සිහිනය ලොකු කිරීමේ මාර්ගය
Posted on July 7th, 2022

ජයන්ත හේරත්

ඍෂි

ඉන්දියානු යුවලකගේ පුතෙකි

බොරිස් ගේ එක්ස්චෙකර්ය

ඉනෆ් ඊස් ඉනෆ් කියා

ඉල්ලා අස් විය.

සජිඩ්

පකිස්තානු මාපිය දෙපලකගේ පුතෙකි

බොරිස් ගේ හෙල්ත් සෙක්රටරිය

ඉනෆ් ඊස් ඉනෆ් කියා

ඉල්ලා අස් විය.

ඉන් අනතුරුව

මැටි ඇමටි පෝලිමක්

ඉල්ලා අස්විය.

අන්තිමට 

බොරිස් උන්නැහෙට

යන්නට සිදු විය,

දැනට බාගෙට ගොසින්ය.

ආරංචි හැටියට

පක්ෂයේ නායකත්වයට

දොළොස් දෙනෙක් ඇහැ ගහ ගෙන ය

ඒ අතරේ ආසියාතිකයෝම හය දෙනෙක්ය

මරුය.

ප්රීති,

බොරිස් ගේ ෆොරින් සෙක්රටරි

බිරිතානියේ ඊළඟ අගමැටි වෙන්නටද බැරි නැත.

අපේ ප්රේමේ

උත්සහ කලේ

සජී පුතා

බිරිතානියේ

අගමැටි කරන්ටය.

බිරිතානියේ

පුද්ගලික

සල්ලි ගෙවා

ඉගෙන ගන්නට

යැව්වාට

පුතා බානක බඳින්නටවත්

ගැලපෙන්නේ නැත,

ඉගෙන ගත්තේම නැත

විදේශ විනිමය

උපයන්නට දන්නේද නැත.

ඊටත් වඩා,

ලංකාවේ

අගමැටි ධුරය

මල් වට්ටියක තියා

දුන්නත්

ගන්න ශක්තියක් තිබුනේ නැති පුතෙක්ය.

ඇමෙරිකන් ඩොලර් බිලියන 51ක

ණය දැක

හීන් දාඩිය දැම්මා 

වෙන්න ඇත.

හොරකන් කරන්නට

කොල්ල කන්නට

බැංකු සුද්ධ කරන්නට

ඒවා ගේ සල්ලි නැතිකම

හේතුවක් වුනා

වෙන්නත් පුළුවන.

කැසිනෝ යන්තරයෙන්

සල්ලි ගරන හැටි

දන්නේ දම්මි විතරය.

අසරණ මිනිස්සුන්ගේ

සාක්කු

සුද්ද

කරන ක්රමය

ඔහුගෙන්

ඉගෙන ගන්නෙත් නැත.

අවාසනාවකි.

JVP  NPP හා පෙරටුගාමින්

දන්නේ

තරුණ පරම්පරාම

නැතිබන්ගස්ථාන කිරීමය.

දේපල විනාශ කිරීම්

ගිනි තැබීම් කරමින්

රටම ආගාධයට

තල්ලු කර

බලය ලබා ගන්නටය.

මෝඩ තරුණයන්

දැන් කල යුතුව ඇත්තේ

අරගල කිරීම පසෙක ලා

ඉන්දියානු

පාකිස්තානු

බංගලියානු

සොමාලියාණු

යන පාරේ ගොස්

බිරිතානි අගමැටි,

ඇමරිකන් ජනාධිපති,

ඉන්දියන් අගමැටි, 

මුදල් ඇමටි

වෙන්නට පාර කපා ගැනීමය.

නිකරගුවාවේ

කොලම්බියාවේ

කොරියාවේ 

ආණ්ඩුවකට රිංගුවත්

වැරැද්දක් නැත.

සිහිනය

ලොකු වෙන තරමට හොඳය

අඩුගානේ

ඒ රටක නියෝජ්ය ඇමටි කෙනෙක්

වී නතර වුනත්

පාඩු නැත.

එහෙමත් නැත්නම්

ඔවුන් කල යුත්තේ

තම ශක්තිය තරමට

වගා සංග්රාමයක යෙදීමය,

ඉස්සරහට

දුර්භීක්ෂ කාලයක්

නොඑනව කියා හිතන්නට බැරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress