මේ රට විනාශවී ඇත්තේ මෙවැනි  අපරාධකාරුවන්ට පාර්ලිමේන්තුවට යන්ට මෙන්ම ඒ තුල  සිටිමින් නීති හැදීමට අවස්ථාව තිබෙන නිසා සහ මෙවැනි අව නීති ක්‍රම නිසා නොවේ ද ? 
Posted on June 12th, 2022

අචාර්ය සුදත් ගුණසේකර මහනුවර

අල්ලස් මුදලක් ඉල්ලා වරදකරු වී අධිකරණයෙන් දඩ ගැසුම් කා අත්හිටවූ සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකු ඉදිරියටත් රටේ නාගරික සංවර්ධන සහ නිවාස ඇමැතිකම් සේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස ද කටයුතු කරනු ඇත”!

සිහි බුද්ධිය ඇති ජනතාවගේ (පක්ෂ වහලුන්ගේ නොවේ) බුද්ධියට නිගා දෙන, ඔවුන් සමච්චලයට ලක් කරන මෙවැනි ‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී’ යයි  කියාගන්නා වෙනත් රටවල් තිබේද?  

On Tuesday, 7 June 2022, 05:18:13 am GMT+5:30, DAMITHA SENEVIRATNE <damitha2312@hotmail.com> wrote:

ඇමැති ප්‍රසන්නගේ මන්ත්‍රීධූරයට සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති නීතිඥවරයෙකුගෙන් විමසන ලදුව ඔහු කියා සිටියේ අත් හිටවූ සිර දඬුවම් ලැබීම මන්ත්‍රීධූරය අහෝසි වීමට බල නොපාන බවයි. ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධූරයක් අහිමි වීමට මාස 6 කට වැඩි සිර දඬුවමක් සිරගත වී විඳිය යුතු බව ඔහු පැවසීය.”

මෙ ජරාජීරණ දේශපාලන සන්ස්කෘතිය සහ අවනීති ක්‍රමය වෙනස්වන්නේ කවදාද? තුන්සිය හැපස් දවසම කෙළවරක් නැතිව දවසින් දවස රට ප්‍රපාතයටම තල්ලුකරණ ඊණියා අරගල කරණ අරගල කරුවන්ට, වර්ජන කරුවන්ට, රටේ අනාගතය භාරදීමට සිටින විශ්ව විද්‍යාල ශිශ්‍යයින් සහ පාසැල් දරුවන් විනාශකරණ   සහ දේශපාලන ශුද්ධවන්තයින් වශයෙන් හැසිරෙන ජේ.වී.පී සහ ඊණියා පෙරටුගාමීන් මේවා වෙනස්කරන්ට කියා අරගල නොකරන්නේ ඇයි?

ඉහත ප්‍රවෘතියෙන් දක්වා ඇති පරිදි

අල්ලස් මුදලක් ඉල්ලා වරදකරු වී අධිකරණයෙන් දඩ ගැසුම් කා වසර 5 සිරදඬුවම් ලැබ එය වසර දෙකක අත්හිටවූ සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකු ඉදිරියටත් රටේ නාගරික සංවර්ධන සහ නිවාස ඇමැතිකම් සේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස කටයුතු කරන”

මෙවැනි ආණ්ඩුවක් හැඳින්විය යුත්තේ කුමණ ආණ්ඩු ක්‍රමයක් කියාදැයි ආණ්ඩුක්‍රම විශාරධයින්වත් අපට කියාදෙන්නේ නම් මැනවයි මම සිතමි.

අනෙක එවැනි පුද්ගලයින් ඇමතිවරුන් සහ ප්‍රධාන සන්විධායකයින් වශයෙන් සිටින ආණ්ඩුවක ඇති නීත්‍යානුකූල භාවය සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මටනම් නොතේරේ.

ජනාධිපතිවරයා,අගමැතිවරයා,කථානායකවරයා හෝ නීතිපතිවරයා මීට පිළිතුරක් දෙනු ඇතැයි ඊනියා  පරමාධිපත්තිය තමන් සතුව ඇතැයි කියන මේ රටේ මහජනතාව බලාපොරොත්තුවෙයි  

මීට අමතරව අපරාධ චෝධනාවලට බන්ධනාගාරගතව සිටින ගරු” යයි කියාගන්නා මැති ඇමතිවරුන්ද කිසිසේත්ම පාර්ලිමේන්තුවට නොගෙන්විය යුතුවා පමණක් නොව එවැනි පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වාම දේශපාලනයද තහනම් කළයුතුය.

මේ රටේ පවතින ජරාජීරණ දේශපාලන සන්ස්කෘතිය   වෙනස්කළ හැක්කේ එසේ කළහොත් පමණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress