අරගලකරුවන්ගේ කෝපය සහ විරෝධය සාධාරණයි. එහෙත් නැවේ කපිතාන් සහ උප කපිතාන් මුහුදට දැම්මට නැව බේරෙන්නේ නැහැ- ජාතික සංවිධාන කියයි
Posted on July 10th, 2022

Lanka Lead News

July 9, 2022 9:29 pm |

This image has an empty alt attribute; its file name is wasantha-bandara-1.jpg

පැන නැගී ඇති තත්වය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසීමේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

” අරගලකරුවන්ගේ පමණක් නොව සෙසු ජනතාවගේ කෝපය සහ විරෝධය සාධාරණයි. අප සංවිධාන තුලත් ඒ විරෝධය සහ කෝපය එලෙසම තියෙනවා.එහෙත් අප මහා පින්තූරය දකිනවා.ටයිටැනික් නැව ගිලෙන්න හේතු වුනේ කපිතාන්ගේ වරද බවට විවාදයක් නැහැ. එහෙත් කපිතාන් සහ කපිතාන්ගේ ගෝලයා මුහුදට දැමීමෙන් නැව ගිලෙන එක වලකින්නේ නැහැ.ශ්‍රී ලංකාව නැමැති නැව ආර්ථික අර්බූදය තුළ ගිල්ලවන ජාත්‍යන්තර මෙහෙයුමක් තියෙනවා.

එහෙත් අප රටේ බහුතර ජනතාව ඒ බව දකින්නේ නැහැ.අපි ගිලෙන නැව ඇතුළේ කුළල් කා ගන්නවා. නැව අතහැරලා කපිතාන්ට සහ ඔහුගේ සහයකයාට මුහුදට පැනපන් කියලා බල කරනවා. ජූලි 25 වෙනිදා හැමිල්ටන් එක්ස්ප්‍රස් බැංකුවේ ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර නඩුවට අදාළ තීන්දුව අනුව අපට ජාත්‍යයන්තර මුල්‍යය වෙළෙඳ පොළේ සුනාමියකට අපට මුහුණ දීමට සිදුවෙනවා. එතකොට නැවට වෙන්නේ මොකක්ද?”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress