හීනෙන් දුටු ගොල්ෆ් පේස් පිට්ටනිය – දෙවෙන කොටස
Posted on July 6th, 2022

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

බල්ලෙක් බවු වවු ගෑවේය. මැදියම් රැයේ එම අශික්කිත ශබ්ද්දය ඇසුණු මම පොඩ්ඩක් බයවුනි ඒ ඇයි කිවහොත් අර කාන්තිමත් පෙනුමක් ඇති හිනිනෙන් දුටු ලාල් අය්යාගේ ගොලයෙකුවත් මේ රෑවෙලා ගෙවල් පැත්තෙවත් කැරකෙනවද මන්දෑ කියාය. ගෝටා ගෝ හෝම් මල්ලිලා අයියලා රටටම දවල් තරු පෙන්න ගහපු ගැහිල්ල මතක් වෙනකොට මුළු ගමම විදුලිය කැපු වෙලාවට නිදියන්නේ මර භියෙන්ය. නිකරුනේ ඉන්න අපේ ගෙවල් හෝ අල්ලපු ගෙදර ගිනි තිබ්බොත් එහෙම අඩුම ගානේ ගිණි නිවන හමුදාවට එන්න පෙට්රෝල් ඩිසල් නැති කාලයක අපි අර… පහල ඇති ටැප් එකෙන් පම්ප කරලා ගෙදර ගිණි නිවන්නද ? මෙහෙම කාලකන්නි ඉන්න රටක අපි වෙන මොනවා කරන්නද ?. දේශපාලුවෝ පිරිසක් ලක්ෂ හැත්තෑවක් අනාථ කළේය. උන් බලයේ ඉන්න විරුද්ධ වුන් බිලියන 100 ක වගේ දේපළ ගිණි තිබ්බේය. අනේ අපේ රටට උන කරුමය? ඉතින් මොළේ සවුත්තු වෙන ප්‍රශ්න රාශියක්ද කන්ට බොන්න පවා දෙගොල්ලම එකතුවී විනාශ කල හැටි සිහිකරමින් දිගටම නිදි වර්ජිතව කලපනා කළේය. අම්මා ලඟට ඇවිත් හෙට අපි ගොල්ෆ් පේස් පිට්ටනියට යමු පුතේ කියලාය ගමේ අනිත් කට්ටියත් එක්ක හීනෙන් ගොල්ෆ් පේස් පිට්ටනියට ගිහිල්ල දැක්ක මාරාන්තික හීනෙත් මේ වෙලාවේ මතක් උනි…ඇඟ සිතලවුනි…

තදබල නින්දක් ආවේය එක පාරටම මාව කොළොඹ ගොල්ෆ් පේස් පිට්ටනියට විතරක් නෙවේ නුවර ගෝටා ගමටත් අතර වැටුණි. නගරවල් දෙක අතර විශාල දුර ප්‍රමාණයක් තිබුනත් දෙකම එකම ළඟ පෙනෙන්නට තිබුණි…

මේ සහෝදරයා මොකද ඔය බෙල්ල දෙපැත්තට කරකවන්නේ බෙල්ල කඩා ගන්නන්ද ? කියා මා හා මම හොඳින් දන්නා හාමුදුරු කෙනෙකු අතර සිටි රැවුල් වවාගත් හින්දැරි වාසගමට ඉදිරියෙන් හැමවෙලේම අපි  ”අන්තරේ” කියාගන්නා අයියා කෙනෙක් මට ”වොර්නින්ග්” එකක් දුන්නේය. හිතේ ඇති බයට කොළොඹ ගොල්ෆ් පේස් ගෝටා තෝ ගෝ ගෙදර පල පිට්ටනියද හොඳ ? නුවර ගෝටා තෝ ගෝ ගෙදර පිට්ටනියට හොඳද කියා ”චෙක් ලිස්ට් එකක්” ගැහුවේය. දෙකම ”එකම කොපි කට්” එකක් බව වැටහුණි. කොකේ හිටියත් යහපත් මිනිසුන් හට ගුටි නම් කන්න වෙන බව වැටහුණි. බයට බිම බලාගෙන ඉන්න කොට ගෝටා තෝ ගෙදර පල එකේ නුවර ” බ්‍රාන්ච් ” එකේ දිනපතා වැඩ සිටි පින්වන්ත හාමුදුරුවෝ කිවේ පුතා භිය නොවන්න මම ඔයාව රැක බලාගන්නම් කියාය. ඉතින් එකෙන් පොඩ්ඩක් මගේ හිත පැහැදුනේය අනේ මේවගේ අපේ වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතියට කල්‍යාණ මිත්‍ර හාමුදුරුවරු දහස් ගානක් භිහි වේවායි හිනෙන්ම කියැවුනි. හීනෙන් වුනත් හැමදා කියවුන ”ඉතිපිසෝ භගවා” යන ගාථා රත්නය වෙනුවට මෙතෙන ගෝටා ගමේ හැමදා වැඩ සිටින පින්වන්ත ජාතියට හිතෙෂි පුණ්‍යවන්ත එම ස්වාමින්වහන්සේගේ පින්තුරයක් ගෙදර ගෙනවිත් තබා ගැනීමට මට සිතක් පහල වුණි. මාධ්‍ය වේදියෙකු වශයෙන් මා අත තිබු ”කැමරාව” දික් කරනකොටම අසල සිටි භාවනා ගුරුවරයෙක් මට කිවේ. ”මල්ලි” කබරගොයා තල ගොයකරගන්න නේද හදන්නේ කියාය?… ආ අයියා… ඔයා ඉංග්‍රීසි උගන්වලා එන ගමන්ද ?. එක නෙවේ මල්ලි ඔයා අපේ මේ ගම්දෙකම මැද්දේ ඉඳගෙන කරන්නේ ජාතියට නිග්‍රහයක් හරිනම් ඔයා අපිත් එක්ක මේ ”ගේමට” බහින්න ඕනේ රාජපක්ෂලා පන්නලා මේ රට හදන්න ඕනේ උන් හොරු, ආ එහෙමද? අයියා…? ඕකනේ මල්ලි කිවේ ඔයා හැමදාම කබරගොයා තල ගොයකරගන්නවා කියලා. නියම මිනිස්සු අපිත් එක්ක සෙට් වෙනවා අපිට කන්න බොන්න නැතිවෙලාවේ එක ගැන කථා නොකරන එවුන් මෝඩයෝ… එතොකොට අයියා ගෙවල් ගිණිතියනවුන් නුවණක්කාරයෝද ?… කොළොඹ පැත්තෙන් හිටිය රැට්ටයියා මතුවී කිවේ යකෝ ඔය ගොන් කථා නවත්තපිය උඹ දන්නවද? අපේ උපුල්ගේ ශාන්ත සර් උම්බලවගේ මෝඩයෝ ඒ සර් ගේ පන්ති යවලා හදලා ගන්න ඕනේ. මම දෙලොවක් අතර තනිවුනි අපිට හොඳ නරක උගන්නපු ගුරුවරු හංගලා ”මැච් ” එකක් ගහලා ඇත්ත තමයි උපුල් සර් නියම එකා උගෙන් ඉගෙන ගත්තනම් අපිත් ගොඩ රටත් ගොඩ… යැයි මම හිනිනේන්  මිමුනුවේය…ඒයි ළමයා ඔහොමද ? ගුරුවරුන්ට කථා කරන්නේ කියා මාගේ පාසලේ සිටි රත්නායක සර් හද්දීසියේ මතුවී වේවැල් පහරක් ගැහුවේය. සර් නැතිවෙලා ගොඩක් කල් නමුත් සර්ව දැක්ක පාර අදටත් මම බය විය. නිතරම හරි මග කියා දුනු එවැනි ගුරුවරුන් අද නැති බව වැටහුණි. සර් මට තරවටු කොට පසු පස ප්‍රදේශයට ගිය බැවින් හැරිලා බැලුවේය සර් දෙවියෙක් වී ඇති බව මාහට පෙනුනුනි. සර් දිහා එතන සිටිය රැට්ටෝ ,අන්තරයෝ සමහර හාමුදුරුවරු ඒ යකා මොන මෝඩයෙක්ද කියා කිවේය.

මෙන්න ප්‍රවෘත්තියක්….

සමාජ ජාලා හරහා ගෝටා ගෝ හෝම් 2022” යන සටන් පාඨය නිර්මාණය කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සහ කළ පැතුම් කර්නර් නැමත්තා මේ වන විට එංගලන්තයට වී තම ‘ෆේස් බුක්’ පිටුවේ දේශන පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඈ බෝල ඒ මොකාද ? අලුත් කර්නල් කෙනෙක්ද අපේ හමුදාවෙන්ද ? නැත්නම් විදේශිය හමුදාවේ එකෙක්ද? කියා හිනෙන්ම දුටු ආච්චි කෙනෙක් එම ප්‍රවෘත්තිය දෙස බලමින් මගෙන් අසා සිටියෙයේය. මමනම් දන්නේ නැහැ ආච්චි අපි ”ගුගල්”කරලා බලමු!.

පැතුම් කර්නර් සිය ‘ෆේස් බුක්’ ගිනුමේ සටහනක් තබමින් මෙසේ කියා තිබේ…


මරා දැමූ විප්ලවවාදියා උගන්වා ගිය පාඩම ඊළඟ විප්ලවකරුවන් නැවත උගත යුතු නොවේ.
ඔහු ජීවත්වූ ලෝකය සහ මා ජීවත් වන ලෝකය වෙනස් ය. ඔහුට තිබුන තාක්ෂණයට වඩා වැඩි යමක් අප සතුව තිබේ. හුදෙක් අප නිර්මාණශීලි වීම ප්‍රමාණවත් ය. විජේවීරගේ සීමාවට මාව ඔසවා තැබුවාට ස්තුතියි!!!.ඔහු මෙන්ම මාද හෘද සාක්ෂියේ වගකීම ඉටු කරන්නෙමි. – පැතුම් කර්නර්

දාඩිය දැම්මේය මරා… දැමු…මරා…  දැමු…. 88-89 කාලයන්වලදී කුඩා කල සියසින්ම දුටු මරණ සියල්ල එකින් එක මතුවී ආයේය විජේවීර මැරුණු හැටි ඇස් දෙකෙන් නොදැකපු නමුත් අපි පාසල් යන සමයේ දුටු එම භයානක සිද්දි හීනය තුලම හින්දාඩිය දමමින් මතක් විය. අම්මෝ අම්මෝ කියා මර හඬ තැලුවෙමි. නමුත් උගුර කට වියළි ඇති නිසා මහා මැදියමේ සියලුම දෙනා මර නිනිදෙත් නිසා මා බියවී කැ ගැසූ හඬ කාහටවත් නොනැසී ඇති බව මාහට විශ්වාසය, නැතිනම් කව්රු හරි මාව ඇහැරවනු නියතමානය.

ඒයි බුරුවෝ මොකද ඔය දඟලන්නේ ඔළුවට් තද බල පහරක් පිටිපස හිටි කෙනෙක්  දුන්නේය මාව  විසිවී ගොස් වැටුණේ තෙල් පොලිම්කටය. මිනිස්සු දහස් ගණනක් තෙල් පෝලිම් වලය…ආ මල්ලි දැන් සැපද? චන්දය දීලා දැන් මොනවත් දන්නේ නැහැ වගේ බුම්බාගෙන ඉන්නවා නේද? ආ නැන්දා චන්දය දුන්නේ නැතිද මේ පාර ”අනේ පුතේ දුන්නා මුන් මුළු ජාතියම රැවට්ටුවා ” සුදු නැන්ද එසේ කිවේය. වාහන පෝලිම අඩියෙන් අඩිය ඇදෙනවා. නම්බර් වාහනවල විදුරු වල ගහන කණ්ඩායමක් එන්නේය. මොවුන් කවුද? අතර මැදි පෙනුමක් තියෙන්නේ ” ඔවුන්ව දැක්කම ප්‍රශ්ණ අහමුද? නැත්නම් බිම බලාගෙන ඉමුද කියා හිතුනේය? එල්.ටි. ටි යට භිය නොවුණු වුන් දැන් මේ පිරිසට භයවෙලාය. අහෝ ජාතියට ගහපු හේනය. අර අමුතු කණ්ඩායම ළඟටම ආවේය. අංකයක් වීදුරුවේ ලියුවේය. ආ මේ අයියද? මම ඔයාව දන්නවා අපි ‘ලිස්ට් එක හදලා ”ෂෙඩ් ” එකේ පොලිසියට දෙනවා ඒ කට්ටිය එතකොට පෝලිම් පනින්න දෙන්නේ නැහැ ගානට වැඩේ කරයි. පොඩි සතුටක් දැනුනේ යහපත් අරමුණකින් වැඩ කරන කරපු මිනිසුන් හට ”ගන්ති, කැපිලි” දාන්නේ නැතිව ඔවුනුත් මන් මුලා වුවිට පාර කියා දෙන මෙවැනි පුද්ගලයෝ තවත් අපේ රට තුල ඉන්නවා කියාය. මේ අය අර නුවර ගෝටා ගම හා කොළඹ ගොට ගම් 22දෙකට මැදිවී මැදුම් පිළිවෙතින් හිටපු අපහට ඔළුවට පොළු පහරක් ගැසූ රැට්ටයියාට වඩා හොඳය , අර කුකුල් ශාන්ත අයියට වඩා මොවුන්ගේ ගතිගුණ හොඳය. ඉතින් එන්නට එන්න රැ විය. පෝලිම නම් ඉදිරියට ඇදෙන පාටක් පෙන්නේ නැහැ…තෙල් හීනය බොඳවී යමින් තිබුනේය…සීතලයි,කුසගිනියි,මළමුත්‍රා කිරීමටවත් තැනක් නැහැ. කෘස් කෘස් කියමින් ‘බි.එම් ඩබ්ලිව්, පැජරෝ, ජගුවර්, වී එයිට් එහාට මෙහාට යන්නේය. ළඟ සිටි භෞතික විද්‍යා ගුරුවරයෙකුගෙන් අසා සිටියේ. මේවා දුවන්නේ ”විදුලි කෝෂ වලින්ද නැත්නම් බැටරි වලින්ද කියාය. ඔහු එක වරම කියා සිටියේ. පොලසිය ඉන්නකම් තෙල් ගහන්න හම්බවෙන්නේ නැහැ කියාය. ඒ වගේම මේවා හොර තෙල් වලින් දුවන වාහන නැත්නම් වැඩි සල්ලි දීලා හොරෙන් අරන්… ආ එහෙමද එතකොට අර ”ගෝටා ගෝ හෝම් කියා පස්සා පැත්තේ ගහගෙන ගිය අර හීනෙන් දුටු මහා හොරු අල්ලන කැබ් රථ තමාත් එහේ  මෙහේ යනවා මම හිතන්නේ ඒවා පෝලිම් වල ඉඳගෙන තෙල් ගහලා වෙන්න ඇති නිහතමානී මිනිස්සු ඒ අය මහජනයා වගේ ”මළ මුත්‍රා” හිරකරගෙන අපිවාගේ දුක් විදිමින් දවස් ගණන් වෙනම ලෝකයක වෙනම පෝලිමක ඉන්නවා ඇති එකයි ඒ කට්ටිය කවුරුත් නැත්තේ මෙතන…මොකද අවංක කම ඕනෑවටත් වඩා තියෙනවා ඒ මහත් හෝ…රු…න්න්න්න්නං නැ මේ  මහත්වරුන්ට. හදිදිස්සියේ විශාල ශබ්දයක් අසුනේය. පෝලිම තෙල් පිරවුම් හලට ගවුවක දුරක් තිබුනත් මිනිසුන් කෑකෝ ගසන හඬ අපි ඉන්නා තැනටම අසුනේය. හැමදාම තෙල් අනාථයෙක් වූ ත්‍රිවිල් රියදුරෙකුගෙන් අසා සිටියේ මොකක්ද ඒ සද්දේ? ආ ඔය අර අතවශ්‍ය සේවා කියලා තෙල් ගහන අයට පොලිසියෙන් තෙල් ගහන්න ඉඩ දෙනකොට වෙන වැඩේ. ඕක දැන් ප්‍රසිද්ධ ජාවාරමක් පන්දහකට තුන්දාහක තෙල් වදිනවා.

තෙල් අර්බුදය, මුදල් අර්බුදය, අධ්‍යාපනය අර්බුදය, ආරක්ෂා අර්බුදය, ආහාර අර්බුදය, සතුරැ අර්බුදය, දේශපාලනික අර්බුදය, මානසික අර්බුදය, ආර්ථික අර්බුදය, අර්බුදය…අර්බුදුය…අර්බුදය….මේ මල්ලි නැගිටින්න මොකක්ද  බුදුය…බුදය…බූ බූඋ..ඌඋ කියන්නේ අර පහල තියෙනවා වැසිකිලි පද්ධතියක් අර පොඩි ළමයි එකක් ”ක්‍රිකට්” ගහපු පිට්ටනිය ගාව නැත්නම් හොඳ ”අන්කල් කෙනෙක්” ගෙදර ටැප් එකක් දාල තියෙනවා’ එතනින් නාන්නත් දෙනවා, වැසිකිළි යන්නත් පුළුවන්…හා හොඳයි. මහන්සියට කටි වාතය තද වුනි මහන්සියට හීනෙම දිගටම පෙනෙන්න විය.

රාත්‍රිය හරිම දුෂ්කර එකක් විය. හිටි අඩියේම.. ගෝ…ආ….ප….යා…, ගෝ…ආ….ප….යා… කියා පාරේ ජාතික කොඩිය අතින් අරන් වයසක මිනිසෙකු යන්නේය…ඔහු හොඳටම බිමතින් කියා පෙනේ ඔහුට වහනයක් සතු ආර්ථික බලයක් නැති බවට පෙනේ. නමුත් ඔහු පාර දිගටම මේ සටන් පාඨ කියමින් යන්නේය. දහස් ගණනක් පෝලිමේ ඉන්න මිනිසුන් ඔහුට කිසිවක් නොකියයි. පන්සලක වෙහර ඔහුගේ ඔළුවට උඩින් ටිකක් ඇතින් පෙනේ. පන්සලක් පෙනී පෙනී මේ වැඩේ කරන්නේ ආගම් කල්ලියකින් දාපු මිනිසෙකුවත්ද ? කියා සිතුනේය. හීනෙන් ද සැබවින්ද මේවා පෙන්නේ කියා මාහට හිතා ගත නොහැකි වුනේ. මා සතු සියළුම ඉන්ද්‍රියන් පිඩනයකට ලක්වෙමින් බඩ පිට සමගත් ඔළුව පස්චාත් භාගයත් සමග සටනක නියැළු නිසාවෙන් බව වැට හුනි. නැවත හීනය දික් වුනි මදුරුවන්ගේ හා මා ඇතුළුව වහනයට වටින් හා වැට දිගට මුත්‍රා කරන්නන්ගේ ගඳින් හමායන සුළගින් මේ ගමේ උදවිය කොහොමද? බේරෙන්නේ ” රජට බැරිද ? තාවකාලික ජංගම වැසිකිලි පද්ධතියක් වත් දෙන්න, මේ ගමේ මිනිසුන් කොහොමද? ඉන්නේ විෂ බීජ පැතිරෙන්නේ නැත්ද? අපි කාපු පරාටා කඩේ මල්ලිගේ කුස්සියට මේ මැස්සෝ රිංගන්නේ නැතිද? අය්යෝ මේ මොන හෙනයක්ද? මේ සිරිබර ලංකාවට මේ පහර දේශ පාලකයෝ කලේ. එකෙක් හොරකන් වංචා කරලා ඒවා නැති කරණ  හැටි කථා කරයි. අනිකා රට ගිණි තියමින් මිනි මරමින් රටේ සංවර්ධනය ගැන කථා කරයි.අනේ අපොයි මේවගේ තිරි සන්නු….

දෙවියන්ගේ පැමිණීම :

එක වරම ආලෝකයක් මතුවිය අනිවාර්යෙන් දේවතා එළියක් විය යුතුය…නිල්පාට වර්ණය වැඩියෙන් තිබුණි. ”ළමයා දැක්කද අර ”කටාර් චැරටි” එකේ තහනම ඉවත් කරන්න යනවා. ආරක්ෂක ඇමති තමා තෙල් ඇමතිට කියලා තියෙන්නේ? ඉහ මොලේ රත්විය. පාස්කු කාරයෝ ඔක්කොම එක්කෝ නිදැල්ලෙය. නැත්නම් බොරුවට ඇතුලේය.

හීනය දකින කතෘ:

ආ දෙවියනි එහෙනම් උන් වැරදි නැහැ පාස්කු එකට රහස් පොලිසියේ මහත් වරු බොරු කියන්න ඇති ‘ පවු අනේ  ”කටාර් චැරටි” මම දැක්ක හැමිනස්ටි….ළමයා හැමිනස්ටි නෙවේ. ඇමිනස්ටි….අන්න හරි ඇමිනස්ටි අන්තර් ජාතික සංවිධනය කියලා තියෙනවා 2020 ජුලි 15. හිජාස් හිස්  බුල්ලා ශ්‍රී ලංකාවේ කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නවතම ගොදුරක් කියා. මම හිතන්නේ ඒ ගොල්ලෝ හරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව ඇති බවත්  විරුද්ධවාදීන් තලා දැමීමට සහ බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීමට භාවිතා කරන අපයෝජන නීතියක් ලෙස විවේචනයට ලක්ව ඇති බවත් ඒ සුදු මහත්වරු කියනවා දැක්කා. මම දැක්ක අර සානේක්‍ය, රවුෆ් හකීම්, මිනීමරු ප්‍රභාකරන්ගේ මස්සිනා, සම්බන්දන් ඔය ටිකම නුවර ටොරින්ටන් පාර්ක් එක ඉස්සර උඩ පැනගෙන කියනවා මේ නුවර ගෝටා ගම හදන්න සති ගානකට ඉස්සරලා…

දෙවියන්:

ළමයා…ඔයා හරි ”ඔකුන්ම” තමා…

දෙවියන්ට ඇමිනස්ටි අන්තර් ජාතික සංවිධනය එක්ක මොකක් හරි ඇරියස් එකක් නැත්නම් තහරක් ඇති බව පෙනේ ඒ ඇයි කිවහොත් දෙවතාවක් ලෙහෙසියෙන් කාටවත් ඕකුන් කියා කියන්නේ නැතිය).


2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා පල්ලි තුනකට සහ තරු පහේ හෝටල් තුනකට පහර දී පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් මරා දැමූ ශ්‍රී ලංකාව පුරා පිපිරීම් හයක් ඇති කළ බෝම්බකරුවන් හතෙන් දෙදෙනෙක් මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් වන ඉන්ෂාෆ් සහ ඉල්හාම් ය. ‘ඉස්ලාමීය රාජ්‍යය’ ලෙස හඳුන්වන සන්නද්ධ කණ්ඩායම විසින් මෙම ප්‍රහාර පසුව තමන්ගේ එකක් බව ප්‍රකාශ කරන ලද නමුත් එම කණ්ඩායම සමඟ ඇති සම්බන්ධය අවිනිශ්චිතව පවතී කියා ”ටොම්” පචයක් කීවෙත් ඕකුන්ම තමයි.

හීනය දකින කතෘ:
එතකොට දෙවියනි අර කලින් හීනෙන් දුටු ”ඊබ්‍රහිම් මාමා”  

 දෙවියන්:
අප්පෝ ඔකාව මතක් කරන්න එපා තව පොඩ්ඩෙන් මාලිගාවත් විනාශ කරනවා ඕකා…

හීනය දකින කතෘ:
ආ එහෙමද දෙවියනි?

දෙවියන්:
ඇයි තමුසෙට විශ්වාස නැද්ද?

හීනය දකින කතෘ:

නැහැ ඔබ වහන්සේව විශ්වාසයි නමුත් කොයි දෙයියෝද හරි කියලා තමා මට වටහා ගන්න බැහැ…

දෙවියන්:
ඒ කියුවේ ?

හීනය දකින කතෘ:

නැහැ මේ අගරදගුරැ කියනවා වෙන කතාවක් ඒ කට්ටියට සමාව දෙනවා නමුත් මේකේ පිටිපස්සේ ඉන්න උන්ට දෙවියන් සාප කරනවා කියලා..එතකොට දෙවියනි මේක කලේ සිංහල බෞද්ධ අපි රාජපක්ෂ වරු සමග ජාති වාදේ අවුස්සලා චන්දේ ගන්නද ?

දෙවියන් අතුරු දහන් වුනි….අපි මේ ඇමිනස්ටි අන්තර්ජාතික සංවිධනය අපි කියන්නේ ”ඇත්ත ප්‍රවෘත්ති” තොපි අසාපියවූ…

හිජාස්  මොහොමඩ් ඊබ්‍රහිම් සමඟ සම්බන්ධ වූයේ දෙයාකාරයකටය පමණය සිංහල  බෞද්ධ තොපි දැනගනිවු. පසුගිය වසර පහ තුළ ඔහු ඊබ්‍රහිම් ව්‍යාපාරයට අදාළ නඩු කටයුතු මෙහෙයවමින් ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කළේය. හෙජාස් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ද සේව් ද පර්ල්ස්” සංවිධානයේම  කොටසක් වූ අතර, සාපරාධී ක්‍රියාකාරකම්වලින් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන්ව පොළඹවා ගැනීමේ අපේක්ෂාවෙන් අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කරන පුණ්‍යායතනයකි. මොහොමඩ් ඊබ්‍රහිම් ඔහුගේ පුළුල් පරිත්‍යාගශීලී ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස සේවය කළ අතර, පසුව ඔහු බෝම්බකරුවන්ගෙන් කෙනෙකු වූ ඔහුගේ පුත් ඉල්හාම්ට එම භූමිකාව භාර දුන්නේය. තනතුර භාරගෙන යන්තම් මාස කිහිපයකට පසු, සංවිධානයේ මණ්ඩලය විසින් 2016 දී භූමිකාවෙන් ඉවත් වන ලෙස ඉල්හාම්ගෙන් ඉල්ලා සිටියේය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන ”Hejaaz” වසර 5ක කාලයක් තුළ එහි රැස්වීම් 52න් අටකට පමණක් සහභාගී විය. ඉතින් හිජාස් මක් කොරන්ටැයි….

ඉහ මොලේ රත්විය මැදියම් රැයේ වහනයක් ඉතා වේගයෙන් ඉහලට ඇදෙ කැ…..ඊ….ගෝ…..ආ….., කැ…..ඊ….ගෝ…..ආ….., තරුණ මුස්ලිම් ළමයි වගයක් හිතේ වේදනාවට තම රැන්ග්ලර් ගනෙය් ජීප් රථයෙන් පන්සල අසලින් යනවිට ශබ්බ්ද නගා කියාගෙන උඩට යයි…ජනේලය පහත් කර බැලුවේ මේ ගෝටා ගම මල්ලිලාද කියාය නමුත් මේ ඔවුන් නොවේ. අපරටේ තාවකාලික පුරවැසියන් වූ මුස්ලිම් වරුන්ගේ පැවැත එන තරුණ ළමයින්ය. අනාගත සිංහල දේශපාලකයින්ට මොනවයින් මොනවා වේදෝ ? බටහිර සමග ගඩාපිගේ රටේ මිනිසුන්ම යොදවා කර්නල් ගඩාපි මහතාට කල අපරාධයද  සිහිවුනි. මෙහෙම් ගියොත් විදේශිකයන් ලවා මතු මත්තෙකට සිංහලයන්ට දේශපාලනය කිරීමේ වරමත් නැතිවෙන බව වැටහුණි. හීනෙන් එම කාරණය දැක්ක බැවින් පොතකින් සමාජ ගත කලද? ඔවා ගොන් කථා කියලා අනුර මහතා ප්‍රසිද්ධ ජන මාධ්‍යයකවත් කිවොත් මේ රටේවත් ඉන්න ”අන්තරේ රැටි ” මල්ලිලා ඉඩ නොදෙන බව වැටහුණි. ඒ ලපයන් හා හඳයන් ඔවුන්ගේ ජාතික වීරයන් වන බැවිනි.

උදේ පාන්දර වුනි…මේ අපි මෙහෙම හිටියොත් අදත් තෙල් ගහන්න වෙන්නේ නැහැ අපි ඔක්කම ගිහින් පෝලිමේ නැතිව එන කට්ටියට තෙල් ගහන පොලිසිය නවත්වමු, කැන් වලට ලීටර් විසක් දෙනවා.

  එම කථාව කිවේ අපි පාසල් සමයේ රූපවාහිනියෙන් බැලු කථා මාලාවක සිටි ”ද ඒ.ටි.එම්” කතාවේ සිටිය නළුවෙකු වාගේ වයිකින් ගණයේ කොන්ඩ මෝස්තරයක් දැමු පුද්ගලයෙකුය ඔහු ඇත්තටම වීරයෙකු සේ හැමදෙනාම දුටුවේය.තෙල් පෝලිම ප්‍රමිති කරණයක් කොටගෙන අපිට ඉක්මනට ගෙදර යා හැක්කේ ඔහු කියන ආකාරයටය අතවශ්‍ය සේවා යැයි කියා ලීටර විස්සේ බුලි රැගෙන එකා දේකා වී කරණ තෙල් ගැහිල්ල නතර කරොත් තමයි කියා වැටහුණේය. මොලේ කුරුවල් විය නැවත මොලේ රත්විය පොලිසිය මෙහෙම කරන්නේ. නැහැ… නැහැ… පොලිසිය ජාවාරම් වලට සම්බන්ධ නැහැ…නැහැ… කියලා හිනෙන්නම් කියැවුනි. රට විනාශ කරණ දේශපාලුවෝ සුවසේ ඇඳක සැතපී ඉන්නා විට මහජනතාව පාරක පැත්තකින් නවත්වා ගත් වහානයක නින්දට වැටීමට ඉඩ සැලැස්සු දේශපාලුවන් හට ”අම්මගේ සිට ගණිකාව දක්වා දික්වෙන වචන කියනා නොයෙකුත් තෙල් අනාථයන් දැක්කේය  එම අනාථයන් ගොඩේම සිටි මමද එකේ දෙකට නැමි නිදියගෙන සිටීමෙන් හා  සීතලයි තද නින්දයි නිසා ”අම්මා…අම්මා..ට….” කියා මොනවදෝ දෙඩවිය.

යාන්තමට ප්‍රවෘත්තියක් ඇතින් ඇසෙයි…

එක ප්‍රවෘත්ති මෙසේ කියයි.

ඉල්ලන් ….කා….ආ සමාවෙන්න මට වැරදුනා කියා හීනෙන් දුටු එක ප්‍රවෘත්තියේ මාධ්‍යයවේදියා මෙසේ කියයි….

කටාර් පුණ්‍යායතනයේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.බදාදා (29) කටාර් පුණ්‍යායතනයේ නිලධාරීන් හමුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එම අරමුදලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගත් තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවයි. 2019.

බහිරව දෙවියෙක් මතුවී මෙසේ කියයි…

ආ… ඕක පරණ නිවුස් එකක් මේ ලඟදි ඕක බහිරව භාෂාවට හරවලා අපේ චැනල් එකෙත් ගියා. ඒවගේම මිට පෙර කතරගම දේවාලේ පැත්තේ තිබු අභය ධානය දී තිබු හරක් වගයක් ළඟ තිබු පල්ලියක ආගමික උත්සවයකට දීලා උන් උයලා කෑම දෙන්න යනදවසේ එකට ගිහිල්ල කොහොමද වැඩේ බල්ලන්න හැබයි අපේ බහිරව මාධ්‍යය කණ්ඩායම ඒ නිවුස් එක ගන්න ගිහිල්ලා ඒ වෙලාවේ ”එක පාරටම නිල්පාට එළියක් විහිදිලා තියෙනවා මහා සද්දයකුත් එක්ක. සමහර මිනිස්සු මැරුනලු සමහර මිනිස්සු බාගෙට මරුනාලු, මේ ලෝකේ තුලම මල ප්‍රේථ ස්වභාවයට පත්වුනාලු . මිනිස් ලොව මිනිසුන් කීවාලු ”කල කම් පල දේ කියලා”….

සෝම හිමි ගේ බණ දේශනාවක් මතක් උනි.. උන් වහන්සේ පැවසුවේ…”කල කම් පල දේ, පල දේ කියලා කියන්නේ ඒකට රජකම් කළත් වරදින්නේ නෑ. ඒ වෙලාව එනකොට ඒක හම්බෙනවා…චේතනාවම තමයි කර්මය වන්නේ…

සෝම හිමිගේ බණ දේශනා අද ඇසෙන්නේ නැත…ඉටිපන්දම කළුපාට රජ වී ඇත…අහෝ ජාතියට ගැහු හෙනයේ මහත…කුඩා කල ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ දවසක් මෙසේ කිවාමතකය…..

ප්‍රාණඝාතය වනාහී බරපතළ අකුසල කර්මයකි. දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ජීවිතයේදීම පළ දෙන අකුසල කර්මයකි. උපන් හැම ආත්මයකම අල්පායුෂ ලැබෙන අකුසලයක්ද වේ.මහා ධර්මපාල ජාතකය, චුල්ලකම්මවිභංග වැනි සූත්‍ර වලත් මෙම කරුණු මැනවින් පැහැදිලි කර ඇත. ඇතැම් මිනිස්සු කිසිදු සත්ත්ව කරුණාවක් නොමැතිව පරපණ නසති. සකලවිධ ප්‍රාණීන් ෙකරෙහි කරුණාව, මෛත්‍රිය, දැක්වීම උතුම් මිනිසුන්ගේ ලක්ෂණයකි. නමුත් අද දින වනවිට ගුටි බැට ඇනැගනිමින්ස, ගෙවල් ගිනිතියමින්ත්ත්ව, මරපියවූ, කොටපියවූ, පන්නාපියවූ, ඕක හොරෙක්, මරපියවූ කියමින් මිනිසුන් ප්‍රසිද්ධියේ ක්‍රියා කරයි, දේශපාලන රැස්වීම් පවත්වයි. සතුන් ඝාතනය කරන පුද්ගලයෝ හැම අතින්ම පරිහාණියට පත් වෙති. ඔවුන්ගේ ජීවිත කාලයටම සතුටක් ලැබෙන්නේ නැත. මහත් දුකක් අත් විඳ මිය ගිය පසුව ද සුගතියක් නොලබති. ඔවුනට හිමි වන්නේ දුගතියමය අපායටම යන්නටම වෙති. මෙලොව නොවේ වෙනත් තලයක උපන්නත්  කිසිඳු ආත්මයක දිර්ඝායුෂ නොලබයි. ඉතා අඩු වයසින් මරණයට පත් වීමට සිදුවේ. මෙවැනි දෙයට උදාහරණ අප ජීවත් වන මෙම සමාජය තුළින් වුවද දැක ගත හැකිය.

සාදු සාදු සාදු….

මේ ඔයි තමුසෙට කියුවා නේද දැන් කිහිප විටක් අපිට බණ කියන්න එපා කියලා ” ඔය සිංහල බෞද්ධයෝ ඉන්නකන් මේ රට දියුණු කරන්න බැහැ. බලනවකෝ අර මුස්ලිම් රටවල්, ක්‍රිස්තියානි රටවල් කොහොමද දියුණු කියලා….

මේ ”රෑට් මල්ලිට” දැන් හිත් කියවන්නත් පුළුවන් මම හිතපු එක මේ මල්ලි දන්නේ කොහොමද? හිතටආපු ප්‍රශ්නයක් ”රෑට් මල්ලි” ගෙන් ඇසුවේය. රෑට් මල්ලි ඔයා කොහොමද මම නිකන් හිතපු එක දන්නේ…මේ නා….කි ….යෝ….තෝ දන්න කෙහෙල් මලක් නැහැ….අම්මට…….කියා දෙවෙනි පොලු පහරක් ගැසුවේය…කලාන්ත විය…හීනෙන් නිසාද කොහේදෝ…ලේ වැස්සුනෙත් නැත…නමුත් පහර තදින් වැදුණේය නමුත් එතන හිටි ”89 පමණ නියම දේශ ප්‍රේමි නායකයෙක් වී එකල තිබු ආණ්ඩුවෙන් මරා දැමුවත් දැන් ඔහු දේවතාවෙක් වෙලා තිබෙනවා දුවගෙන ඇවිත් මවා ඔසවා කිවේ ”මල්ලි හොඳ වැඩ කරන්න භය වෙන්න එපා ඔයාට වැරදෙන්නේ නැහැ කියා ඔහු මගේ හිසේ පසුපසට අත දික්කළේය. හිසේ ඇම්ම හොඳවුනි..එදා කතෘ වන මාගේ පරම්පරාවේ කි දෙනෙක් රතු විරුවන් විසින් මරාදැමුවේද ? අසල් වාසීන් කීදෙනෙක් ද? එදා අලි ආණ්ඩුවේ ප්‍රේමදාස, අදත් පණපිටින් ඉන්න කළු බළල්ලු,අගමති,ඇමති මොවුන් කවුද? මාර රාජ්ජ්‍ය එළිපිටට ඇවිල්ලවත්ද ? හීනෙ දිගටම පෙනුණි…

අයියා නැගිටින්න….කාර් එකේ දොරට තටුවක් දුන්නා. දඩස් ගලා හරකෙක් වගේ නැගිට්ටේ ”මම කම්මැලි නැහැ කියලා ඔප්පු කිරීමටය. ආ..නලින් මල්ලි එහෙම නම් අපි යමු ෂෙඩ් එක පැත්තට…ඔන්න අර අමිහිරි සිහිනයේ මතකයත් එක්ක ඇඟ රුදාව කඩාගනිමින් මද ආලෝකයක් සහිත පාර දිගේ පහළ ගොස් ළග තිබු ටැප් එකකින් මුහුණ හොදාගත්තේය…සබන් කැලක්වත් නැතිව මුහුණ සේදීම නිසා මුහුණෙන් මතුවුණා තෙල් අතේද ගැවී තිබුණි..එදා කුඩා කල මහනුවර ජනධිපති මනිදිරය අසල තිබු තාප්පයක මෙසේ වැකියක් සඳහන් වී තිබුණි…”මුත්‍රා කිරීම බල්ලන්ට පමණි” නමුත් මිනිසුන් ඒ බැම්මට මුත්‍රා කෙරුවේය. පාසැල් ළමුන් වන අප හිතුවේ ඔවුන් ඉතා නරක මිනිසුන්ය කියාය.කොහොමද ඔය විදිය වැඩ ප්‍රසිද්ධියේ කරන්නේ? උදේ පාන්දරම මහා මුසල ප්‍රශ්නයක් මේක…මොනවා කරන්නද පොලිසියේ මහතෙක් බලාගෙන ඉන්ඳිත්දීම ඒ ”බල්ලන්ට පමණයි. වැඩේ කිරීමට සිදුවුණි…අහෝ මේ මොන කරුමයක්ද? කියා සිතුනේය……

අදත් මුළු දහවලම තෙල් නැත්තේය හෙට වෙනකම් ඉන්න වෙනවා ත්‍රිකුණාමලේන් තෙල් එන්නේ…ගෙදරට පයින් යායුතුය….ගිහින් නැවත එන්න ඕනේ. දුරකථනයෙන් මල්ලිට කථා කල එන්න කිවේ ඒ වෙනකොට සියල්ලම තද වීගෙන එන නිසාය….

හැන්දෑවේ වෙනකොට නැවත ආවේය…පෝලිම දැන් දෙවෙනි රේල් ගේට්ටුව ළඟ….ටිකක් සතුටක් දැනුනි…නමුත් තෙල් ෂුවර් නැහැ අදත්..නලින්,ජයතිලක, මායාදුන්න මල්ලිලා කිවේය. ඔවුන් සියලු දෙනාම තෙල් පෝලිමේ හම්බවුන මිහිපිට දෙවියන්ගේම කොටසක් බව මා ඔවුන් හට නොකීවේ තව දුරටත් ඔවුන් සමගම රැඳී ඔවුන්ගේ ගතිගුණ අධ්‍යනකල යුතු බැවිනි…

රාත්‍රිය උදවිය…ඒ අසල පන්සලක් වසා තැබීම හේතුවෙන් තමාගේ අවශ්‍යතා ඉටු කරගැනීමට බැරිවුණ තෙල් අනාථයෙක් මෙසේ කිවේය. අර පන්සල වගේ නෙවේ මේ පන්සල. මේ පන්සලේ හාමුදුරුවරු රැට කෑම පවා වාහනවල ඇවිල්ලා බෙදනවා. පින් ඇති හාමුදුරුවරු…අර කට්ටිය ගේට්ටුව වහනවා. කිසවක් ඔවුන්හට නොකිය පැවසුවේ ඔය ධමපාල හාමුදුරුවෝ එදා ඉඳල මුර දේවතාවුන් වගේ මේ මුළු රටම රැක්කා. අදත් මහමග වඩිමින් කරන්නේ ඔය ටික තමා.

මධ්‍යම රාත්‍රිය විය අද පොඩක් කලින් නිදියමු…කියා මුළු පිරිසම විසිරි ගියේය. රැට දුකට සතුට අවශ්‍යතාවයට මත් පැන් බීපු අය. එහේ මෙහේ යති. නමුත් ඔවුන්ගෙන් මේ තෙල් ජාවාරමට විරුද්ධව නැගෙන හඬ අපමණය. බුරු පොළවල්, සංගීත පොලවල්ද මහමග තිබේ. අසල නිවැසියන්ට මේ තෙල් පෝලිම් විශාල කරදරයක් බවද වැටහුණි. නමුත් අපි කුමක් කරන්නද. හික් මීයෙක් වගේ කාර් එකේ ගුලිවී සිටියේය අසල තිබු ගෙදරකින් ”අලේලුයා ” කියා අසුනේ මක් නිසාද ? කවුද ඒ අන්‍යාගමික කරණය තහනම් නේද? ආගමික කටයුත්තකට අනුමත නොකෙරු තැන්වල ආගමික සංස්ථා පැවත්තිය හැකිද? අනේ මන්දා ලංකාවේ නිතිය බල්ලට ගිහිල්ල හැම එකාම බොරදියේ මාළු බානවා. බටහිර වුමානාවන්ට සම්බුද්ධ ශාසනයම නැති කරනවා. ඒ පලතේ දොරවල් වසා ගේට්ටුවටත් අගුළු දාල තිබිච්ච පන්සල් බෝර්ඩ් වල දැක්කේ” ධර්ම මධ්‍යස්ථාන කියාලය. ඒ මදිවට ඒවා ”ඉන්ටර් නැෂනල් ” ඒවාය. ලෝකල් අපේ ගමේ හමුදුර්වෝ එදා ඉඳලා තාමත් අප සමගය. උන් වහන්සේලා මේ ආත්මයේම නිවන් දකිත්වා කියා ප්‍රර්ථනා කලේය. තුන්ලෝකාග්‍ර බුදුහාමුදුරුවන්ගේ බණ දැන් අන්තර් ජාතික පමනක් වී ගමේ ඉංගිරිසි නොදන්නා නමුත් හොඳින් බුද්ධ ධර්මය දන්නා පින්වත් ස්වාමින්ව්හසේලාට වඩා උසස් තත්වයෙන් පෙනී සිටියි. දැනට බුදුහාමුදුර්වෝ පහලවී අවරුදු 2600 කට වඩා ගතවී ඇති බවත් වැටහුණි. උදේ තෙල් පෝලිමේ ඉඳන් බේබදු කමින් ඉහලටම ගිය තෙල් පෝලිම් ”කොන්ට්‍රෝල්” කරුවන් අතින් පොඩි හාමුදුරුවරු රාශියක් අතවශ්‍ය පෝලිමේ ත්‍රී වීල් වල ”සපෝර්ට්” කරුවන් වශයෙන් ඇවිල්ල හොඳටම බැනුම් අහගත්තේය. පස්පවූ එපා කියා කියලා දෙන අපේ හාමුදුරුවරු ත්‍රී විල් උගුල් කරුවනට හසුවී බුද්ධ ශාසනයටම නිගවෙන අන්දමින් වැඩ කටයුතු කිරීම අපරාධයක් බව වැටහුණි. සමාජයේ විවධ තැන්වලින් හාමුදුරුවන් වහන්සේලා පරාජික වෙනබව ධර්මය නිසියාකාරව නොදත් යමක් දන්නා මිනිසුන් කියති. ඒ…දේශපාලන පක්ෂ නිසා, අන්තරේ නිසා,අලුත් බණ කීමට මහන්සිවීම නිසා, සමහර තැන්වල ස්ත්‍රීන් නිසා මුන්වහන්සේලා පරාජික වේ. මේක අපේ ජාතියේ අවාසනාව බවම යැයි මට සිතුනි…

නින්දට පෙර ” තුණුරුවන් සිහිකළේය…

යලිත් නින්දට වැටුණු මට අර කුණු සිහිනයම පේන්න විය…
දිවියෙක් උඩබලාගෙන උකුස්සෙක් පස්සේ දුවමින් සිටියේය….

මෙහි තුන්වන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

2022-07-04 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress