමුන් යකාගේ කාලයද මෙයය. හැමෝම ඉන්නේ පිටිපස්ස බිම ඇනිලාය. රනිල් විසින් රවි, අකිල, සාගල, වජිර, ජෝන් වැනි පරණ සෙට් එක අතේ දුරින් තබා ගන්නවා මිස මහින්ද කල වැඩේ නොකල යුතුය.

රට කැබලි කිරීමේ කුමණ්ත්‍රනය

ගෝල්පේස් අරගලය යනු ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් යයි ලියන ලංකාවේ වසන එකම පුද්ගලයා මහාචාර්ය නලින් ද සිල්වා පමණය. ඔහු මෙන්ම පානදුරේ වලානේ ඉපදුන මා, 1978 සිට ඇමෙරිකාවේ ජීවත්වෙමින් සිටියත් මෙම කුමන්ත්‍රණය ගැන කරුණු පැහැදිලි කරමින් ලියන අනිත් එකම පුද්ගලයා නොවේදැයි මට සිතෙන්නේ සමහරවිට පානදුරා වාදයේ රස්මිය  නිසා වියහැකිය! අන්තරේ කැඳවුම්කාර මුදලිගේ අළුත්ම තර්ජනය සමඟ මල්ලෙන් එලියට පැන්න බළලා නම්, අරගලය දවස් 37 ක් පුරා ගෙනගියේ ඔවුන් බවය. ජේ.වි.පී එකේ ටිල්වින් සිල්වා කියන්නේද මුල සිටම සිය පාක්ෂිකයින් අරගල භූමියේ සිටි බවය. මේ අනුව මේ අරගලය බලාපොරොත්තු කඩවූ 2020 දී තාප්පවල පින්තූර ඇන්ඳ 69 ලක්ෂයේ තරුණයින්ගේ ව්‍යාපාරයක් යන කතාව රටවැසියා නොමඟ යවන ප්‍රබන්ධයකි. අරගලයට කූඩාරම් ලබාදුන්නේ කවුදැයි CID එකට කියන්නට අරගලකාරයෝ සුදානම් නැත!

සිස්ටම් චෙන්ජ් එකකට අවශ්‍ය දැණුම හා දැකුම (ජීවිත අත්දැකීම)

1. සුද්දාගේ සිස්ටම් එක (1802-1931/47)

බෙදා පාලනය කිරීමේ උපක්‍රමය- යටත් වැසියාගෙ හිතට හීනමානය රිංගවීම- ක්‍රිස්තියානිකරණය මඟින් සිංහල බෞද්ධ සිතීමේ නිදහස නැති කිරීම හා පන්සල හා ගම අතර බැඳීම පළුදු කිරීම-මිෂනාරි අධ්‍යාපන ක්‍රමය- ආයාත/නිර්යාත ආර්ථික ක්‍රමයක් මඟින් රට සූරා කෑම හා දේශීය ආර්ථිකය බිඳ දැමීම – ඉන්ගිරිස් කතාකරණ හා සිංහල දෙමළ කතාකරණ වශයෙන් රටවල් දෙකකට බෙදීම- ගම හා කොළඹ යයි රට දෙකට බෙදීම-යුරෝපයට ආවඩන කළු සුද්දන් පන්තියක් බෝකර ඔවුන් හරහා රටින් පිට සිට රට පාලනය කිරීම

2. කළු සුද්දාගේ සිස්ටම් එක (1948-2020)

බොරු පැලැස්තර දමමින්- සිංහල බෞද්ධයා රවටමින් සුද්දගෙ නීතිය දිගටම ගෙනයාම. 1923 සිට ඊළම් වාදයටත්, 1935 සිට මාක්ස්වාදීන්ටත්,  1951 සිට කාති උසාවි හරහා ශාරියා ඉස්ලාම් වාදයටත් අනුබලදීම-සිංහල බෞද්ධයාට 1815 සිටම අහිමිකල අයිතිවාසිකම් සාධාරණ සංශෝධන යටතේ නැවත ලබා නොදීම (discrimination with reason) -ස්වදේශීය වෙදකම, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, වාරි ශිෂ්ටාචාරය විනාශ කිරීම- නැවත නැවතත් ඉල්ලා සිටියදී සංඝාධිකරණ නීතියක් නොපනවා  සංඝ සමාජය පරිහාණියට පත්කිරීම- රට කැබලි කිරීමේ ප්ලෑන- ඉන්ගිරිසිය යළි රජකරවීම වීමේ ප්ලෑන- උප්පැන්නෙන් සිංහලයා ශ්‍රී ලාංකික කිරීම- සුද්දා කලාටත් වඩා දක්ෂ ලෙස ඥාතීන්, පවුල, ගෙදර- ගම මට්ටමින් කොල, නිල්, රතු යනාදී වශයෙන් පක්ෂ දේශපාලනය අනුව බෙදා පාලනය කිරීම-බුද්ධ සාසන ඇමති යයි අටමගලයක් හරහා පන්සල් කොළඹ නිලධාරීන්ගේ ලැයිස්තු  යටතට ගැනීම- චන්ද ක්‍රමය වෙනස්කර ජනයාට නියෝජිතයෙකු නැති කිරීම-හොරුන්ට  මන්ත්‍රීවීමට මඟ සාදා දීම- ගම් වැසියා මන්ත්‍රීගේ හිඟන්නන් බවට පත්කිරීම-දේශපාලකයා, නිලදාරියා, බිස්නස්කාරයා යන දුෂ්ට ත්‍රිකෝණයක් මඟින් ලංකාව හිඟන රටක් කිරීම- ලොකු මාළුවා-පොඩි මාළුවා ගිල ගන්නා, අන්ත දූෂණයෙන්, අපරාධයෙන් පිරි ලැජ්ජා භය රහිත, විනයක්, සදාචාරයක් නැති රටක් බිහිකිරීම.

(දොස්තරලා-බස් කොන්දොස්තරලා, ලෝයර්ලා, ප්‍රොපෙසර්ලා, පාසැලේ වැඩ අතපසුකර ගෙදර ටියුෂන්දී ටැක්ස් නොගෙවන ගුරාලා ගේ සිටම සිදුවන සූරාකෑම්/වගකීම් පැහැර හැරීම් යනාදී අනු සිස්ටම් ගැන ලියන්න ගියොත් පිටු දෙක තුනක් අවශ්‍යය. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේදී මා මුහුණදුන් පරිදි විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ ඉගැන්වීම්, පර්යේෂණ හා පුරවැසි සේවයට අදාල කාර්යක්ෂමතාව මණින ක්‍රමයක්  තිබිය යුතුය. ඇමෙරිකාවේ සුප්‍රිම් උසාවියේ නඩුකාරයින් මෙතෙක් කිව්වේ තමන්ට තමන්වම ශිෂ්ට කරගත හැකි යනුය. එහෙත් දැන් ඔවුන්ටත් ආචාර්ය ධර්ම පද්ධතියක් පැනවිය යුතුය යයි කොන්ග්‍රස් සභිකයින් යෝජනා කර ඇත).

රෑ වැටුන වලේ දවල් වැටීම නොහොත් ආපස්සට යන අන්ධයින්

ජේ. ආර් විසින් ඔහුගේ බහුභූත ව්‍යවස්ථා (චන්ද්‍රිකාගේ වචන) සිස්ටම් එක ගෙනාවේ පරණ අගමැති සිස්ටම් එක යටතේ ආණ්ඩුවලට වැඩ කිරීමට තිබූ භාධා නිසාය. මන්ත්‍රීලා බා ගෙන ආණ්ඩු පෙරලීම ඒ කාලයේදී සිදුවිය. විධායක ජනාධිපති ක්‍රමය නිසා නොවන්නට තිස් අවුරුදු යුද්ධය ජයගන්නේ නැත. එහෙත් එම සර්ව බලධාරී විධායක ජනාධිපතිව පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීකෙනෙකුගේ චන්දයෙන් කොට උඩ යැවිය හැකිබව, මේ 113/112 සූත්‍රය, මේ ක්‍රමය, සදාදුන් කවුරුන් හෝ (A. J. විල්සන්?) තමන්ට දුන් මර උඟුලක් බව තේරුණ JR, ඔහුට හයෙන් පහක් තිබුණත් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි මන්ත්‍රී පෙන්දන්ගෙන් ලබාගත්තේය. එකම නම්බුකාර මන්ත්‍රීවූයේ ගාමිණී  ජයසූරිය පමණය. ප්‍රේමදාසට මන්ත්‍රී සීට් වලට මතුරපු තෙල් ඉසින්නට සිදුවිය. චන්ද්‍රිකාට jvp  පරිවාසයට පත්වීමට සිදුවිය. මහින්ද මොන ක්‍රමයෙන් හෝ තුනෙන් දෙකක් පවා සදා ගත්තේය. ගම සංවර්ධනයටය යනුවෙන් මන්ත්‍රීලාට මුදල් වෙන්කරදීම හා කාර් පර්මිට්, බාර් පර්මිට්, පස්, ගල් පර්මිට් යනාදිය අල්ලස් වශයෙන් දීම ආරම්භ විය. මන්ත්‍රීට පමණක් නොව ඔහුගේ බිරිඳවත් සිය කාර්යමණ්ඩලයට ගෙන පෙන්ෂන් වැටුපක් සදා දුන්නේත් මේ නිසාය.

මේ නිසා දැන් ආපසු විධායක අගමැති සිස්ටම් එකකට යන්නට ක්‍රියාකරන්නන්ගේ යටි අරමුණ දුර්වල අගමැති කෙනෙක් සුළු ජනවර්ගවල පාලනය යටතට ගෙන රට කැබලි කර ගැනීමය. යහපාලන කාලයේ නිල නොලත් ජනාධිපතිවූයේ බතිඋර්දීන් නොවේද? ප්‍රේමදාස විසින්  දිස්ත්‍රික් චන්ද/මනාප කඩඉම සියේට 12 සිට 5 දක්වා අඩුකර, ඔහුට, අෂ්‍රොප්ගේ චන්ද ලබාගැනීම උදෙසා සිංහල ජාතිය පාවා දුන්නේය.

මේ නිසා දැන් පවතින්නේ චන්ද ක්‍රමය හරහා හොර පක්ෂ දේශපාලකයින් විසින් අටවාගෙන ඇති මන්ත්‍රී නියෝජනය යනු  බහුභූත ප්‍රජා- නාස්ලණු-තන්ත්‍ර-වාදයක්ය. සෝම හාමුදුරුවන් පෙන්වාදුන් අසමමිතික බලය බෙදීයාමක්ය. මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ කොටස්, බාර් ඇසෝසියේසන් කාරයින්, සුමන්තිරන්ලා, 21 හරහා 19 ප්ලස් යන්නට සදන්නේ මන්ද යන ප්‍රශ්ණය ගෝල්පේස් අරගල භූමියට නොයන්නේ මෙම කළු සුද්දන්, jvp- පෙරටුගාමීන්-අන්තරේ, මුල සිටම එහි වැරදි, දේශ ද්‍රෝහී, බෝඩ් උස්සා ගෙන සිටීම නිසාය. 225 ම ගෝ කියනවා වෙනුවට රෝග නිධානය වන චන්ද ක්‍රමය වෙනස් කල යුතුයයි බෝඩ් නැත!

19 යටතේ සිදුවූයේ ජනාධිපති, අගමැති-කතානායක යන ලිග්ගල් තුනක් රට කොට උඩ යැවීම බව දැන් කළු සුද්දන්ට හා ඊළම් කාරයින්ට අමතකය. එපමණක් නොව ඒ යටතේ ගෙනාවා යයි උජාරුවෙන් කතාකරණ ස්වාධීන කොමිෂන් සභා, හා තන්ත්‍රවාදයේ දෙවඟන සේ අටවාගත් ව්‍යවස්ථාදායක සභාව මන්ත්‍රී කබ්බන්ට අමතරව, රට කැඩීමට පක්ෂ සිවිල් ඉත්තන් තුනක් සිටින ව්හිළුවක් විය. jvp නායකයෙක්වූ උයන්ගොඩව එයට දැමීමට රනිල් ඒකාලයේ ගත් උත්සාහය ව්‍යවර්ථ විය නැට්ටුක්කාරයෙක් පොලිස්පති කලේ, හූල් නම් ඊළම්වාදී හීතල හොරා චන්ද කොමිෂමට දැම්මේ මේ ක්‍රමය යටතේය.

අන්තෝ ජටා-බහි ජටා

අරගලකාරයින්ගේ කරමත පැටවී ඇත්තේ මොන තරම් භාරධූර කාර්යයක් දැයි ඉහත ඡේද වලින් ඔවුන්ට අවභෝධ විය යුතුය. රැට්ටලා හිතන තරම් එය ලේසි පාසු නැත. ඒ සඳහා රැවුල් වවාගෙන සිටීම පමණක් නොසෑහේ. වැල්ලේ සදන මාළිගා, මිරිඟුව පස්සේ දිවීම යන කතා හිතට ගත යුතුය. ඔවුන් දරණ සමහර මිථ්‍යා මතද  දුරුකර ගත යුතුව ඇත.  මේ වනවිට අරගලය  පෙරටුගාමී විදේශ (ඇමෙරිකන්?) බලවේගවල ප්ලෑනක් බව එලිදරව්වී තිබීම නිසා මේ දෙන උපදෙස් ගඟට ඉණි කැපීමක් වගේ යයි මට සිතේ. එහෙත් ඒවා වාර්තා ගත කිරීම වැදගත් වන්නේ ඒ සඳහා දැනට ලෝකයේම දැනට ඇති එකම මාධ්‍යය ලංකා වෙබ් වෙබ් අඩවිය පමණක් වීමය.

උමන්දාවට පහරදීම

අරගලයේ යම් අවංක පිරිසක් තවමත් ඉතුරුව සිටීනම් උමන්දාවේ හාමුදුරුවන් ගෙනා සරල යෝජනා හතර ඔවුන්ගේ ප්‍රකාශණයට කලින් බෝඩ් වලින් පෙන්වාදිය යුතුය. ඒවා ප්‍රකාශණයේ පූර්විකාව (preamble) කල යුතුය. 19+, 21 යන රට කඩන කූඨ උපක්‍රම වලට අසු නොවී ගෝටා-රනිල් දෙන්නා ලවා, 20 යටතේම කල හැකි උමන්දා හාමුදුරුවන් කියන දේ බලන්න.

1.මන්ත්‍රීලා, නිලධාරීන්, නඩුකාරයින් ගේ වත්කම්/බැරකම් විගණනය කලයුතුය.

2.ආණ්ඩු මාරු සමඟ වෙනස් නොවන ජාතික වැඩපිලිවෙලක් සැදිය යුතුය. (ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය යනු ගොනා ඉවත් කිරීම මිස ගැල ඉවත් කිරීමක් නොවේ යයි කියන්නේ මේ නිසාය)

3.මන්ත්‍රීලා නොමිලේ සේවය කල යුතුය.

4. මන්ත්‍රීලාට දී ඇති වරප්‍රසාද ඉවත්කල යුතුය

උමන්දාවට පහරදුන් අයට විරුද්ධව බාර් ඇසෝසියේෂන් අය නොමිලයේ උසාවියේ පෙනී සිටිනවාද යන්න හාමුදුරුවන් බලා සිටී. ගෝල්පේස් වල ඒ ගැන බෝඩ් එකක් නැත්තේ මන්දැයි හාමුදුරුවෝ අසන්නේය.

බිංගෙය ඉදිරියේ පේන්නේ කෝච්චියක ලයිට් එක නොවේ

ගෝටා-රනිල් යන විරුද්ධ බලවේග දෙක දෙස, රට කඩන්නට අර අඳින දේශීය හා විදේශීය බලවේග හා කළුසුද්දගේ ඇසින් නොබලා බැලිය හැකිබව පෙන්වාදීම මෙම ලිපි කොටසේ එක් අරමුණක්විය. ගෝල්පේස් අරගලයේ පවිත්‍ර අදහස් හා අතීත පව් සෝදාගත්  රනිල් යනු එකම කාසියේ දෙපැත්තය. රනිල් හා ගෝටා දෙන්නාම ලිච්චවි පාලනයට එකඟය. බුදු දහමේ විනය පිටකය, හමුරාබි කෝඩ් එක මෙන් නොව සම්මුතිවාදී පාලන ක්‍රමයකට නිදසුන් සපයයි. පෙරටුගාමී කුමාර් ගුනරත්නම් හා ගෝල්පේස් ප්‍රකාශණය ජනතාව බලගන්වන පුරවැසි සභා ක්‍රමයක් ඉල්ලා සිටී. ගෝටාගේ චන්ද ප්‍රකාශනයේ තිබූ ජනමූල සභා (ජනසභා) කියන්නේද මෙයටමය.

මේ හැමදෙනාම දැන් ඉල්ලා සිටින සිස්ටම් චෙන්ජ් එක ලබාගත හැකි ක්‍රමයක් ලෙස ජනසභා සංකල්පය (ගම-වැව-දාගැබ යන ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ත්‍රිත්වය /මොඩලය) සංහිඳියා කොමිෂන් සභාවට ඉදිරිපත්කලේ 2012 දීය.

LLRC recommendations and path of devolution” | Sri Lanka Guardian

එය නැවතත් 2020 දී රොමේස් ද සිල්වා කොමිටියටද භාරදෙන ලදී.

LankaWeb – ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා- 1 කොටස

බෞද්ධ විසඳුම් තිබියදී තරුණයින් නොමඟ ගෙනියන්නේ මොන බලවේගද? මීලඟ කොටසින් එම විද්‍යාත්මක/ අධ්‍යාත්මක විසඳුම විමසා බලමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress