ප්රීති අපිට අපි ප්රීතිට.
Posted on May 23rd, 2022

ජයන්ත හේරත්

ආරගලිස්ට්ලාට

මාර්ගයේ එක පැත්තකට වී

හෝ

ගෝල්පීසයේ මුහුදු වෙරල මාඉමට  වී

සාමකාමිව විරෝධතා පවත්වන්නට

අවසර දුන්නත්,

මහජන පොදු දේපලවලට,

ව්යාපාර ආයතනවලට

අලාභ හානි කරමින්, 

බලහත්කාරකමෙන්

ඒවායේ දීර්ඝ කාලීනව රැඳී සිටීම

අවුරුදු දෙකකට නොඅඩු

බරපතල වැඩ සහිත සිර දඬුවමකට

සහ දඩයකට යටත් කල යුතුය.

සෑම ප්රධාන මාර්ගයකම

එක තීරුවක් පමණක්

ආරගලිස්ට්ලා වෙනුවෙන්

වෙන් කලාට වැරැද්දක් නැතත්

ගමනාගමනයේ යෙදි සිටින

වාහන හිටිගමන් නවතා

co2 ඇතුළු තවත් විස වායු 

අධික ලෙස පරිසරයට මුදා හරින්නට

හා

සීමිතව ඇති පැට්රල් /ඩිසල්

නිකරුනේ දහනය කරවන්නට 

ඉඩ නොදිය යුතුය.

තමන්ගේ පාඩුවේ

ඇවිදින මංතීරු වල

ඇවිදින අයවලුන්ට

බාධා නොකළ යුතුය.

තම දරුවන්

නිරාගමික ලිබ්බන්

වනු දැකීමට අකැමැති

කිසිම දෙමළ හෝ මුස්ලිම් මාපියෙක් 

තම දරුවෙක්

මේ කාලයේ

ගෝල්පීසේට නං යවන්නේ නැත.

එනිසා,

ඒ ළමයින්ට

ගෝල්පීස් සුලඟ

නොලැබීම

මානව හිමිකම් කඩවීමකි.

අද හෙටම

එංගලන්තේ

හෝම් සෙකට්රි ප්රීති, 

මෙවන්

අලුත් පැට’න්-අරගල තීරු

ප්රධාන නාගරික මාර්ගවල

ඉදි කරන්නට පෙළඹෙනු ඇත

නැත්නං

සලකුණු කර වෙන් කරනු ඇත.

එන්ගලාංතේ අලුත් පැටර්න්

කොපි කරන්නට බලා සිටින

ලංකා-ලොක්කෝ

එතකොට

ඒවා කොපි කරනු ඇත.

එවිට

මේ නොමනා හැසිරීම් ද

නැවතෙනු ඇත.

ප්රීති අපිට

අපි ප්රීතිට…//

ප්රධාන ප්රවාහන ජාලයන්ට

බාධා කරමින්

කරන උද්ඝෝශනද

නීති විරෝධී කර

වහා නතර කල යුතුය.

වාහන ගමනාගමනයට,

ඇවිදින මංතීරු වලට

බාධා පමුණුවන ආරගලිස්ට්,

විශ්ව විද්යාල සිසුවෙකු නම්

ඔහුගේ හෝ ඇයගේ සරසවි ශිෂ්ය භාවය

වහාම ක්රියාත්මක වන පරිදි

අහෝසි කල යුතුය.

ගෙවන ලද ශිෂ්යත්ව මුදල් ද ආපසු

අය කර ගත යුතුය.

ආරගලිස්ට් ආචාර්ය මහාචාර්යවරුන්ද

පට්ටම් ගලවා

ගෙදර යැවිය යුතුය.

නීතියේ ආධිපත්යය

වහා සුරැකිය යුතුය

ක්රියාත්මක කල යුතුය

නීතිය නොපිලිපදින්නන්

තරාතිරම නොබලා

බිරියානි බත් නොව

සිරබත් කන්නට සැලැස්විය යුතුය.

ප්රීති අපිට

අපි ප්රීතිට…//

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress