පගාව දිහා බලාගෙන, කොමිස් දිහා බලාගෙන රට පාළණය කරලා රටම අමාරුවේ දාපු අයම, ඩොලර් 1.50ට ලංකාවේ නිෂ්පාදනය කරන කොලෙස්ටෙරෝල් පෙත්ත, ඩොලර් 6.50ට ගේන්න අනුමැතිය දීලා
Posted on June 3rd, 2022

Ravi Kumudesh

මසකට ඩොලර් 240000 ක් ඉතිරි කර කොලෙස්ටරෝල් පෙත්ත නිපදවිය හැකි සමාගම රට තුල තිබියදී, ඒවා අධෛර්‍යට පත් කොට, ඉන්දීයාව වැනි රටකින් අතිශය වැඩි මුලදලකට ඖෂධ මිලදී ගැනීමට සිදු වන්නේනම්, ශ්‍රී ලාංකවේ සෞඛ්‍ය යාන්ත්‍රණ හසුරුවන සියලුම ආයතන, ඒවායේ ප්‍රධාන නියාමකයින් සහ දේශපාළණ හිතවත්කම් වලට ඔවුන්ව පත් කල පාළකයින් සෘජුවම ඊට වගකිව යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

පගාව දිහා බලාගෙන, කොමිස් දිහා බලාගෙන රට පාළණය කරලා රටම අමාරුවේ දාපු අයම, ඩොලර් 1.50ට ලංකාවේ නිෂ්පාදනය කරන කොලෙස්ටෙරෝල් පෙත්ත, ඩොලර් 6.50ට ගේන්න අනුමැතිය දීලා. එකයි පනහේ සහ හයයි මිනිස්සු දෙවර්ගයක් දැන් මේ රටට අවශ්‍ය නෑ. අපි ඔක්කොම එක ජාතියක් බීලා මැරෙනවානම් මැරෙමු, නැත්තං ජීවත් වෙමු.”

ඉන්දියාවෙන් ණයට ගත්ත සල්ලි වලින් කොමිස් ගන්න ලබාංශය වැඩිකරලා, බ්‍රෑන්ඩඩ් බොරු වලට, වැඩි ගානට ගේන ඖෂධ වල බිල අවසානයේ ගෙවන්න වෙන්නෙත් ආණ්ඩුවෙන් මිස සුපිරි පන්තියකින් නෙවේ. සෞඛ්‍ය සේවා අවශ්‍යතාවය සපුරා ගන්න ඩොලර් මිලියන 240ක් අවශ්‍යව තියන වෙලාවක, ඉන්දියාවෙන් ලැබුණු ක්‍රෙඩිට් ලයින් එක විනාශ කරන්න හදනකොට, ඒවා අනුමත වෙන්නේ සෞඛ්‍ය පාළණයේ දුර්වල කමක් නිසා”

අගමැති ධූර, ජනපති ධූර සහ සෞඛ්‍ය අමාත්‍ය ධූර වෙනස් වූවාට, ක්‍රමය වෙනස් වී නොමැති බව තේරුම් ගැනීම සදහා ද මෙය ඉතා හොද නිදසුනක් බැවින්, මෙවන් තීරණ පිළිබදව මීට වඩා සැලකිල්ල වර්තමාන අගමැතිවරයා ඇතුලු අලුතින් රට කරවන්නට පැමිණි පාර්ශවයන්ට තිබිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress